9. 2. 1. 11.
නවපහාතබ්බ සූත්රය
[සාවත්ථි නිදානය]
62. “මහණෙනි, ධර්ම නවයක් හැර නොදමා රහත් බව ප්රත්යක්ෂ කරන්ට නුසුදුසුය. කවර නවයක්ද යත්?
රාගය, දෝසය, මෝහය, ක්රෝධය, බද්ධ වෛරය, ගුණමකුකම, අනුන්ගේ දොස් සෙවීම, ඊෂ්යාව, මසුරුකම යනුයි. මහණෙනි, ධර්ම නවයක් හැර නොදමා රහත් බව ප්රත්යක්ෂ කරන්ට නුසුදුසුය.
“මහණෙනි, ධර්ම නවයක් හැර දමා රහත් බව ප්රත්යක්ෂ කරන්ට සුදුසුය. කවර නවයක්ද යත්?
රාගය, දෝසය, මෝහය, ක්රෝධය, බද්ධ වෛරය, ගුණමකුකම, අනුන්ගේ දොස් සෙවීම, ඊෂ්යාව, මසුරුකම යනුයි. මහණෙනි, ධර්ම නවයක් හැර දමා රහත් බව ප්රත්යක්ෂ කරන්ට සුදුසුය.
ඛෙම වර්ගය නිමි.
එහි උද්දානය:
ඛෙම සූත්ර දෙකක් ද, අමත සූත්ර දෙකක් ද, අභය සූත්ර දෙකක් ද, පස්සද්ධි සූත්ර දෙකක් ද, නිරෝධ අනුපුබ්බනිරෝධ සහ භබ්බාභබ්බ සූත්රය දැයි එකොළසකි.
2. සතිපට්ඨාන වර්ගය
9. 2. 2. 1.
සික්ඛාදුබ්බල්ය සූත්රය
[සැවැත් නුවර නිදානයි]
63. “මහණෙනි, මේ පසක් ශික්ෂා දුර්බල්යයෝය. (ශික්ෂාවගේ දුර්වලභාව කිරීම්හුය.) “කවර පසෙක්ද යත්? ප්රාණාතිපාතය, අදින්නාදානය, කාමෙසුමිච්ඡාචාරය, මුසාවාදය, සුරාමෙරයමජ්ජපමාදට්ඨානය යනුයි. මහණෙනි, මේ පසක් ශික්ෂා දුර්බල්යයෝය. (ශික්ෂාවගේ දුර්වලභාව කිරීම්හුය.) “මහණෙනි, මේ පඤ්ච ශික්ෂා දුර්බල්යයන්ගේ හැර දැමීම පිණිස සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ. කවර සතරක්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්ය්ය ඇත්තේ, සම්යක් ප්රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ශරීරයෙහි දැඩි ආසාව හා නොසතුටුබව දුරුකොට, ශරීරයෙහි ශරීරය අනුව බලන සුළුවූයේ වෙසේද, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, සිතෙහි සිත් අනුව බලන සුළුවූයේ වෙසේද, කෙළෙස් තවන වීර්ය්ය ඇත්තේ, සම්යක් ප්රඥා ඇත්තේ, සිහි ඇත්තේ, වේදනා ලෝකයෙහි දැඩි ආසාව හා නොසතුටුබව සංසිඳුවා, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, මහණෙනි, මේ පඤ්ච ශික්ෂා දුර්බල්යයන්ගේ හැර දැමීම පිණිස සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.
9. 2. 2. 2.
නීවරණ සතිපට්ඨාන සූත්රය
[සැවැත් නුවර නිදානයි]
64. “මහණෙනි, මේ නීවරණ පසක් වෙත්. කවර පසක්ද යත්?
කාමච්ඡන්ද නීවරණය, ව්යාපාද නීවරණය, ථීනමිද්ධ නීවරණය, උද්ධච්චකුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණය යන මේවාය. මහණෙනි, මේ පඤ්ච නීවරණයෝය.
මහණෙනි, මේ පඤ්ච නීවරණයන්ගේ ප්රහාණය පිණිස මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.