233. සාලපූපිය ථේරාපදානය
“මම අරුණවතී නගරයෙහි පූප (කැවිලි වර්‍ග) සාදන්නෙක්වීමි. (එකල්හි) මාගේ ගෙදොරින් වඩිනා සිඛී බුදුරජුන් දිටිමි.
“මම බුදුරජුන්ගේ පාත්‍රය ගෙන මනාසේ වඩින එම බුදුරජාණන් වහන්සේට පැහැදි සිතින් හල්පූ දුනිමි.
“මින් තිස්එක්වන කපෙහි මම යම් ඛාද්‍යයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. හල්පූ දානයෙහි මේ විපාකයයි.
“මින් තුදුස්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති “අමිතඤ්ජල” නම් සක්විති රජෙක් වීමි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සාලපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සාලපුප්ඵියත්ථෙරස්සාපදානං තතියං.
234. කිලඤ්ජදායක ථේරාපදානය
“(ප්‍රාකාරත්‍රයකින් වටකළ බැවින්) තිවරා නම්වූ රම්‍ය නගරයෙහි මම එකල්හි නළකරුවෙක් (කුළුපොත්තෙක්) වීමි. සිද්‍ධාර්ත්‍ථ බුදුරජුන් කෙරෙහි පැහැදුනු ජන සමූහයෝ එහි වූහ.
“ලෝකනාථයන් වහන්සේට පිදීම සඳහා කළාලයක් සොයයි. මම ඒ බුද්‍ධ පූජාව කරනවුනට කළාලයක් දුනිමි.
“මින් සිවු අනූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. කළාල දානයාගේ මේ විපාකයයි.
“සත් සැත්තෑවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති “ජුතින්‍ධර” නම් සක්විති රජෙක් වීමි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කිලඤ්ජදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කිලඤ්ජදායකත්ථෙරස්සාපදානං චතුත්ථං.
235. වෙදිකාරක ථේරාපදානය
“විපස්සී බුදුරජුන්ගේ උතුම් බෝරුකට මම පහන් සිත් ඇත්තේ සොම්නස්වූයේ වේදිකාවක් කෙළෙමි.
“මම මින් එක් අනූවන කපෙහි වේදිකාවක් කරවූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. වේදිකා දානයාගේ මේ විපාකයයි.
“මින් එකොලොස්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති “සුරියස්සම” නම් සක්විති රජෙක් වීමි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වෙදිකාරක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
වෙදිකාරකත්ථෙරස්සාපදානං පඤ්චමං.
236. වණ්ණකාර ථේරාපදානය
“මම එකල්හි අරුණවතී නගරයෙහි වර්‍ණකාරයෙක් (රෙදි සායම් කරන්නෙක්) වෙමි. මම චෛත්‍යයෙහි වස්ත්‍ර නා නා වර්‍ණකොට පෙවීමි.
“මින් තිස්එක්වන කපෙහි වූ එකල්හි යම් වර්‍ණයක් (පින් පිණිස) පෙවූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. වර්ණ දානයෙහි මේ විපාකයයි.