19. කුටජපුප්ඵිය වග්ග
181. කුටජපුප්ඵිය ථේරාපදානය
2152. “උදාවූ හිරුමෙන් අහසෙහි වඩින්නාවූ, දිශාවිලෝකනය කරන්නාවූ, ස්වර්ණ වර්ණවූ බුදුරජාණන් වහන්සේ (දුටිමි.)
2153. “දිගු පුළුල්ලෙහි පැතිරීගිය පිපුණු කෙලින්ද ගසක් දැක (ඒ මල්) ගසින් නෙලා ඵුස්ස බුදුරජාණන් වහන්සේට පිදීමි.
2154. “මින් දෙඅනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
2155. “මින් සතළොස්වන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති පුප්ඵික නම් තුන් සක්විති රජ කෙනෙක් වූහ.
2156. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුටජපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කුටජපුප්ඵියත්ථෙරස්සාපදානං පඨමං.
182. බන්ධුජීවක ථේරාපදානය
2157. “සියල්ල තෙමේම අවබෝධ කළාවූ, සත් පුරුෂයන් විසින් වර්ණනා කරණ ලද සිද්ධාර්ත්ථ නම් ඒ බුදුරජ තෙමෙ සමාධියට සමවැදුනේ පර්වත කූටයෙහි වැඩ හුන් සේක.
2158. “ස්වයංජාත විලෙක්හි ජලයෙහි හටගත්තාවූ උතුම් මල් සොයන්නේ (ඒවා නොදැක) ඉක්බිතිව
2159. “(එම මල්) දෝතින් ගෙන මහාමුනිවූ බුදුරජුන් වෙත එළඹියෙමි. පහන් සිත් ඇත්තේ සොම්නස්වූයේ සිද්ධාර්ත්ථ බුදුරජුන්ට එය පිදීමි.
2160. “මින් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.
2161. “මින් තුදුස්වන කපෙහි ජනාධිපතිවූ සමුද්දකප්ප නම් මහත් බල ඇති එක් සක්විති රජකෙනෙක් වීමි.
2162. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බන්ධුජීවක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
බන්ධුජීවකත්ථෙරස්සාපදානං දුතියං.
183. කොටුම්බරිය ථේරාපදානය
2163. “පර්වතයන් අතුරෙන් (පිපුනු) කිණිහිරි රුකක් මෙන් බබලන වැඩහුන්නාහු, පමණ කළ නොහැකි (ජලය ඇති) සයුර මෙන් (අපමණ ගුණ ඇති), පැතුරුණාවූ පොළොව මෙන් (ගුණ ඇති),
2164. “අති ශ්රේෂ්ඨ ආජානීයයකු මෙන් නිශ්චල, දිව්ය සමූහයා විසින් පිරිවරන ලද (සිඛී බුදුරජුන්) දිටිමි. (දැක) සතුටුවූයේ සතුටු සිතින් නරෝත්තමවූ උන් වහන්සේ වෙත එළඹියෙමි.
2165. “කොටුම්බර නම් වස්ත්ර වර්ගයෙහි ගැවසී තිබුනු මල් සතක් ලෝක බන්ධුවූ සිඛී බුදුරජාණන් වහන්සේට පූජා කෙළෙමි.
2166. “මින් එක්තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
2167. “මින් විසිවන කපෙහි මහත් බල ඇති මහානෙල නම් මහා තේජස් ඇති එක් සක්විති රජෙක් වීමි.
2168. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කොටුම්බරිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කොටුම්බරියත්ථෙරස්සාපදානං තතියං.
184. පඤ්චහත්ථිය ථේරාපදානය
2169. “ලොවට දෙටු, නරශ්රේෂ්ඨවූ, භාග්යවත්වූ තිස්ස නම් බුදුවරයෙක් වූහ. (උන්වහන්සේ) සව්වන් විසින් පිරිවරන ලදුයේ වීථියට පිළිපන් සේක.
2170. “මා විසින් උපුල් මල් මිටි පසක්ද, සතරක්ද හෙවත් උපුල් මිටි නවයක් තබන ලදී. මම (ඒවා) ව්රත සිද්ධිය සඳහා බුදුරජුන්ට දෙනු කැමැත්තේ (තුබූ තැනින්) ගතිමි.
2171. “ඇතුළු වීථියෙහි ගමන් කරන්නාවූ ස්වර්ණ වර්ණවූ බුදුරජුන් දිටිමි. (මම) බුදු රැසින් මැනවින් පසස්නා ලද්දේ වෙමි. විපදෝත්තමවූ බුදුරජුන්හට පිදීමි.
2172. “මින් දෙඅනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
2173. “මින් තෙළෙස්වන කපෙහි සත්රුවනින් යුත් මහ බල ඇති උසභ නම්වූ පස් සක්විති රජෙක් වූහ.
2174. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පඤ්චහත්ථිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පඤ්චහත්ථියත්ථෙරස්සාපදානං චතුත්ථං.