25. තුවරදායක වග්ග
241. තුවරදායක ථේරාපදානය
2462. “මම පෙර මහ වනයෙහි මුව වැද්දෙක් වීමි. මම බරකොට ගෙනවුත් තුවර ඇට (බැද) සංඝයාට දුනිමි.
2463. “මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. තුවර දනෙහි මේ විපාකයයි.
2464. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තුවරදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
තුවරදායකත්ථෙරස්සාපදානං පඨමං.
242. නාගකෙසරිය ථේරාපදානය
2465. “මම (මුවන් මැරීම සඳහා) දුන්න සරසාගෙන වනයට ඇතුළු වීමි. උඩට නැගුණු මල්පෙති පිපුණු කුඩා විලක් දැක
2466. “(එම මල්) දෝතින් ගෙන හිසෙහි ඇඳිලි බැඳගෙන ලෝකබන්‍ධූවූ තිස්ස බුදුරජුන්හට පිදීමි.
2467. “මින් දෙඅනූවන කපෙහි යම් බුද්ධ පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
2468. “තෙසැත්තෑවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති “කෙසර” නම් සක්විති රජකෙනෙක් වීමි.
2469. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නාගකෙසරිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
නාගකෙසරියත්ථෙරස්සාපදානං දුතියං.
243. නළිනකෙසරිය ථේරාපදානය
2470. “මම ස්වයංජාත විලක් මැද ජල කුක්කුටයෙක්ව වසමි. ඉක්බිති (එහිදී) අහසෙහි වඩින්නාවූ බුදුරජුන් දුටුවෙමි.
2471. “තුඩින් මල් ගෙන පැහැදි සිතින් ලෝක බන්ධුවූ තිස්ස බුදුරජුන්හට පිදීමි.
2472. “මින් දෙයානූවන කපෙහි යම් නෙළුඹු මල් පිදීමක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
2473. “තෙසැත්තෑවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති සතපත්ත නම් සක්විති රජෙක් වීමි.
2474. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නළිනකෙසරිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
නළිනකෙසරියත්ථෙරස්සාපදානං තතියං.
244. විරවි පුප්ඵිය ථේරාපදානය
2475. “ලෝකනායකවූ (සිද්‍ධාර්ත්‍ථ) බුදුරජාණන් වහන්සේ මග වඩින සේක. එකල්හි (මම) ශබ්ද පවත්වන කුසුම් වර්‍ගයක්වූ විරවි පුෂ්පයන්ගෙන් (එම) බුදුරජුන්හට පිදීමි.
2476. “මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.