183. කොටුම්බරිය ථේරාපදානය
2163. “පර්වතයන් අතුරෙන් (පිපුනු) කිණිහිරි රුකක් මෙන් බබලන වැඩහුන්නාහු, පමණ කළ නොහැකි (ජලය ඇති) සයුර මෙන් (අපමණ ගුණ ඇති), පැතුරුණාවූ පොළොව මෙන් (ගුණ ඇති),
2164. “අති ශ්රේෂ්ඨ ආජානීයයකු මෙන් නිශ්චල, දිව්ය සමූහයා විසින් පිරිවරන ලද (සිඛී බුදුරජුන්) දිටිමි. (දැක) සතුටුවූයේ සතුටු සිතින් නරෝත්තමවූ උන් වහන්සේ වෙත එළඹියෙමි.
2165. “කොටුම්බර නම් වස්ත්ර වර්ගයෙහි ගැවසී තිබුනු මල් සතක් ලෝක බන්ධුවූ සිඛී බුදුරජාණන් වහන්සේට පූජා කෙළෙමි.
2166. “මින් එක්තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
2167. “මින් විසිවන කපෙහි මහත් බල ඇති මහානෙල නම් මහා තේජස් ඇති එක් සක්විති රජෙක් වීමි.
2168. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කොටුම්බරිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කොටුම්බරියත්ථෙරස්සාපදානං තතියං.
184. පඤ්චහත්ථිය ථේරාපදානය
2169. “ලොවට දෙටු, නරශ්රේෂ්ඨවූ, භාග්යවත්වූ තිස්ස නම් බුදුවරයෙක් වූහ. (උන්වහන්සේ) සව්වන් විසින් පිරිවරන ලදුයේ වීථියට පිළිපන් සේක.
2170. “මා විසින් උපුල් මල් මිටි පසක්ද, සතරක්ද හෙවත් උපුල් මිටි නවයක් තබන ලදී. මම (ඒවා) ව්රත සිද්ධිය සඳහා බුදුරජුන්ට දෙනු කැමැත්තේ (තුබූ තැනින්) ගතිමි.
2171. “ඇතුළු වීථියෙහි ගමන් කරන්නාවූ ස්වර්ණ වර්ණවූ බුදුරජුන් දිටිමි. (මම) බුදු රැසින් මැනවින් පසස්නා ලද්දේ වෙමි. විපදෝත්තමවූ බුදුරජුන්හට පිදීමි.
2172. “මින් දෙඅනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
2173. “මින් තෙළෙස්වන කපෙහි සත්රුවනින් යුත් මහ බල ඇති උසභ නම්වූ පස් සක්විති රජෙක් වූහ.
2174. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පඤ්චහත්ථිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පඤ්චහත්ථියත්ථෙරස්සාපදානං චතුත්ථං.
185. ඉසිමුග්ගදායක ථේරාපදානය
2175. “උදාවන්නාවූ සූර්ය්යයා මෙන්ද, (උදාවූ) අතිශයින් දීප්ති රැස් ඇති හිරු මෙන්ද, පුණු රැසි සඳු මෙන්ද, මල් ගෙඩි දම්වැලින් හොබනා කුඹුක් ගසක් මෙන්ද බබළන්නාවූ (පදුමුත්තර) බුදුරජුන් දිටිමි.
2176. “ඎෂි මුද්ග (ඎෂීන් පරිභෝග කරණ මුං) අඹරා මැස්සන් නැති ඛුද්දක මධු (කණමී) ද (ගෙන) පහයෙහි සිටියේම ලෝක බන්ධුවූ බුදුරජුන්හට දුනිමි.
2177. “(එහි) අට ලක්ෂයක් බුද්ධ ශ්රාවකයෝ වූහ. (ඒ මුං හා මී) හැමදෙනා වහන්සේට පාත්ර පුරවා එයිනුදු ඉතා වැඩි තරම් විය.
2178. “කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ, එම චිත්ත ප්රසාදය කරණකොටගෙන කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි (මම) දුගතියක නොඉපදුනෙමි.
2179. “සතළිස් දහස්වන කපෙහි මහත් බල ඇති ඉසිමුග්ග නම්වූ ඒ අටතිස් සක්විති රජකෙනෙක් වූහ.
2180. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඉසිමුග්ගදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ඉසිමුග්ගදායකත්ථෙරස්සාපදානං පඤ්චමං.
186. බොධි උපට්ඨාක ථේරාපදානය
2181. “(මම) අමරවතී නගරයෙහි මිහිඟු බෙර වයන්නෙක් වීමි. මම උතුම් බෝධිය වෙතට ගියේ නිතර උවටැනෙහි යෙදුනේ වෙමි.
2182. “උදය සවස එළඹ (උවටැන්කොට) එම කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ එක්දහස් අටසිය කපක් මම දුගතියකට නොපැමිණියෙමි.
2183. “මින් එක් දහස් පන්සිය කපෙහි ජනාධිපතිවූ මහත් බල ඇති මුරජ නම් සක්විති රජෙක් වීමි.
2184. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බොධි උපට්ඨාක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
බොධිඋපට්ඨාකත්ථෙරස්සාපදානං ඡට්ඨං.
187. එකචින්තික ථේරාපදානය
2185. “යම් කලෙක්හි ආයු පිරිහී යෑමෙන් දෙව්ලොවින් චුතවූයේද, එකල්හි අනුමෝදනය කරන්නාවූ දෙවියන්ගේ ත්රිවිධ ශබ්ද කෙනෙක් පිටව යෙත්.
2186. “පින්වත, මින් චුතව මනුෂ්යයන්ගේ සහභාවයවූ සුගතියට එනු මැනව. මිනිස්වූයේ සසුනෙහි උතුම් වූ ශ්රද්ධාව ලබව.