19. සොපාක ථේරාපදානය
112. “වනයෙහි උතුම් පර්වතයෙක්හි (වූ) පර්වත ගුහාවක් පිරිසිදු කරන්නාවූ මා වෙත සිද්ධාර්ථ නම් භාග්යවතුන් වහන්සේ පැමිණි සේක.
113. “මම එළඹ සිටියාවූ බුදුරජාණන් වහන්සේ දැක, තාදී ගුණ ඇති, ලෝකජ්යෙෂ්ඨවූ ශාස්තෲන් වහන්සේට ඇතිරියක් අතුරා පුෂ්පාසනයක් (මලසුනක්) දුනිමි.
114. “සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ පුෂපාසනයෙහි වැඩහිඳ මාගේ මතු උත්පත්ති ස්ථානයද දැන අනිත්යභාවය වදාළ සේක.
115. “ඒකාන්තයෙන් සංස්කාරයෝ අනිත්යයහ. ඉපදීම හා විනාශය ස්වභාවය කොට ඇත්තාහ. ඉපදී නැතිවෙත්. ඔවුන්ගේ සන්සිඳිම සැපයයි.
116. “ලෝකජ්යෙෂ්ඨවූ, නරශ්රේෂ්ඨවූ, ප්රාඥවූ සර්වඥයන් වහන්සේ මෙය වදාරා අහසෙහි (යන) හංස රාජයෙකු මෙන් අහසට පැන නැංගේය.
117. “මම ස්වකීය ලබ්ධිය හැර අනිත්ය සංඥාව වැඩීම එක් දිනක් භාවනාකොට මම එහි කළුරිය කෙළෙමි.
118. “කුශල මූලයන් මෙහෙයන ලදුයේ (දිව්ය - මනුෂ්ය සංඛ්යාත) විවිධ සම්පත් අනුභවකොට අන්තිම භවය පැමිණි කල්හි (ස්වකීය බත අනුන් අනුභව නොකරණ බැවින් සපාක නම්වූ) සැඩොල් කුලයට උත්පත්ති වශයෙන් එළඹුනිමි.
119. “අගාර නම් ගිහිගෙන් නික්ම අනගාර්ය නම් සාසනයෙහි පැවිදිවීමි. උත්පත්තියෙන් සත් වස්වූ මම රහත් බවට පැමිණියෙමි.
120. “අරඹූ වීර්ය්ය ඇති (නිවණ කෙරෙහි) මෙහෙයන ලද සිත් ඇත්තේ, ශීලයන්හි මැනවින් හික්මුනේ, බුදුරජාණන් වහන්සේ සතුටුකොට උපසම්පදාව ලැබීමි.
121. “මෙයින් සිව්අනූවන කපෙහි (වූ) එම කාලයෙහි යම් කර්මයක් කෙළෙම්ද, (ඉන්) දුගතියක් නොදනිමි. මෙය පුෂ්පදානයාගේ විපාකයයි.
122. “මෙයින් සිව්අනූවන කපෙහි (වූ) එම කාලයෙහි යම් අනිත්ය සංඥාවක් වැඩූයෙම් නම් එම සංඥාව වඩන්නාවු මාගේ ආශ්රව ක්ෂයවිය.
123. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සෝපාක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සොපාකත්ථෙරස්සාපදානං නවමං.
20. සුමඞ්ගල ථේරාපදානය
124. “යාගයක් කරණු කැමති (දානයක් දෙනු කැමති) මම බොජුන් පිළිලෙ කරවා (ප්රතිග්රාහකවූ ශුද්ධ පැවිදි) බමුණෙක් සොයමින් විශාල මාලයක සිටියෙමි.
126. “ඉක්බිති මහත් යසස් ඇති, සියලු ලෝකයා (නිවණට) පමුණුවන්නාවූ, තෙමේම සියල්ල අවබෝධ කළාවූ, අග්රපුද්ගලවූ, පියදස්සී බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
භාග්යවත්වු, ප්රතිභා සම්පන්නවූ, ශ්රාවකයන් විසින් පිරිවරණ ලද, සුර්ය්යයා මෙන් බබළන ලද, වීථියට පිළිපන් (උන්වහන්සේ දුටුවෙමි).
127. “ඇඳිලි බැඳ, ස්වකීය චිත්තය පැහැදවීම නිසා මහා මුනිවූ බුදුරජාණන් වහන්සේ (මාගේ නිවසට) වඩින සේක්වායි සිතින් ආරාධනා කෙළෙමි.
128. “ලෝකයෙහි අනුත්තරවූ ශාස්තෲන් වහන්සේ මාගේ අදහස් දැන රහතුන් දහසක් සමග මාගේ ගෙදොරට පැමිණි සේක.
129. “පුරුෂ ශ්රේෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. පුරුෂොත්තමයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. ඔබ පහයට නැගී, සිහසුනෙහි වැඩ හිඳින සේක්වා.
130. “දමිතවූයේ දමිතවූ පිරිවර (සසරින්) එතෙර කරවුයේ, එතෙර කරන්නවුන් අතුරෙන් උතුම්වූ බුදුරජාණෝ පහයට නැගී, උතුම් අසුනෙහි වැඩහුන් සේක.
131. “ස්වකීය ගෘහයෙහි මට සම්පාදනය කරණ ලද යම් ආහාරයක් වීද, පහන් සිත් ඇති මම සියතින්ම බුදුරජාණන් වහන්සේට එම ආහාර (දානය) දුනිමි.
132. “පහන් සිත් ඇත්තේ, සතුටුවූයේ, හටගත් සොම්නස් ඇත්තේ, කරණ ලද ඇඳිලි ඇත්තේ බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේට නමස්කාර කරන්නෙමි. බුදුරජාණන් වහන්සේගේ උදාර බව ආශ්චර්ය්යයි.
133. “(එහි) වළඳන්නාවූ පයිරුපාසනය කරණ අෂ්ට ආර්ය්ය පුද්ගලයන් අතුරෙන් රහත්හුම බොහෝ වූහ. මෙය ඔබ වහන්සේගේම ආනුභාවයයි. මම (ඔබ වහන්සේ) සරණකොට යමි.
134. “ලෝක ජ්යෙෂ්ඨවූ, නර ශ්රේෂ්ඨවූ පියදස්සී භාග්යවතුන් වහන්සේ භික්ෂු සංඝයා මැද හිඳ මෙම ගාථාවන් වදාළ සේක.
135. “ඎජු ප්රතිපන්න, තාදී ගුණ යත්, සන්සුන් සංඝයාද, තථාගතවූ බුදුරජාණන් වහන්සේද, ඒ යමෙක් වැළඳවීද, (ඔහු පිළිබඳව) කියන්නාවූ මාගේ වචනය අසව්.
136. “හෙතෙම සත් විසි වරක් දිව්ය රාජ්යය කරන්නේයි. පටන්ගත් ස්වකීය කටයුතු ඇති හෙතෙම දිව්ය ලෝකයෙහි සිත් අලවා වෙසෙයි.
137. “හෙතෙම අටළොස් වරක් සක්විති රජ වන්නේය. පන්සිය වරක් පෘථිවියෙහි රාජ්යය ගෙන පොළවෙහි වාසය කරන්නේය.”
138. “ව්යාඝ්රයන් විසින් සෙව්නා ලද, මහා වනයට පිවිස, වීර්ය්යකොට මා විසින් කෙළෙස් දවන ලදී.
139. “එක්සිය අටළොස්වන කපෙහි (වූ) එකල්හි යම් ආහාර දානයක් දුනිම්ද (එබැවින්) අගතියක් නොදනිමි. ආහාර දානයාගේ මේ විපාකයයි.
140. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමඞ්ගල තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සුමඞ්ගලත්ථෙරස්සාපදානං දසමං.
උද්දානං:
සීහාසනී, එකථම්භී, නන්ද, චුල්ලපන්ථක, පිළින්ද, රාහුල, වඞ්ගන්ත (උපසේන), රට්ඨපාල, සොපාක, සුමඞ්ගල යන මේ දස දෙනා දෙවැනි වර්ගයෙහි වෙති. මෙහි ගාථා එකසිය තිස් අටක් ප්රකාශිතය.
සීහාසනියවග්ගො දුතියො.