9. 2. 2. 9.
චෙතොඛීල සතිපට්ඨාන සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
71. “මහණෙනි, මේ පස චෙතොඛිලයෝය. කවර පසක්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කෙරේද, විචිකිච්ඡා කෙරේද, ස්ථිර වශයෙන් නොපිහිටා සිටීද, නොපහදීද, කියායි. මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කෙරේද, විචිකිච්ඡා කෙරේද, ස්ථිර වශයෙන් නොපිහිටා සිටීද, නොපහදීද, අධික වීර්‍ය්‍ය පිණිසද, අනුයොගය පිණිසද, නිතර ක්‍රියා කිරීම පිණිසද, ප්‍රධන් වීර්‍ය්‍ය පිණිසද ඔහුගේ සිත නොනැමේද, අධික වීර්‍ය්‍ය පිණිසද, අනුයොගය පිණිසද, නිතර ක්‍රියා කිරීම පිණිසද, පධන් වීර්‍ය්‍ය පිණිසද යමෙකුගේ සිත නොනැමේද, මේ පළමුවෙනි චෙතොඛීලයයි.
“මහණෙනි, නැවතද අනිකක් කියමි. මහණතෙම ධර්‍මයෙහි සැක කෙරේද, විචිකිච්ඡා කෙරේද, ස්ථිර වශයෙන් නොපිහිටා සිටීද, නොපහදීද, අධික වීර්‍ය්‍ය පිණිසද, අනුයොගය පිණිසද, නිතර ක්‍රියා කිරීම පිණිසද, පධන් වීර්‍ය්‍ය පිණිසද ඔහුගේ සිත නොනැමේද, අධික වීර්‍ය්‍ය පිණිසද, අනුයොගය පිණිසද, නිතර ක්‍රියා කිරීම පිණිසද, පධන් වීර්‍ය්‍ය පිණිසද යමෙකුගේ සිත නොනැමේද, මේ දෙවෙනි චෙතොඛීලයයි. සඞ්ඝයා කෙරෙහි සැක කෙරේද, විචිකිච්ඡා කෙරේද, ස්ථිර වශයෙන් නොපිහිටා සිටීද, නොපහදීද, අධික වීර්‍ය්‍ය පිණිසද, අනුයොගය පිණිසද, නිතර ක්‍රියා කිරීම පිණිසද, පධන් වීර්‍ය්‍ය පිණිසද ඔහුගේ සිත නොනැමේද, අධික වීර්‍ය්‍ය පිණිසද, අනුයොගය පිණිසද, නිතර ක්‍රියා කිරීම පිණිසද, පධන් වීර්‍ය්‍ය පිණිසද යමෙකුගේ සිත නොනැමේද, මේ තුන්වෙනි චෙතොඛීලයයි. ශික්‍ෂාවෙහි සැක කෙරේද, විචිකිච්ඡා කෙරේද, ස්ථිර වශයෙන් නොපිහිටා සිටීද, නොපහදීද, අධික වීර්‍ය්‍ය පිණිසද, අනුයොගය පිණිසද, නිතර ක්‍රියා කිරීම පිණිසද, ප්‍රධන් වීර්‍ය්‍ය පිණිසද ඔහුගේ සිත නොනැමේද, අධික වීර්‍ය්‍ය පිණිසද, අනුයොගය පිණිසද, නිතර ක්‍රියා කිරීම පිණිසද, ප්‍රධන් වීර්‍ය්‍ය පිණිසද යමෙකුගේ සිත නොනැමේද, මේ හතරවෙනි චෙතොඛීලයයි. සබ්‍රම්සරුන් කෙරෙහි කිපුනේ වෙයි. නොසතුටු සිත ඇත්තේ වෙයි. ඇනුණු සිත් ඇත්තේ වෙයි. හටගත් කෙලෙස් ඇත්තේ වෙයි. මහණෙනි, යම් භික්‍ෂුවක් සබ්‍රම්සරුන් කෙරෙහි කිපුනේ වෙයි. නොසතුටු සිත ඇත්තේ වෙයි. ඇනුණු සිත් ඇත්තේ වෙයි. හටගත් කෙලෙස් ඇත්තේ වේද, අධික උත්සාහය පිණිසද, අනුයොගය පිණිසද, නිතර ක්‍රියා කිරීම පිණිසද, ප්‍රධන් වීර්‍ය්‍ය පිණිසද ඔහුගේ සිත නොනැමේද, අධික වීර්‍ය්‍ය පිණිසද, අනුයොගය පිණිසද, නිතර ක්‍රියා කිරීම පිණිසද, ප්‍රධන් වීර්‍ය්‍ය පිණිසද යමෙකුගේ සිත නොනැමේද, මේ පස්වෙනි චෙතොඛීලයයි. මහණෙනි, මේ පංච චෙතොඛීලයෝය.
“මහණෙනි, මේ පංච චෙතොඛීලයන්ගේ හැර දැමීම පිණිස මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහුය. කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ශරීරයෙහි දැඩි ආසාව හා නොසතුටුබව දුරුකොට, ශරීරයෙහි ශරීරය අනුව බලන සුළුවූයේ වෙසේද, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, සිතෙහි සිත් අනුව බලන සුළුවූයේ වෙසේද, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, වේදනා ලෝකයෙහි දැඩි ආසාව හා නොසතුටුබව සංසිඳුවා, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, මහණෙනි, පංච චෙතොඛීලයන්ගේ හැර දැමීම පිණිස සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.
9. 2. 2. 10.
විනිබන්‍ධ සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
72. “මහණෙනි, චිත්තය පිළිබඳ මේ බැඳීම් පසෙකි. කවර පසක්ද යත්?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්හි පහනොවූ රාග ඇත්තේ වෙයි. පහ නොවූ ඡන්දය ඇත්තේ වෙයි. පහ නොවූ ප්‍රේම ඇත්තේ වෙයි. පහ නොවූ (කාම) පිපාස ඇත්තේ වේ. පහ නොවූ (කාම) පරිඩාහ ඇත්තේ වේ. පහ නොවු කාම තෘෂ්ණා ඇත්තේ වේ. “මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම කාමයන්හි පහ නොවූ රාග ඇත්තේ වේද, පහ නොවූ කාමච්ඡන්ද (කාමාසා) ඇත්තේ වේද, පහ නොවූ (කාම) ප්‍රේම ඇත්තේ වේද, පහ නොවූ (කාම) පිපාස ඇත්තේ වේද, පහ නොවූ කාම පරිඩාහ ඇත්තේ වේද, පහ නොවූ (කාම) තෘෂ්ණා ඇත්තේ වේද, අධික උත්සාහය පිණිසද, අනුයෝගය පිණිසද, නිතර ක්‍රියා කිරීම පිණිසද, ප්‍රධන් වීර්‍ය්‍යය පිණිසද, යමෙකුගේ සිත නොනැමේද, මේ පළමුවෙනි සිතේ බැඳීමයි.
“මහණෙනි, නැවතද අනිකක් කියමි. මහණතෙම කාමයෙහි පහනොවූ රාග ඇත්තේ වේද, රූපයෙහි පහ නොවූ රාග ඇත්තේ වේද. ඇතිතාක් බඩ පිරෙන තුරු වළඳා සෙය්‍ය සුඛයෙහි (සයන සැපයෙහි) ස්පර්‍ශ සැපයෙහි, මිද්‍ධ සැපයෙහි යෙදුනේ වෙසේද, “මම මේ සීලයෙන් හෝ, මේ ව්‍රතයෙන් හෝ, මේ තපසින් හෝ, මේ බඹසරින් හෝ, දෙවියෙක් හෝ වන්නෙමි. දෙවියන්ගෙන් එක්තරා කෙනෙක් හෝ වන්නෙමියි එක්තරා දේව නිකායයක් ප්‍රාන්‍ර්‍ථනා කොට බඹසර වෙසේය’ කියායි.
“මහණෙනි, යම් ඒ මහණෙක්තෙම, ‘මම මේ සීලයෙන් හෝ, ව්‍රතයෙන් හෝ, තපසින් හෝ, බඹසරින් හෝ, දෙවියෙක් හෝ වන්නෙමි. දෙවියන්ගෙන් කෙනෙක් හෝ වන්නෙමි.’ එක්තරා දේව නිකායයක් ප්‍රාර්ත්‍ථනා කොට බඹසර වෙසේද, අධික උත්සාහය පිණිසද, අනුයෝගය පිණිසද, නිතර ක්‍රියා කිරීම පිණිසද, ප්‍රධන් වීර්‍ය්‍යය පිණිසද, යමෙකුගේ සිත නොනැමේද, මේ පස්වෙනි සිතේ බැඳීමයි. “මහණෙනි, මේ වනාහි පංච චෙතො විනිබන්‍ධනයෝය.
මහණෙනි, මේ චිත්තය සම්බන්ධ පංච විනිබන්ධනයන්ගේ ප්‍රහාණය පිණිස මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ. කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ශරීරයෙහි දැඩි ආසාව හා නොසතුටුබව දුරුකොට, ශරීරයෙහි ශරීරය අනුව බලන සුළුවූයේ වෙසේද, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, සිතෙහි සිත් අනුව බලන සුළුවූයේ වෙසේද, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, වේදනා ලෝකයෙහි දැඩි ආසාව හා නොසතුටුබව සංසිඳුවා, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, මහණෙනි, පංච චෙතොවිනිබන්‍ධනයන්ගේ හැර දැමීම පිණිස සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.
සතිපට්ඨාන වර්‍ගය නිමි.
එහි උද්දානය:
සික්ඛා, නීවරණ, කාමගුණ, ඛන්ධ, ඔරම්භාගිය, ගති, මච්ඡරිය, උද්ධම්භාගිය, අටවැනි චෙතොඛිල සහ විනිබන්ධ යැයි මෙහි සූත්‍ර දසයකි.