228. මිඤ්ජවටංසකිය ථේරාපදානය.
2411. කථාකරන්නවුන් අතුරෙන් උතුම්වූ සිඛී බුදුරජුන් පිරිනිවි කල්හි හිසෙහි පළඳින මාලාවන්ගෙන් ගැවසීගත් බෝධි පූජාවක් කෙළෙමි.
2412. මින් එක් තිස්වන කපෙහි වූ එකල්හි යම් පුෂ්ප දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
2413. මින් සත්තිස්වන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති “මෙගබ්භ” නම් වූ සක්විති රජෙක් වීමි.
2414. සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මිඤ්ජ වටං සකිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මිඤ්ජවටංසකියත්ථෙරස්සාපදානං අට්ඨමං.
229. සුකතාවෙලිය ථේරාපදානය.
2415. එකල්හි මම අසිත නම් මල්කරුවෙක් වීමි. හිසෙහි පලඳින මාලාවක් රජුට දීම සඳහා ගෙනයමි.
2416. රජු වෙත පැමිණීමට පෙර බුදුරජාණන් වහන්සේ දුටිමි. සතුටුවූයේ, සතුටු සිතින් (එය) බුදුරජුන්හට පිදීමි.
2417. මින් එක්තිස්වන කපෙහි යම් පුෂප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
2418. මින් පස්විසිවන කපෙහි, මහත් බල ඇති වෙහාර නම් සක්විති රජෙක් වීමි.
2419. සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුකතා වෙලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සුකතාවෙළියත්ථෙරස්සාපදානං නවමං.
230. එකවන්දිය ථේරාපදානය.
2420. ශ්‍රේෂ්ඨවූ, උතුම්වූ, පස්මරුන් ජයගත් වෙස්සභූ බුදුන්හට මම පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ වැන්දෙමි.
2421. මින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. වන්‍දනාවෙහි මේ විපාකයයි.
2422. සූවිසිවන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති විගතාවන්‍ද නම් සක්විති රජෙක් වීමි.
2423. සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එක වන්‍දිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
එකවන්දනියත්ථෙරස්සාපදානං දසමං.
උද්දානං:
ආලම්බන ද, අජින ද, මංසදා ද, රක්ඛදායක ද, අව්‍යාධි ද, අංකෝල ද, සොණ්ණ ද, මිඤ්ජ ද, ආවෙල ද, වන්දන ද (යන මේ ථෙරවරුයි). අර්ථදර්ශීන් විසින් ගණන් බලන කල ගාථා පනස්පහකි.
ආලම්බණදායකවග්ගො තෙවීසතිමො.
24. උදකාසන වග්ග
231. උදකාසනදායක ථේරාපදානය
“මම අරම් දොරින් නික්ම උත්තමාර්ත්‍ථයවූ නිවණට පැමිණීම පිණිස (වැඩහිඳීමට) පුවරුවක් ඇතිරීමි. පැන්ද එලවා තැබීමි.
“මින් තිස් එක්වන කපෙහි වූ එකල්හි මා විසින් යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. අසුන හා දිය එලවා තැබීමෙහි මේ විපාකයයි.
“මින් පහළොස්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති “අභිසාම” නම් සකිවිති රජෙක් වීමි.