237. පියාලපුප්ඵිය ථේරාපදානය
“මම පෙර මහ වෙනෙහි මුව වැද්දෙක්වීමි. මම පිපුණු පියාල ගසක් දැක, බුදුරජුන් වැඩිය මගෙහි (එම මල් ගෙන) දැමීමි.
“මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පියාල පිප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පියාලපුප්ඵියත්ථෙරස්සාපදානං සත්තමං.
238. අම්බයාගදායක ථේරාපදානය
“ස්වකීය (තර්කව්යාකරණාදී) ශිල්පයෙහි දක්ෂවූයේ මම වනයට ගියෙමි. මම මග වඩින්නාවූ බුදුරජුන් දැක අඹ දනක් දුනිමි.
“මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. අඹ දනෙහි මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අම්බයාග දායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අම්බයාගදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.
239. ජගතිකාරක ථේරාපදානය
“මා විසින් අත්ථදස්සී බුදුරජුන් පිරිනිවි කල්හි එම බුදුරජුන්ගේ උතුම් සෑයෙහි පිළි දැකුම් කරණ ලදී.
“එක් දහස් අටසියවන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කරණ ලදද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. චෛත්ය ප්රතිජග්ගනයෙහි මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ජගතිකාරක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ජගතිකාරකත්ථෙරස්සාපදානං නවමං.
240. වාසිදායක ථේරාපදානය
“මම පෙර උතුම් තිවරා පුරයෙහි කඹුරෙක් වීමි. මා විසින් සියල්ල දත් පස් මරුන් දිනූ බුදුරජුන්හට එක් දැලිපිහියක් දුනිමි.
“මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් දැලි පිහියා දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. දැලි පිහියා දනෙහි මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වාසිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
වාසිදායකත්ථෙරස්සාපදානං දසමං.
උද්දානය:
උදකාසන ද, භාජන ද, සාලපූපිය ද, කිලඤ්ජක ද, වෙදිකා ද, වණ්ණකාර ද, පියාල ද, අම්බයාග ද, ජගතී ද, වාසිදායක ද (යන මොහුයි). ගාථාවෝ තිස් අටකි.
උදකාසනවග්ගො චතුවීසතිමො.
25. තුවරදායක වග්ග
241. තුවරදායක ථේරාපදානය
2462. “මම පෙර මහ වනයෙහි මුව වැද්දෙක් වීමි. මම බරකොට ගෙනවුත් තුවර ඇට (බැද) සංඝයාට දුනිමි.
2463. “මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. තුවර දනෙහි මේ විපාකයයි.
2464. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තුවරදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
තුවරදායකත්ථෙරස්සාපදානං පඨමං.