139. සාලපුප්ඵදායක ථේරාපදානය
1928. එකල්හි විශිස්ඨ ජන්ම ඇති, මහා කෙසෙුරු ඇති, සිංහ රජෙක් වීමි. ගිරි දුර්ගයක් සොයන්නේ බුදුරජාණන් වහන්සේ දුටිමි.
1929. මේ මහාවීර තෙම මහජනයා (කෙළෙස් ගින්නෙන්) නිවාදෝ මම දේවාති දේවවූ නරශ්රේෂ්ඨයන් වෙත එළඹෙන්නේ නම් ඉතා යෙහෙකැ’ යි (සිතීමි.)
1930. සල් අත්තක් බිඳ, (සල්) මලක් තමා වෙතට ගෙන ආමි. සම්බුදුන් වහන්සේ වෙත එළඹ එම උතුම් පුෂ්පය පිදීමි.
1931. මින් එක් අනූවන කපෙහි යම් මල් පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප දානයාගේ මේ විපාකයි.
1932. මින් නවවන කපෙහි මහත් බල ඇති විරොචනා නම්වූ තුන් සක්විති රජ කෙනෙක් වූහ.
1933. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සාලපුප්ඵදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සාලපුප්ඵදායකත්ථෙරස්ස අපදානං නවමං.
140. පියාල ඵලදායක ථේරාපදානය
1934. එකල්හි (මම) අනුන්ගේ ජීවිතයනට අවහිර කරනු වැද්දෙක්වීමි. සිඛී බුදුරජාණන් වහන්සේට නුදුරෙහි ගිරි ගුහාවක සයනය කරමි.
1935. ලෝකයෙහි අසහාය නායකවූ බුදුරජුන් සවස හා උදෑසනද දකිමි. විපදෝත්තමවූ, තාදී ගුණ ඇති, උන්වහන්සේට දෙය්ය ධර්මයකුදු (දියයුතු දෙයක්) මට නැත.
1936. පියල් ගෙඩියක් ගෙන, (මම) බුදුරජුන් වෙතට ගියෙමි. (ඉක්බිති (එය) පිළිගැනීම සඳහා බුදුරජුන්හට ආරාධනා කෙළෙමි.) ලෝක ජ්යෙෂ්ඨවූ, නරශ්රේෂ්ඨවූ භාග්යවත් තෙමේ එය පිළිගත් සේක.
1937. මම එම චිත්ත ප්රසාදයෙන් යුතුව එහිම කළුරිය කෙළේ (වෙමි.)
1938. මින් එක්තිස් වන කපෙහිවූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පල දානයාගේ මේ විපාකයයි.
1939. මින් පසළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පියාලී නම් තුන් සක්විති රජ කෙනෙක් වූහ.
1940. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පියාල ඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පියාලඵලදායකත්ථෙරස්ස අපදානං දසමං.
සොභිතවග්ගො චුද්දසමො.
උද්දානය:
සෝභිත ද, සුදස්සන ද, චන්දන ද, පුප්ඵඡදන ද, රහොසඤ්ඤක ද, චම්පකපුප්ඵිය ද, අත්ථසන්දස්සක ද, එකපසාදනිය ද, සාලපුප්ඵදායක ද, දසවැනුව ඵලදායක ද (වෙත්). ගාථාවෝ හැත්තෑ දෙකක් යයි නුවණැත්තවුන් විසින් ගණන් බලන ලදී.
සොභිතවග්ගො චුද්දසමො.
15. ඡත්ත වග්ග
141. අතිඡත්තිය ථේරාපදානය
1941. “භාග්යවත්වූ අත්ථදස්සී බුදුරජාණන් පිරිනිවි කල්හි (උන්වහන්සේගේ) ධාතු චෛත්යයෙහි ඡත්රය මතුයෙහි ඡත්රයක් කරවා පිදීමි.
1942. “කලින් කල අවුත් සාස්තෲන් වහන්සේගේ චෛත්යයට නමස්කාර කෙළෙමි. මල් වියනක්ද කොට ඡත්රයෙහි (මත) නගා තැබීමි.
1943. “(ඒ හේතුවෙන්) එක් දහස් එක් සිය වන කපෙහි දිව්ය රාජ්යය කරවීමි. මිනිසත් බවට නොයමි. ස්ථූප පූජාවෙහි මේ විපාකයයි.
1944. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අධිඡත්තිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අතිඡත්තියත්ථෙරස්සාපදානං පඨමං.
142. ථම්භාරොපක ථේරාපදානය.
1945. “ධම්මදස්සී බුදුරජුන් පිරිනිවි කල්හි (එම) බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේගේ චෛත්යයෙහි ධජස්ථම්බයක් (කොඩියක්) නැංවීමි.
1946. “ඉණිමගක් සාදවා උතුම් සෑයට නැගුනෙමි. දෑසමන් මල් ගෙන සෑයට පිදීමි.
1947. “සර්වඥ තෙම ආශ්චර්ය්යයකි. ධර්මය ආශ්චර්ය්යයකි. අපගේ ශාස්තෘ සම්පත්තියද ආශ්චර්ය්යයකි. (එකී පුණ්ය හේතුවෙන්) දුගතියක් නොදනිමි. ථූප පූජාවෙහි මේ විපාකයයි.
1948. “මින් සිව් අනුවන කපෙහි මහත් බල ඇති ථූප සිඛර නම්වූ සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
1949. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ථම්භාරොපක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ථම්භාරොපකත්ථෙරස්සාපදානං දුතියං.