9. 2. 2. 5.
ඕරම්භාගිය සතිපට්ඨාන සූත්රය
[සැවැත් නුවර නිදානයි]
67. “මහණෙනි, මේ ඔරම්භාගීය සඤ්ඤෝජන පසක් වෙත්. කවර පසක්ද යත්?
විචිකිච්ඡාවය, සක්කාය දිට්ඨිය, සීලබ්බතපරාමාසය, කාමච්ඡන්දය, ව්යාපාදය කියායි. මහණෙනි, මේ ඔරම්භාගීය සඤ්ඤෝජන පසක් වෙත්.
“මහණෙනි, මේ පඤ්චොරම්භාගීයසඤ්ඤෝජනයන්ගේ හැර දැමීම පිණිස මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහුය. කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්ය්ය ඇත්තේ, සම්යක් ප්රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ශරීරයෙහි දැඩි ආසාව හා නොසතුටුබව දුරුකොට, ශරීරයෙහි ශරීරය අනුව බලන සුළුවූයේ වෙසේද, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, සිතෙහි සිත් අනුව බලන සුළුවූයේ වෙසේද, කෙළෙස් තවන වීර්ය්ය ඇත්තේ, සම්යක් ප්රඥා ඇත්තේ, සිහි ඇත්තේ, වේදනා ලෝකයෙහි දැඩි ආසාව හා නොසතුටුබව සංසිඳුවා, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, මහණෙනි, මේ පඤ්චොරම්භාගීයසඤ්ඤෝජනයන්ගේ හැර දැමීම පිණිස සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.
9. 2. 2. 6.
පඤ්චගති සූත්රය
[සැවැත් නුවර නිදානයි]
68. “මහණෙනි, මේ ගති පහක් වෙත්. කවර පසක්ද යත්?
නිරයය, තිරිසන්යෝනිය, ප්රෙත විෂයය, මනුෂ්යයෝය, දෙවියෝය කියායි. මහණෙනි, මේ ගති පස වෙති.
“මහණෙනි, මේ පඤ්චගතීන්ගේ හැර දැමීම පිණිස මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහුය. කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්ය්ය ඇත්තේ, සම්යක් ප්රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ශරීරයෙහි දැඩි ආසාව හා නොසතුටුබව දුරුකොට, ශරීරයෙහි ශරීරය අනුව බලන සුළුවූයේ වෙසේද, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, සිතෙහි සිත් අනුව බලන සුළුවූයේ වෙසේද, කෙළෙස් තවන වීර්ය්ය ඇත්තේ, සම්යක් ප්රඥා ඇත්තේ, සිහි ඇත්තේ, වේදනා ලෝකයෙහි දැඩි ආසාව හා නොසතුටුබව සංසිඳුවා, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, මහණෙනි, මේ පඤ්චගතීන්ගේ ් හැර දැමීම පිණිස සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.
9. 2. 2. 7.
මච්ඡරිය සතිපට්ඨාන සූත්රය
[සැවැත් නුවර නිදානයි]
69. “මහණෙනි, මේ මච්ඡරිය පසෙකි. කවර පසක්ද යත්?
ආවාස මච්ඡරිය, කුල මච්ඡරිය, ලාභ මච්ඡරිය, වණ්ණ මච්ඡරිය, ධම්ම මච්ඡරිය කියායි. මහණෙනි, මේ පස මච්ඡරියෝ වෙති.
“මහණෙනි, මේ පඤ්චමච්ඡරියන්ගේ හැර දැමීම පිණිස මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහුය. කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්ය්ය ඇත්තේ, සම්යක් ප්රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ශරීරයෙහි දැඩි ආසාව හා නොසතුටුබව දුරුකොට, ශරීරයෙහි ශරීරය අනුව බලන සුළුවූයේ වෙසේද, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, සිතෙහි සිත් අනුව බලන සුළුවූයේ වෙසේද, කෙළෙස් තවන වීර්ය්ය ඇත්තේ, සම්යක් ප්රඥා ඇත්තේ, සිහි ඇත්තේ, වේදනා ලෝකයෙහි දැඩි ආසාව හා නොසතුටුබව සංසිඳුවා, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, මහණෙනි, මේ පඤ්චමච්ඡරියන්ගේ හැර දැමීම පිණිස සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.
9. 2. 2. 8.
උද්ධම්භාගීය සතිපට්ඨාන සූත්රය
[සැවැත් නුවර නිදානයි]
70. “මහණෙනි, මේ උද්ධම්භාගීය සඤ්ඤෝජන පසක් වෙත්. කවර පසක්ද යත්?
රූප රාගය, අරූප රාගය, මානය, උද්ධච්චය, අවිජ්ජාය කියායි. මහණෙනි, මේ උද්ධම්භාගීය සඤ්ඤෝජන පස වෙත්.
“මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගීය සඤ්ඤෝජනයන්ගේ හැර දැමීම පිණිස මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහුය. කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්ය්ය ඇත්තේ, සම්යක් ප්රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ශරීරයෙහි දැඩි ආසාව හා නොසතුටුබව දුරුකොට, ශරීරයෙහි ශරීරය අනුව බලන සුළුවූයේ වෙසේද, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, සිතෙහි සිත් අනුව බලන සුළුවූයේ වෙසේද, කෙළෙස් තවන වීර්ය්ය ඇත්තේ, සම්යක් ප්රඥා ඇත්තේ, සිහි ඇත්තේ, වේදනා ලෝකයෙහි දැඩි ආසාව හා නොසතුටුබව සංසිඳුවා, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගීය සඤ්ඤෝජනයන්ගේ හැර දැමීම පිණිස සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.