202. මිනෙලපුප්ඵිය ථේරාපදානය
2275. “හිරු මෙන් ප්රතාපවත්වූ, ස්වර්ණ වර්ණවූ භාග්යවත්වූ, මෙත් සිත් ඇති සිඛී බුදුරජතෙම සක්මණට නැගුනේමය.
2276. “පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, ශ්රේෂ්ඨ ඥාන ඇති බුදුරජුන්හට වැඳ මිනෙල පුෂ්පයන් ගෙන (එම) බුදුරජුන්හට පිදීමි.
2277. “මින් එක්තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
2278. “එකුන් තිස්වන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති “සුමෙධයස” යයි ප්රකටවූ සක්විති රජෙක් වීමි.
2279. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මිනෙලපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මිනෙලපුප්ඵියත්ථෙරස්සාපදානං දුතියං.
203. කිඞ්කිණිකපුප්ඵිය ථේරාපදානය
2280. “රන් ඇගෑවක් මෙන් බබළන සර්වඥවූ ලෝකනායක බුදුරජතෙමේ සිසිල් දිය සහිත විලකට බැස ජල ස්නානනය කළ සේක.
2281. “මම කිකිණි මල් ගෙන ඔදවැඩි සිත් ඇත්තේ සොම්නස්වූයේ, විපදෝත්තමවූ, තාදී ගුණ ඇති විපස්සී බුදුරජුන්හට පිදීමි.
2282. “මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
2283. “සත්විසිවන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති භීමරථ නම් සක්විති රජෙක් වීමි.
2284. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කිඞ්කිණිපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කිඞ්කණිපුප්ඵියත්ථෙරස්සාපදානං තතියං.
204. තරණිය ථේරාපදානය
2285. “වීපදෝත්තමවූ, නරශ්රේෂ්ඨවූ භාග්යවත් අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ ශ්රාවකයන් විසින් පිරිවරන ලදුයේ ගංතෙරට එළඹිසේක
2286. “(මම) සමව මුවවිට දක්වා පිරුණු, කපුටුවනට පවා ඉවුරෙහි සිට පැන් පානය කළහැකිසේ දියෙන් පිරීගිය එම ගඟින් තරණයකොට එතරට යාම දුෂ්කරවූ වීපදෝත්තමවූ බුදුරජුන්ද, භික්ෂු සංයාද එතර කරවීමි.
2287. “එක්දහස් අටසියවන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (ගඟින්) තරණය කරවීමෙහි මේ විපාකයයි.
2288. “මින් එක් දහස් තෙසියවෙනි කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති “සම්භාගව” නම් පස් සක්විති රජකෙනෙක් වූහ.