246. පත්තදායක ථේරාපදානය
2481. “(කාය - වචී - මනො මක්ඛකාවන්ගෙන් තොර බැවින්) ඎජු ගුණ ඇති (අටලෝ දහමෙහි නොසැලෙන බැවින්) තාදී ගුණ යුත්, උතුම්වූ දමථ (සන්සිඳීම්) යෙන් යුත් සිද්ධාර්ත්ථ බුදුරජුන්හට මා විසින් පාත්ර දානයක් (පාත්රයක්) දෙන ලදී.
2482. “මින් සිව්අනූවන කපෙහි වූ එකල්හි යම් (පාත්ර) දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පාත්ර දානයාගේ මේ විපාකයයි.
2483. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පත්තදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
පත්තදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.
247. ධාතු පූජක ථේරාපදානය
2484. “ලෝකනාථවූ සිද්ධාර්ත්ථ බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි තාදී ගුණ ඇති බුදුරජුන්ගේ එක් ධාතූන් වහන්සේ නමක් මා විසින් ලබන ලදී.
2485. “සූර්ය්ය බන්ධුවූ බුදුන්ගේ ඒ ධාතූන් වහන්සේ රැගෙන නරෝත්තමයන් වහන්සේ වැඩ සිටින්නාක් මෙන් පස් වසක් පූජා විධි පැවැත්වීමි.
2486. “මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් ධාතු පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ධාතූන්ට උවටැන් කිරීමෙහි පිදීමෙහි විපාකයයි.
2487. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධාතු පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
ධාතුපූජකත්ථෙරස්සාපදානං සත්තමං.
248. සත්තලි පුප්ඵිය ථේරාපදානය
2488. “වෙස්සභූ බුදුරජුන් ලොව පහළවු කල්හි මම සත්තලි නම් මල් සතක් හිසෙහි කොට එම බුදුජුන්හට පිදීමි.
2489. “මින් එක් තිස්වන කල්පයෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.
2490. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සත්තලි පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
සත්තලිපුප්ඵපූජකත්ථෙරස්සාපදානං අට්ඨමං.
249. බිම්බි ජාලිය ථේරාපදානය
2491. “සියල්ල තෙමේම අවබෝධ කළාවූ, අග්ර පුද්ගලවූ පදුමුත්තර බුදුරජතෙම චතුස්සත්යය දේශනා කරන සේක. අමෘත පදය (නිවණ) දක්වන සේක.
2492. “එකල්හි මම රත්කරව් මල් කඩා තාදී ගුණ ඇති විපදෝත්තමවූ පදුමුත්තර බුදුරජුන්හට පිදීමි.
2493. “මින් අට සැටවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති කිඤ්ජකෙසර නම් සිව් සක්විති රජ කෙනෙක් වූහ.
2494. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බිම්බි ජාලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
බිම්බිජාලියත්ථෙරස්සාපදානං නවමං.