9. 1. 5. 2.
2. කායසක්ඛි සූත්‍රය
[නිදානය කොසඹෑ නුවරය]
“ඇවැත්නි, කායසක්ඛිය, කායසක්ඛියයි කියනු ලැබේ. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොපමණකින් වනාහි කායසක්ඛිය කියනු ලැබේද?”
“ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, චිතර්ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, පළමුවෙනි ධ්‍යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් පරියායෙන් කායසක්ඛියයි වදාරණ ලද්දේය.
ඇවැත්නි, තවද මහණ විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් -පෙ- දෙවන ධ්‍යානයට -පෙ- තුන්වන ධ්‍යානයට -පෙ- සිව්වන ධ්‍යානයට පැමිණ වාසය කරයි. යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් එය (නාම) කයින් ස්පර්ශ කොට වාසය කරයි. ඇවැත්නි, මෙපමණකිනුත් භාග්‍යවතුන් වහන්සේ විසින් පර්යාය වශයෙන් කායසක්ඛී යයි වදාරන ලදී.
“ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්වප්රකාරයෙන් රූප සංඥාවන් ඉක්ම ප්‍රතිඝ සංඥාවන් දුරුකිරීමෙන් නානාත්ම සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් පරියායෙන් කායසක්ඛියයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා “විඤ්ඤාණය අනන්තය” යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් පරියායෙන් කායසක්ඛියයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා “කිසිවක් නැත්තේය” යි යන ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් පරියායෙන් කායසක්ඛියයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් පරියායෙන් කායසක්ඛියයි වදාරණ ලද්දේය.
“ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්වප්රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිතනිරෝධයට පැමිණ වෙසේද, ඔහුගේ ප්‍රඥාවෙන් දැක ආශ්‍රවයෝ ක්ෂය කරණ ලද්දාහු වෙත්ද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් කායසක්ඛියයි වදාරණ ලද්දේය.”
9. 1. 5. 3.
3. පඤ්ඤාවිමුත්ත සූත්‍රය
[නිදානය කොසඹෑ නුවරය]
“ඇවැත්නි, පඤ්ඤා විමුත්තය, පඤ්ඤාවිමුත්තයයි කියනු ලැබේ. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොපමණකින් වනාහි පඤ්ඤාවිමුත්තයයි කියනු ලැබේද?”
“ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, චිතර්ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, පළමුවෙනි ධ්‍යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් පඤ්ඤා විමුත්තයයි වදාරණ ලද්දේය.
ඇවැත්නි, තවද මහණ විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් -පෙ- දෙවන ධ්‍යානයට -පෙ- තුන්වන ධ්‍යානයට -පෙ- සිව්වන ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රඥාවෙනුත් එය දැනගනියි. ඇවැත්නි, මෙපමණකිනුත් භාග්‍යවතුන් වහන්සේ විසින් පර්යාය වශයෙන් ප්රඥාවිමුක්තයා වදාරන ලදී. -පෙ-