5. පුණ්ණ ථේරාපදානය
438. “වේද හදාරවන්නාවූ, මන්ත්රධරවූ, වේදත්රයෙහි පරතෙරට ගිය, (මම) ශිෂ්යයන්විසින් පිරිවරණ ලදුයේද වෙමි. මනුෂ්යෝත්තමවූ බුදුරජාණන් වහන්සේ වෙත එළඹියෙමි.
439. “පූජා සත්කාරයන් පිළිගැනීමට සුදුසුවූ තුන් ලෝ දත්, මහා මුනි වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ සංක්ෂිප්ත වශයෙන් මාගේ කර්මය ප්රකාශ කළ සේක.
440. “මම ඒ ධර්මය බුදුරජාණන් වහන්සේට අභිවාදනය කොට ඇඳිලි බැඳගෙන දක්ෂිණාභිමුඛව ගියෙමි.
441. “සංක්ෂිප්තව අසා විස්තර වශයෙන් දෙසීමි. එසේ කියන්නාවූ මට සියලු ශිල්පයෝ අසා සතුටුවූවාහි,
442. “ස්වකීය දෘෂ්ටිය අත්හැර දමා බුදුන් කෙරෙහි සිත පැහැදවූහ. මම සංක්ෂිප්තවද දෙසමි. එසේම විස්තර වශයෙන්ද දෙසමි.
443. “අභිධර්ම ක්රම දන්නාවූ මම කථාවත්ථුප්පරණවිශුද්ධියෙන් සියල්ලන්ට අවබෝධ කරවා ආශ්රව එහිතව වෙසෙමි.
444. “මින් කප් පන්සියයක් පෙර අති ප්රකටවූ, සත් රුවණින් යුත් සතර මහා වීපයෙහි සක්විති රජවරු සතර දෙනෙක් වූහ.
445. “සිවි පිළිසිඹියාවෝද, අෂ්ටවිමෝක්ෂයෝද, ෂඩභිඥාවෝද (මා විසින්) සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ ශාසනයද කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුණ්නමන්තානිපුත්ත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේක.
පුණ්නමන්තානිපුත්ත ථේරාපදානය පස්වැනියි.
6. උපාළි ස්ථවිරාපදානය
446. හංසවතී නගරයෙහි රැස්කොට තැබූ අසූකෙළක් ධනය ඇති, සමෘද්ධවූ ධන ධාන්ය ඇති, සුජාත නම් බමුණෙක් විය.
447. හෙතෙම වේද හදාරවන්නාවූ, මන්ත්රධරවූ, වේදත්රයෙහි පරතෙරට ගියාවූ (අත් පා ආදියෙහි ලකුණු බලා අනාගතය පවසන) ලක්ෂණ ශාස්ත්රයෙහිද, ඉතිහාසයෙහිද, ස්වකීය බ්රාහ්මණ ධර්මයෙහිද පරතෙරට ගියාවූයේය.
448. “එකසිඛ (හිසැ එක් සිළුවක් ඇති) පරිබ්රාජකයෝද, (මතු ලොව පහළවන) ගෞතම බුදුරජාණන් වහන්සේගේ (අනාගත) ශ්රාවකයෝද, (තැනින් තැන හැසිරෙන්නාවූ) චරක තවුසෝද, එකල්හි පොළොවෙහි හැසිරෙත්.
449. “ඔවුහුද ප්රසිද්ධ බ්රාහ්මණයෙකුයි කියා මා පිරිවරත්. බොහෝ දෙනා මා අදහත්. මම කිසිවෙකුට නොපුදමි.
450. “යම්තාක් කල් තථාගතයන් වහන්සේ ලොව පහළ නොවන සේක්ද, ඒ තාක් කල් බුද්ධ යන වචනය පවා (ලෙව්හි) නැත. එකල්හි මම මානයෙන් තදවූයේ පිදිය යුත්තෙක් නොදකිමි.
451. “රෑ දාවල් (බොහෝ අවුරුදු) ගෙවී යාමෙන් (පසු) පසැස් ඇති පදුමුත්තර නම් ලෝක නායක බුදුරජ තෙම සායලු අඳුරු දුරුකොට ලොව පහළවිය.
452. “පැතුරුණු බොහෝ දෙනා විසින් මැනවැයි සම්මතයෙන්වූ (බුදු) සසුනෙහි (ආදී කතෘවූ) බුදුරජ තෙම එකල්හි හංසවතී නගරයට එළඹි සේක.
453. “පසැස් ඇත්තාවූ ඒ බුදුරජාණන් වහන්සේ පියාණන්ටත් වැඩ පිණිස ධර්ම දේශනා කළ සේක. එකල්හි පිරිසද හාත්පස යොදුනක් (තන්හි පැතුරුණේ) විය.
454. “මිනිසුන් අතර සුනන්ද නම්න් සම්මතවූයේ ඒ තවුස් තෙමේ එකල්හි යම්තාක් බුදු පිරිසද (ඒතාක් තැන) මල්වලින් වැසීය.
455. “පුෂ්ප මණ්ඩපයෙහි සිට බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේ චතුස්සත්යය දේශනා කරණ කල්හි කෙළ ලක්ෂයක් (ප්රාණීන්) ට ධර්මාභිසමය විය.
456. “බුදු රජ තෙම දිව රෑ සතක් (සතිසක්) උතුම් දහම් වැසි වස්වා අටවෙනි දිනය පැමිණි කල්හි බුදු රජ තෙම සුනන්දට මෙසේ පැවසූ සේක.
457. “මෙතෙම සසරෙහි දෙව්ලොවෙහිද මනුෂ්යයන් අතරෙහිද සැරිසරන්නේ භවයන්හිදී සියල්ලන්ට උතුම්ව සැරිසරයි.
458. “කල්ප ලක්ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි ජනිතවන ගෝත්රයෙන් ගෞතම නම්වූ ශාක්යයන් වහන්සේ ලොව පහළවන සේක.
459. “ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට දායාද (ධර්මයට කොටස් කරුවෙක්) වූ ඖරස පුත්රවූ (දහම් අසා සෝවාන් ආදී මාර්ග ඵල පිළිවෙළින් රහත්වූයේ බුදු රජුන්ගේ ඖරස පුත්රයායි.) ධර්මයෙන්ම මවාලුවාක් වැනිවූ පුණ්ණමත්තානිපුත්ත නම් ශ්රාවකයෙක් වන්නේය.”
460. “එකල්හි සම්බුදු රජ තෙම සියලු දෙනා සතුටු කරමින් ස්වකීය බලයද දක්වමින් සුනන්ද තවුසාට මෙසේ පැවසූ සේක.