9. 1. 5. 3.
3. පඤ්ඤාවිමුත්ත සූත්‍රය
[නිදානය කොසඹෑ නුවරය]
“ඇවැත්නි, පඤ්ඤා විමුත්තය, පඤ්ඤාවිමුත්තයයි කියනු ලැබේ. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොපමණකින් වනාහි පඤ්ඤාවිමුත්තයයි කියනු ලැබේද?”
“ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, චිතර්ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, පළමුවෙනි ධ්‍යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් පඤ්ඤා විමුත්තයයි වදාරණ ලද්දේය.
ඇවැත්නි, තවද මහණ විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් -පෙ- දෙවන ධ්‍යානයට -පෙ- තුන්වන ධ්‍යානයට -පෙ- සිව්වන ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රඥාවෙනුත් එය දැනගනියි. ඇවැත්නි, මෙපමණකිනුත් භාග්‍යවතුන් වහන්සේ විසින් පර්යාය වශයෙන් ප්රඥාවිමුක්තයා වදාරන ලදී. -පෙ-
තවද ඇවැත්නි, භික්ෂුව සෑම අයුරින්ම ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. (විදර්ශනා) ප්‍රඥාවෙන් ද එය දැනගනියි. ඇවැත්නි, මෙපමණකින් ද භාග්‍යවතුන් වහන්සේ විසින් පර්යාය වශයෙන් ප්රඥාවිමුක්ත පුද්ගලයා ගැන වදාරන ලදී.
ඇවැත්නි, තවද මහණ සර්වප්රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිතනිරෝධයට පැමිණ වාසය කරයි. ප්‍රඥාවෙන් දැකීමෙන් ඔහුගේ ආශ්‍රවයෝ ක්ෂය වූවාහු වෙති. යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් එය (නාම) කයින් ස්පර්ශ කොට වාසය කරයි. ප්‍රඥාවෙනුත් එය දැනගනියි. ඇවැත්නි, මෙපමණකිනුත් භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පර්යාය වශයෙන් ප්රඥාවිමුක්තයා වදාරන ලදී.
9. 1. 5. 4.
4. උභතොවිමුක්ත සූත්‍රය
[නිදානය කොසඹෑ නුවරය]
“ඇවැත්නි, උභතොභාගවිමුත්තය, උභතොභාගවිමුත්තයයි කියනු ලැබේ. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොපමණකින් වනාහි උභතොභාගවිමුත්තයයි කියනු ලැබේද?”
ඇවැත්නි, මේ ශාසනයෙහි මහණ කාමයන්ගෙන් වෙන්වම -පෙ- පළමුවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් එය (නාම) කයින් ස්පර්ශ කොට වාසය කරයි. ප්‍රඥාවෙනුත් එය දැනගනියි. ඇවැත්නි, මෙපමණකිනුත් භාග්‍යවතුන් වහන්සේ විසින් පර්යාය වශයෙන් උභතෝභාගවිමුක්තයා වදාරන ලදී. -පෙ-
“ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් උභතොභාගවිමුත්තයයි වදාරණ ලද්දේය. යම් යම් ආකාරයකින් ඒ (ධ්‍යාන නම්) ආයතනය වේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් උභතොභාගවිමුත්තයයි වදාරණ ලද්දේය.