136. චම්පකපුප්ඵිය ථේරාපදානය
1909. (සුපිපි) කිණිහිරි රුකක් මෙන් කඳු අතරෙහි හුන්නාවූ ඔසධි තාරකාවක් මෙන් සියලු දිගුන් ආලෝකවත් කරණ (බුදුරජුන්) දිටීමි.
1910. ස්වකීය (බ්රාහ්මණ ධර්ම) යෙහි මැනවින් හික්මුණු මානවකයෝ තිදෙනෙක් වූහ. (ඔවුහු) පිරිකර බර ගෙන මා පසුපසින් එත්.
1911. තවුසෙකු විසින් ගොටුවක තබන ලද මල් සතක් ගෙන (ඒ මල්) වෙස්සභූ බුදුරජුන්ගේ සර්වඥතාඥානයට පිදීමි.
1912. මින් තිස් එක්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඤාණ පූජාවෙහි මේ විපාකයයි.
1913. එකුන්තිස් වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති විපුලාභ නම් සක්විති රජෙක් විය.
1914. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චම්පකපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
චම්පකපුප්ඵියත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
137. අත්ථසන්දස්සක ථේරාපදානය
1915. විශාල ලෙස පිපී පැතිරීගිය මල් ඇති වෙනෙහි හුන්නේ ලෝකනායකවූ, ක්ෂීණාශ්රවවූ, බල ප්රාප්තවූ, භික්ෂු සංඝයා විසින් පිරිවරණ ලද බුදුරජාණන් වහන්සේ දිටීමි.
1916. ත්රිවිද්යාවෙන් යුත්, ෂඩභිඥා ඇති, මහා ඎද්ධිමත්වූ සියක් දහසක් රහත්හු සර්වඥයන් වහන්සේ පිරිවරත්. (එය) දැක කවරෙක් නොපහදීද?
1917. ඒ බුදුරජාණන් වහන්සේ වනෙහි (දැක්වීමට) උපමාවක් දෙවියන් සහිත ලෝකයෙහි නොමැත. අනන්තවූ ඤාණයක් ඇති සර්වඥයන් වහන්සේට කවරෙක් නොපහදීද?
1918. හුදු රත්නාකරයක් වැනිවූ, දීප්තිවූ ධර්මකායයද, විකොපනය කරන්නට නොහැකිය. (එබඳු උන්වහන්සේ) කවරෙක් දැක නොපහදීද?
1919. නාරද සරගච්ඡිය තෙමේ මෙම තුන් ගයින් පස් මරුන් දිනූ පදුමුත්තර බුදුජුන්හට ස්තූතිකොට,
1920. එම චිත්ත ප්රසාදය කරණකොටගෙනද, බුදුරජාණන් වහන්සේට ස්තූති කිරීම් කරණකොටගෙනද, කල්ප ලක්ෂයක් මුළුල්ලේ දුගතියක නොඉපදුනේය.
1921. මින් තුන් දහස් තුන් සියවන කපෙහි වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුමිත්ත නම් සක්විති රජෙක් විය.
1922. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අත්ථසන්දස්සක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අත්ථසන්දස්සකත්ථෙරස්ස අපදානං සත්තමං.
138. එකපසාදනිය ථේරාපදානය
1923. නාරද යනු මාගේ (කුලයෙන් ආ) නාමයයි. කෙසව යන (ගොත්ර නාමයෙනුදු) මා දැනගනිත්. කුසල් අකුසල් මොනවාදැයි සොයමින් බුදුරජුන් සමීපයට පැමිණුනෙමි.
1924. මෛත්රී චිත්තයෙන් යුත්, කාරුණීකවූ, පසැස් ඇති, මහාමුනිවූ ඒ අත්ථදස්සී සර්වඥ තෙම සත්ත්වයන් අස්වසමින් දහම් දෙසයි.
1925. සිය සිත පහදවා, මුදුනෙහි ඇඳිලි බැඳ, ශාස්තෲන් වහන්සේට අභිවාදනය කොට නැගෙනහිර දෙසට ගියෙමි.
1926. සතළොස්වන කපෙහි වන කපෙහි මහත් බල ඇති මිහිපතිවූ අමිත්ත තාපන නම් සක්විති රජෙක් විය.
1927. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකපසාදනිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
එකපසාදනියත්ථෙරස්ස අපදානං අට්ඨමං.