244. විරවි පුප්ඵිය ථේරාපදානය
2475. “ලෝකනායකවූ (සිද්‍ධාර්ත්‍ථ) බුදුරජාණන් වහන්සේ මග වඩින සේක. එකල්හි (මම) ශබ්ද පවත්වන කුසුම් වර්‍ගයක්වූ විරවි පුෂ්පයන්ගෙන් (එම) බුදුරජුන්හට පිදීමි.
2476. “මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
2477. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් විරවි පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
විරවපුප්ඵියත්ථෙරස්සාපදානං චතුත්ථං.
245. කුටිධූපක ථේරාපදානය
2478. “මම සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේගේ ගඳකිළියෙහි වතාවත් කරන්නෙක් වීමි. කලින් කල පහන් සිතැත්තේ සියතින් දුම් ගැස්වීමි.
2479. “මින් සිව් අනූවන කපෙහි එකල්හිවූ යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
2480. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුටිධූපක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
කුටිධූපකත්ථෙරස්සාපදානං පඤ්චමං.
246. පත්තදායක ථේරාපදානය
2481. “(කාය - වචී - මනො මක්ඛකාවන්ගෙන් තොර බැවින්) ඎජු ගුණ ඇති (අටලෝ දහමෙහි නොසැලෙන බැවින්) තාදී ගුණ යුත්, උතුම්වූ දමථ (සන්සිඳීම්) යෙන් යුත් සිද්‍ධාර්ත්‍ථ බුදුරජුන්හට මා විසින් පාත්‍ර දානයක් (පාත්‍රයක්) දෙන ලදී.
2482. “මින් සිව්අනූවන කපෙහි වූ එකල්හි යම් (පාත්‍ර) දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පාත්‍ර දානයාගේ මේ විපාකයයි.
2483. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පත්තදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
පත්තදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.
247. ධාතු පූජක ථේරාපදානය
2484. “ලෝකනාථවූ සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි තාදී ගුණ ඇති බුදුරජුන්ගේ එක් ධාතූන් වහන්සේ නමක් මා විසින් ලබන ලදී.
2485. “සූර්‍ය්‍ය බන්ධුවූ බුදුන්ගේ ඒ ධාතූන් වහන්සේ රැගෙන නරෝත්තමයන් වහන්සේ වැඩ සිටින්නාක් මෙන් පස් වසක් පූජා විධි පැවැත්වීමි.