7.
මහා සමය සූත්රය
1. මාගේ ඇසීම මෙසේය: එක් කලෙක භාග්යවතුන් වහන්සේ ශාක්ය ජනපදයෙහිවූ කිඹුල්වත්පුරය සමීපයෙහිවූ මහ වනයෙහි සියල්ලම රහත්වූ පන්සියයක් භික්ෂූන්ගෙන් යුක්තවූ මහත් භික්ෂු සංඝයා සමග වාසය කරනසේක. දස දහසක් ලොක ධාතුවෙන්ද දෙවියෝ බුදුරජුන්ද භික්ෂු සංඝයාද දැකීම පිණිස බොහෝසෙයින් රැස්වූවෝ වෙත්. අථ ඛො චතුන්නං සුද්ධාවාසකායිකානං දෙවතානං එතදහොසි:
“මේ භාග්යවතුන් වහන්සේ ශාක්ය ජනපදයෙහි කිඹුල්වත් පුරයට ආසන්නවූ මහ වනයෙහි සියල්ල රහත්වූ පන්සියයක් භික්ෂූන්ගෙන් යුක්තවූ මහත් භික්ෂු සංඝයා හා වාසය කරති. දස දහසක් ලොක ධාතුවෙන්ද දෙවියෝ බුදුරජහුන්ද භික්ෂු සංඝයාද දැකීමට බොහෝසෙයින් රැස්වූවෝ වෙත්. අපිත් යම් හෙයිකින් භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතනට පැමිණෙන්නෙමු නම් පැමිණ බුදුන් හමුයෙහි එකි එකී ගාථාවක් කියන්නෙමු නම් ඉතා යෙහෙකැයි” කියායි.
2. එවිට ඒ දෙවියෝ ශක්තිමත් පුරුෂයෙක් හකුලන ලද අත යම්සේ දිගු කරන්නේද, දිගු කරනලද අත යම්සේ හකුළුවන්නේද එපරිද්දෙන්ම ශුද්ධාවාස බඹලොව දෙවියන් අතුරෙන් අතුරුදහන් වූවාහු භාග්යවතුන් වහන්සේගේ ඉදිරියෙහි පහළ වූහ. ඉක්බිති ඒ දෙවියෝ බුදුරජාණන් වහන්සේට නමස්කාරකොට එක්පැත්තක සිටියහ. එකත්පසෙක සිටියාවූ එක් දෙවියෙක් බුදුරජාණන් වහන්සේ හමුයෙහි මේ ගාථාව කීය:
“මේ මහ වනයෙහි මහා සමාගමක් විය. දිව්ය සමූහයෝ රැස්වූහ.
කෙලෙස් මරුන් විසින් නොපරදවනලද සංඝයා දක්නා පිණිස මේ ධර්ම සමාගමට ආම්හයි”
කෙලෙස් මරුන් විසින් නොපරදවනලද සංඝයා දක්නා පිණිස මේ ධර්ම සමාගමට ආම්හයි”
එවිට අනික් දෙවි කෙනෙක් බුදුරජුන් හමුවෙහි මේ ගාථාව කීය:
“ඒ මහා සමූහයෙහි භික්ෂුහු තමන්ගේ සිත සමාධියෙහි පිහිටවූහ. ඍජු කළාහුය.
ලනුවෙන් ගෙන රියැදුරා රථය හසුරුවන්නාක් මෙන් නුවණ ඇති අය පසිඳුරන් රකිත්යයි”
ලනුවෙන් ගෙන රියැදුරා රථය හසුරුවන්නාක් මෙන් නුවණ ඇති අය පසිඳුරන් රකිත්යයි”
එවිට අනික් දේවතාවෙක් භාග්යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීය:
“(කෙලෙස් නමැති) හුල් කපා (කෙලෙසුන් නමැති) පලිඝය සිඳ ඉන්ද්රඛීලය උදුරා මනෙජා,
තෘෂ්ණා රහිතවූ පිරිසිදුවූ (කෙලෙස්) කසට නැති පසැස් ඇති බුදුරජුන් විසින් හොඳින් දමනය කරන ලද්දාවූ ඒ තරුණ රහත්හු හැසිරෙත්’ යයි කීය.
තෘෂ්ණා රහිතවූ පිරිසිදුවූ (කෙලෙස්) කසට නැති පසැස් ඇති බුදුරජුන් විසින් හොඳින් දමනය කරන ලද්දාවූ ඒ තරුණ රහත්හු හැසිරෙත්’ යයි කීය.
ඉක්බිති තවත් දේවතාවෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“යම් කිසිවෙක් බුදුන් සරණ ගියෝද ඒ සත්වයෝ අපායට නොයත්,
මිනිස් සිරුර හැර දිව්ය ශරීර සම්පූර්ණ කරන්නාහු (දෙවි බවට පැමිණෙත්)” යයි කීය.
මිනිස් සිරුර හැර දිව්ය ශරීර සම්පූර්ණ කරන්නාහු (දෙවි බවට පැමිණෙත්)” යයි කීය.
3. ඉක්බිත්තෙන් භාග්යවතුන්වහන්සේ භික්ෂූන්ට කථා කළසේක. “මහණෙනි, දස දහසක් ලෝක ධාතුවෙහි දෙවියෝ තථාගතයන්ද භික්ෂු සංඝයාද දැකීමට බොහෝ සෙයින් රැස්වූහ. මහණෙනි, යටගිය කාලයෙහි අර්හත්වූ යම් ඒ සම්යක් සම්බුදුවරයෝ වූවාහුද, ඒ භාග්යවතුන් වහන්සේලාටද මෙපමණම දෙවියෝ රැස්වූහ. දැන් මා දැක්මට යම් පමණක් රැස්වූවෝද, එතරම්ය. මහණෙනි, මතු කාලයෙහි අර්හත්වූ යම් ඒ සම්යක් සම්බුදුවරයෝ වන්නාහුද, ඒ භාග්යවතුන් වහන්සේලාටද මෙපමණම දෙවියෝ රැස්වන්නාහුය. දැන් මා දැක්මට යම් පමණක් රැස්වූවෝද, එතරම්ය. මහණෙනි, දිව්ය සමූහයන්ගේ නම් කියන්නෙමි. මහණෙනි, දිව්ය සමූහයන්ගේ නම් පහළ කරන්නෙමි. මහණෙනි, දිව්ය සමූහයන්ගේ නම් දේශනා කරන්නෙමි. එය අසව්, මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමියි” කීවෝය.
“එසේය ස්වාමීනියි” ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළහ:
4. (අක්ෂරපද නියමිත) ගාථා කියන්නෙමි. යම් මේ තැනෙක්හි බුමාටු දෙවියෝ වෙසෙද්ද ඒ තැන් ඇසුරු කළාවූද,
යම් රහත්හු ගිරිගුහා ඇසුරු කළාහුද, (නිවනට) මෙහෙයූ සිත් ඇතිව, සමාධිමත්ව,
යම් රහත්හු ගිරිගුහා ඇසුරු කළාහුද, (නිවනට) මෙහෙයූ සිත් ඇතිව, සමාධිමත්ව,
බොහෝ වූ සිංහරාජයන් මෙන් සැඟවුනාවූ, ලොමු ඩැහැගැනීම මැඩපැවැත්වූ,
පිරිසිදු සිත් ඇත්තාවූ, ශුද්ධවූ, වෙසෙසින් පැහැදුනු, නොකැළඹුනු සිත් ඇත්තාවූ (ඒ රහත්හු වූහ).
පිරිසිදු සිත් ඇත්තාවූ, ශුද්ධවූ, වෙසෙසින් පැහැදුනු, නොකැළඹුනු සිත් ඇත්තාවූ (ඒ රහත්හු වූහ).
නැවත ශාස්තෲන් වහන්සේ කිඹුල්වත් පුරයට නුදුරුවූ මහ වනයෙහි
සස්නෙහි ඇලුනාවූ පන්සියයකට වැඩිවූ ශ්රාවකයන් දැන, අඬගා වදාළසේක.
සස්නෙහි ඇලුනාවූ පන්සියයකට වැඩිවූ ශ්රාවකයන් දැන, අඬගා වදාළසේක.
“මහණෙනි, දිව්ය සමූහයා රැස් වූවෝය. ඒ දිව්ය සමූහයන් දනිව්” කියායි.
ඒ රහත්හුද බුදු රජාණන් වහන්සේගේ වචනය අසා වීර්ය්යය කළාහුය.
ඒ රහත්හුද බුදු රජාණන් වහන්සේගේ වචනය අසා වීර්ය්යය කළාහුය.