285. මඝව පුප්ඵිය ථේරාපදානය
20. “නර්මදා නදී තීරයෙහි සියල්ල තෙමේම අවබෝධ කළාවූ, පස්මරුන් දිනූ, යහපත්වූ, නොකැළඹුණු ඒ (සුමන) සර්වඥයන් වහන්සේ සමාධියට සමවැදුනේ විය.
21. “පහන්වූ, සොම්නස්වූ මම අපරාජිතවූ එම සර්වඥයන් වහන්සේ දැක එකල්හි එම බුදුරජුන්හට මඝම නම්වූ මල්වලින් පිදීමි.
22. “මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
23. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මඝව පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මඝවපුප්ඵියත්ථෙරස්සාපදානං පඤ්චමං.
286. උපඨාකදායක ථේරාපදානය
24. “ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, විපදෝත්තමවූ, නරශ්රේෂඨවූ, වීථියට පිවිසෙන බුදුරජුන් (දිටිමි.)
25. “(දැක) මා විසින් සර්වලෝක හිතෛශීවූ ඒ සිදුහත් බුදුරජුන්හට උපස්ථායකයෙක් දෙන ලදී.
26. “මහා මුනිවූ සර්වඥ තෙම (උපස්ථායකයා) පිළිගෙන (ආපසු මට පාවා දුනි.) ඉක්බිති එම අසුනෙන් නැගිට ප්රාචීන දිශාභිමුඛව (නැගෙනහිරට මුහුනලා) වැඩි සේක.
27. “මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි උපස්ථායකයෙක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. උවටැනෙහි මේ විපාකයයි.
28. “මින් සත් පණස්වන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති බලසේන නම් සක්විති රජෙක් වීමි.
29. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උපඨාකදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
උපට්ඨාකදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.
287. අපදානීය ථේරාපදානය
30. “මම මහර්ෂීවූ බුදුරජුන්හට තථාගතයන් වහන්සේලාගේ අපදාන පැවසීමි. පහන්වූයේ සියතින් ශ්රීපාදයන්ද හිස නමා වැන්දෙමි.
31. “මින් දෙයානූවන කපෙහි (යම්) සුගතාභිදානයක් පැවසූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. අපදාන කීර්තනයෙහි (තථාගත චරිතයන්ට පැසසීමෙහි) මේ විපාකයයි.
32. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අපදානීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අපදානියත්ථෙරස්සාපදානං සත්තමං.
288. සත්තාහ පබ්බජිත ථේරාපදානය
33. “මා විසින් විපස්සී බුදුරජුන්ගේ ශ්රාවක සංඝ තෙමේ සත්කාර හා බුහුමන් කරන ලදුයේ විය. මට ආපදාවක් පැමිණියේය. පෙර ඥාතීන් අතර භේදයක් ඇතිවිය.
34. “එම උවදුරින් සන්සිඳීම පිණිස බුදුසසුනෙන් කැමැත්තෙන් පැවිදිව සතියක් එහි ඇළුනේව විසීමි.
35. “මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් හෙයකින් මම පැවිදිවූයෙම්ද, (ඒ පැවිදිවීම කරණකොට ගෙන) දුගතියක් නොදනිමි. පැවිද්දෙහි මේ විපාකයයි.
36. “මින් සත්සැටවන කපෙහි පෘථිවීශ්වරවූ, මහත් බල ඇති සුනික්ඛම නම් නම් වූ සක්විති රජ කෙනෙක් වූහ.
37. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සත්තාහ පබ්බජිත තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සත්තාහපබ්බජිතත්ථෙරස්සාපදානං අට්ඨමං.
289. බුද්ධුපට්ඨාක ථේරාපදානය
38. “මාගේ නම වෙටම්බරිය විය. එකල්හි මාගේ පිය තෙම මාගේ අත ගෙන බුදුරජුන් වෙතට පැමිණවීය.
39. “මේ ලෝකාග්රනායකවූ බුදුවරු මට දහම් දෙසන්නාහුයයි (සිතා) මම පහන්වූයේ සියතින් උන්වහන්සේට මැනවින් උපස්ථාන කෙළෙමි.