18. රට්ඨපාල ථේරාපදානය
97. “ලෝක ජ්යෙෂ්ඨවූ, තාදී ගුණ ඇති පදුමුත්තර බුදුරජාණන් වහන්සේට (නගුළිස් පමණවූ) විශාල දළ ඇති, රාජාරහ (රජුට සුදුසුවූ) ඇත් කඳෙහි ඔසවන ලද ශ්වෙතච්ඡත්ර යෙන් ශෝභමානවූ, හස්ත්යාලංකාර සහිතවූ, ඇත්ගොව්වෙකු සහිතවූ, උතුම් හස්තියෙක් තෙම මා විසින් දෙන ලදී.
ඒ සියල්ල අගය කරවා (විකුණා) සංඝාරාමයක් කරවීමි.
99. “මම සූපණස් දහසක් ප්රාසාදයන්ද, කරවීමි. මහ දනක් (පිළියෙලකොට) මහර්ෂීවූ බුදුරජාණන් වහන්සේට පිළිගැන්වීමි.
100. “මහාවීරවූ, සියල්ල තෙමේම දැන වදාළාවූ, අග්ර පුද්ගලවූ, බුදුරජාණන් වහන්සේ සියලු ජනයන් සතුටු කරවමින් අමෘතපදය (නිර්වාණ ධර්මය) දෙසු සේක.
101. “පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ මාගේ ඒ පින්කම (ගැන මෙසේ) පැවසූ සේක. භික්ෂු සංඝයා මැද හිඳ මෙම ගාථාවන් දේශනා කළ සේක.
102. “මෙතෙම සිව් පණස් දහසක් ප්රාසාදයන් කරවීය. (එහි) විපාකය කියන්නෙමි. (එසේ) කියන්නාවූ මාගේ වචනය අසව්.
103. “අටළොස් දහසක් කූටාගාරයෝ වන්නාහුය. උතුම් විමණෙහි පහළවූ ඒ (කූටාගාරයෝ) ස්වර්ණමයහ.
104. “ශක්ර දේවේන්ද්රව පණස්වරක් දිව්ය රාජ්යය කරන්නේය. අට පණස් වරක් සක්විති රජ වන්නේය.
105. “මින් කල්ප ලක්ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ ගෝත්රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන්නේය.
106. “කුශල මුලයෙන් මෙහෙයන ලදුයේ, දෙව්ලොවින් චුතව, එකෙණෙහි ආඪ්යවූ, මහත් භෝග ඇති කුලයක උපදින්නේය.
107. “කුශල මුලයෙන් මෙහෙයන ලදුයේ, හෙතෙම පසුව පැවිදිව නම්න් රට්ඨපාලයයි ප්රසිද්ධ බුද්ධ ශ්රාවකයෙක් වන්නේය.
108. “වීර්ය්යයෙහි යොදන ලද සිත් ඇත්තේ, උපශාන්තවූ, උපධි රහිතවූ හෙතෙම සියලු ආශ්රවයන් ප්රහාණ පරිඥා වශයෙන් දැන දුරුකොට ආශ්රව රහිතව පිරිනිවන් පාන්නේයයි වදාළ සේක.
109. “උත්ථාන වීර්ය්යයෙන් නැගිට අභිනිෂ්ක්රමණයකොට, කෙළ පිඩු මෙන් භෝග සම්පත් තොමෝ හරනා ලද්දී මාගේ (ඒ) භෝග සම්පත්තියෙහි ඇලීමක් නැත.
110. “යෝගක්ෂෙම නම් නිවණට පමුණුවන ධුර වාහකයා (ගැල්බර උසුලන ගවයා) මාගේ වීර්ය්යයයි. (මම මේ) සර්වඥ සාසනයෙහි අන්තිම ශරීරය දරමි.
111. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
රට්ඨපාලත්ථෙරස්සාපදානං අට්ඨමං.
19. සොපාක ථේරාපදානය
112. “වනයෙහි උතුම් පර්වතයෙක්හි (වූ) පර්වත ගුහාවක් පිරිසිදු කරන්නාවූ මා වෙත සිද්ධාර්ථ නම් භාග්යවතුන් වහන්සේ පැමිණි සේක.
113. “මම එළඹ සිටියාවූ බුදුරජාණන් වහන්සේ දැක, තාදී ගුණ ඇති, ලෝකජ්යෙෂ්ඨවූ ශාස්තෲන් වහන්සේට ඇතිරියක් අතුරා පුෂ්පාසනයක් (මලසුනක්) දුනිමි.
114. “සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ පුෂපාසනයෙහි වැඩහිඳ මාගේ මතු උත්පත්ති ස්ථානයද දැන අනිත්යභාවය වදාළ සේක.
115. “ඒකාන්තයෙන් සංස්කාරයෝ අනිත්යයහ. ඉපදීම හා විනාශය ස්වභාවය කොට ඇත්තාහ. ඉපදී නැතිවෙත්. ඔවුන්ගේ සන්සිඳිම සැපයයි.
116. “ලෝකජ්යෙෂ්ඨවූ, නරශ්රේෂ්ඨවූ, ප්රාඥවූ සර්වඥයන් වහන්සේ මෙය වදාරා අහසෙහි (යන) හංස රාජයෙකු මෙන් අහසට පැන නැංගේය.
117. “මම ස්වකීය ලබ්ධිය හැර අනිත්ය සංඥාව වැඩීම එක් දිනක් භාවනාකොට මම එහි කළුරිය කෙළෙමි.
118. “කුශල මූලයන් මෙහෙයන ලදුයේ (දිව්ය - මනුෂ්ය සංඛ්යාත) විවිධ සම්පත් අනුභවකොට අන්තිම භවය පැමිණි කල්හි (ස්වකීය බත අනුන් අනුභව නොකරණ බැවින් සපාක නම්වූ) සැඩොල් කුලයට උත්පත්ති වශයෙන් එළඹුනිමි.
119. “අගාර නම් ගිහිගෙන් නික්ම අනගාර්ය නම් සාසනයෙහි පැවිදිවීමි. උත්පත්තියෙන් සත් වස්වූ මම රහත් බවට පැමිණියෙමි.
120. “අරඹූ වීර්ය්ය ඇති (නිවණ කෙරෙහි) මෙහෙයන ලද සිත් ඇත්තේ, ශීලයන්හි මැනවින් හික්මුනේ, බුදුරජාණන් වහන්සේ සතුටුකොට උපසම්පදාව ලැබීමි.
121. “මෙයින් සිව්අනූවන කපෙහි (වූ) එම කාලයෙහි යම් කර්මයක් කෙළෙම්ද, (ඉන්) දුගතියක් නොදනිමි. මෙය පුෂ්පදානයාගේ විපාකයයි.
122. “මෙයින් සිව්අනූවන කපෙහි (වූ) එම කාලයෙහි යම් අනිත්ය සංඥාවක් වැඩූයෙම් නම් එම සංඥාව වඩන්නාවු මාගේ ආශ්රව ක්ෂයවිය.
123. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සෝපාක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සොපාකත්ථෙරස්සාපදානං නවමං.
20. සුමඞ්ගල ථේරාපදානය
124. “යාගයක් කරණු කැමති (දානයක් දෙනු කැමති) මම බොජුන් පිළිලෙ කරවා (ප්රතිග්රාහකවූ ශුද්ධ පැවිදි) බමුණෙක් සොයමින් විශාල මාලයක සිටියෙමි.
126. “ඉක්බිති මහත් යසස් ඇති, සියලු ලෝකයා (නිවණට) පමුණුවන්නාවූ, තෙමේම සියල්ල අවබෝධ කළාවූ, අග්රපුද්ගලවූ, පියදස්සී බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
භාග්යවත්වු, ප්රතිභා සම්පන්නවූ, ශ්රාවකයන් විසින් පිරිවරණ ලද, සුර්ය්යයා මෙන් බබළන ලද, වීථියට පිළිපන් (උන්වහන්සේ දුටුවෙමි).