226. අඞ්කොලපුප්ඵිය ථේරාපදානය
2401. නාරද යනු මගේ නමයි. මට කාශ්යපයයිද කියති. ශ්රමණයනට අග්රවූ, දෙවියන් විසින් සත්කාර කරණ ලද විපස්සී බුදුරජුන් දිටිමි.
2402. අනුව්යඤ්ජනයන් දරන්නාවූ, ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ බුදුරජුන්හට මම රුකඟුණ මල් ගෙන පිදීමි.
2403. මින් එක්අනූවන කපෙහි යම් මලක් පිදූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
2404. මින් සූසැත්තෑවන කපෙහි ස්වර්ණ සිවිකා ආදී යානයන්ද, මහාමාත්ය සේවකාදී බලයන්ද, හස්ති අශ්ව රථ සංඛ්යාත වාහනයන්ද යන මොවුන්ගෙන් යුක්තවූයේ පැළඳි මාලාභරණ ඇත්තේ “රොමිස” නම් රජෙක් වීමි.
2405. සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඞ්කොල පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අඞ්කොලපුප්ඵියත්ථෙරස්සාපදානං ඡට්ඨං.
227. සොවණ්ණවටංසකිය ථේරාපදානය
2406. උද්යාන භූමියට නික්ම යන්නේ ලෝකනායකවූ සිඛී බුදුරජුන් දිටිමි. මැනවින් කොට නිමවන ලද ස්වර්ණ වර්ණවූ හිසේ පළඳන මාලාවක් ගෙන,
2407. ඇතුපිට සිටි මම වහා ඉන් බැස ලෝක බන්ධූවූ සිඛී බුදුරජුන්හට එම මාලාව පිදීමි.
2408. මින් එක් තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
2409. මින් සත්විසිවන කපෙහි ජනාධිපතිවූ, මහත් බල ඇති මහාපතාප නම් වූ සක්විති රජෙක් වීමි.
2410. සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සොවණ්ණවටංසකිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සොවණ්ණවටංසකියත්ථෙරස්සාපදානං සත්තමං.
228. මිඤ්ජවටංසකිය ථේරාපදානය.
2411. කථාකරන්නවුන් අතුරෙන් උතුම්වූ සිඛී බුදුරජුන් පිරිනිවි කල්හි හිසෙහි පළඳින මාලාවන්ගෙන් ගැවසීගත් බෝධි පූජාවක් කෙළෙමි.
2412. මින් එක් තිස්වන කපෙහි වූ එකල්හි යම් පුෂ්ප දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
2413. මින් සත්තිස්වන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති “මෙගබ්භ” නම් වූ සක්විති රජෙක් වීමි.
2414. සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මිඤ්ජ වටං සකිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මිඤ්ජවටංසකියත්ථෙරස්සාපදානං අට්ඨමං.
229. සුකතාවෙලිය ථේරාපදානය.
2415. එකල්හි මම අසිත නම් මල්කරුවෙක් වීමි. හිසෙහි පලඳින මාලාවක් රජුට දීම සඳහා ගෙනයමි.
2416. රජු වෙත පැමිණීමට පෙර බුදුරජාණන් වහන්සේ දුටිමි. සතුටුවූයේ, සතුටු සිතින් (එය) බුදුරජුන්හට පිදීමි.
2417. මින් එක්තිස්වන කපෙහි යම් පුෂප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.