9. 1. 4. 2.
අනුපුබ්බවිහාරසමාපත්ති සූත්‍රය
[සාවත්ථිනිදානං]
මහණෙනි, මේ අනුක්‍රමයෙන් සමවැද වාසය කිරීම් නවය දේශනා කරන්නෙමි. එය මනාකොට අසවු. හොඳට මෙනෙහි කරවු. කියන්නෙමි” යනුයි. “ස්වාමීන් වහන්ස, එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භිග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක.
“යම් තැනෙක්හි කාමයෝ නැති වෙත්ද, යම් ඒ කාමයන් අතිශයින් නැති කරමින් වෙසෙත්ද, ඒ ආයුෂ්මත්හු, ඒකාන්තයෙන් ඒ කාරණයෙන් තෘෂ්ණා නැත්තාහුයයිද, නිවියාහුයයිද, තරණය කළාහුයයිද, පරතෙර ගියාහුයයිද කියමි. කවර තැනෙක කාමයෝ නිරුද්‍ධ වෙත්ද, කවරහු නම් කාමයන් අතිශයින් නිරුද්‍ධ කොට වෙසෙත්ද, මම මෙය නොදනිමි. මම් මෙය නොදකිමි’ කියා යමෙක් මෙසේ කියන්නේ නම් (ඔහුට) මෙසේ කියයුතු වන්නේය.
(කෙසේද?) ‘ඇවැත්නි, මේ ශාසනයෙහි මහණෙක් තෙමේ කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, පළමුවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසේද, මෙහි කාමයෝ නිරුද්‍ධ වෙත්. ඔවුහු කාමයන්ද අතශයින් නිරුද්‍ධකොට වෙසෙත්ය කියායි. මහණෙනි, ඒකාන්තයෙන් කෛරාටික නොවූයේ, මායා නැත්තේ, යහපතැයි කියන ලද්දට සතුටු වන්නේද, අනුමෝදන් වන්නේද, යහපතැයි (හොඳයි) කියන ලද (වචනයට) සතුටුවී, අනුමෝදන් වී, නමස්කාර කරමින්, ඇඳිලි බැඳ ගනිමින්, (සිටියේ) සමිපයෙහි සිටින්නේද,
“යම් තැනෙක්හි විතර්‍ක විචාරයෝ නැති වෙත්ද, යම් ඒ කාමයන් අතිශයින් නැති කරමින් වෙසෙත්ද, ඒ ආයුෂ්මත්හු, ඒකාන්තයෙන් ඒ කාරණයෙන් තෘෂ්ණා නැත්තාහුයයිද, නිවියාහුයයිද, තරණය කළාහුයයිද, පරතෙර ගියාහුයයිද කියමි. කවර තැනෙක කාමයෝ නිරුද්‍ධ වෙත්ද, කවරහු නම් විතර්‍ක විචාරයෝ අතිශයින් නිරුද්‍ධ කොට වෙසෙත්ද, මම මෙය නොදනිමි. මම් මෙය නොදකිමි’ කියා යමෙක් මෙසේ කියන්නේ නම් (ඔහුට) මෙසේ කියයුතු වන්නේය. (කෙසේද?) ‘ඇවැත්නි, මේ ශාසනයෙහි මහණෙක් තෙමේ විතර්‍ක විචාරයන්ගෙන් වෙන්වම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, වීතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. වීතීය ධ්‍යානයට පැමිණ වෙසේද, මෙහි විතර්‍ක විචාරයෝ නිරුද්‍ධ වෙත්. ඔවුහු විතර්‍ක විචාරයෝද අතිශයින් නිරුද්‍ධකොට වෙසෙත්ය කියායි. මහණෙනි, ඒකාන්තයෙන් කෛරාටික නොවූයේ, මායා නැත්තේ, යහපතැයි කියන ලද්දට සතුටු වන්නේද, අනුමෝදන් වන්නේද, යහපතැයි (හොඳයි) කියන ලද (වචනයට) සතුටුවී, අනුමෝදන් වී, නමස්කාර කරමින්, ඇඳිලි බැඳ ගනිමින්, (සිටියේ) සමිපයෙහි සිටින්නේද,
“යම් තැනෙක්හි ප්‍රීති නැති වෙත්ද, යම් ඒ ප්‍රීති අතිශයින් නැති කරමින් වෙසෙත්ද, ඒ ආයුෂ්මත්හු, ඒකාන්තයෙන් ඒ කාරණයෙන් තෘෂ්ණා නැත්තාහුයයිද, නිවියාහුයයිද, තරණය කළාහුයයිද, පරතෙර ගියාහුයයිද කියමි. කවර තැනෙක ප්‍රීති නිරුද්‍ධ වෙත්ද, කවරහු නම් ප්‍රීති අතිශයින් නිරුද්‍ධ කොට වෙසෙත්ද, මම මෙය නොදනිමි. මම් මෙය නොදකිමි’ කියා යමෙක් මෙසේ කියන්නේ නම් (ඔහුට) මෙසේ කියයුතු වන්නේය. (කෙසේද?) ‘ඇවැත්නි, මේ ශාසනයෙහි මහණෙක් තෙමේ ප්‍රීතියෙන් වෙන්වම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. තෘතීය ධ්‍යානයට පැමිණ වෙසේද, මෙහි කාමයෝ නිරුද්‍ධ වෙත්. ඔවුහු කාමයන්ද අතිශයින් නිරුද්‍ධකොට වෙසෙත්ය කියායි. මහණෙනි, ඒකාන්තයෙන් කෛරාටික නොවූයේ, මායා නැත්තේ, යහපතැයි කියන ලද්දට සතුටු වන්නේද, අනුමෝදන් වන්නේද, යහපතැයි (හොඳයි) කියන ලද (වචනයට) සතුටුවී, අනුමෝදන් වී, නමස්කාර කරමින්, ඇඳිලි බැඳ ගනිමින්, (සිටියේ) සමිපයෙහි සිටින්නේද,
“යම් තැනෙක්හි උපෙක්‍ෂා සැප නැති වෙත්ද, යම් ඒ උපෙක්‍ෂා සැපයන් අතිශයින් නැති කරමින් වෙසෙත්ද, ඒ ආයුෂ්මත්හු, ඒකාන්තයෙන් ඒ කාරණයෙන් තෘෂ්ණා නැත්තාහුයයිද, නිවියාහුයයිද, තරණය කළාහුයයිද, පරතෙර ගියාහුයයිද කියමි. කවර තැනෙක උපෙක්‍ෂා සැපයෝ නිරුද්‍ධ වෙත්ද, කවරහු නම් කාමයන් අතිශයින් නිරුද්‍ධ කොට වෙසෙත්ද, මම මෙය නොදනිමි. මම් මෙය නොදකිමි’ කියා යමෙක් මෙසේ කියන්නේ නම් (ඔහුට) මෙසේ කියයුතු වන්නේය. (කෙසේද?) ‘ඇවැත්නි, මේ ශාසනයෙහි මහණෙක් තෙමේ උපෙක්‍ෂා සැපයෙන් වෙන්වම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, චතුර්ත්‍ථා ධ්‍යානයට පැමිණ වාසය කරයි. චතුර්ත්‍ථා ධ්‍යානයට පැමිණ වෙසේද, මෙහි උපෙක්‍ෂා සැප නිරුද්‍ධ වෙත්. ඔවුහු උපෙක්‍ෂා සැපයන්ද අතිශයින් නිරුද්‍ධකොට වෙසෙත්ය කියායි. මහණෙනි, ඒකාන්තයෙන් කෛරාටික නොවූයේ, මායා නැත්තේ, යහපතැයි කියන ලද්දට සතුටු වන්නේද, අනුමෝදන් වන්නේද, යහපතැයි (හොඳයි) කියන ලද (වචනයට) සතුටුවී, අනුමෝදන් වී, නමස්කාර කරමින්, ඇඳිලි බැඳ ගනිමින්, (සිටියේ) සමිපයෙහි සිටින්නේද,
“යම් තැනෙක්හි රූප සංඥාවෝ නැති වෙත්ද, යම් ඒ රූප සංඥාවෝ අතිශයින් නැති කරමින් වෙසෙත්ද, ඒ ආයුෂ්මත්හු, ඒකාන්තයෙන් ඒ කාරණයෙන් තෘෂ්ණා නැත්තාහුයයිද, නිවියාහුයයිද, තරණය කළාහුයයිද, පරතෙර ගියාහුයයිද කියමි. කවර තැනෙක රූප සංඥාවෝ නිරුද්‍ධ වෙත්ද, කවරහු නම් රූප සංඥාවෝ අතිශයින් නිරුද්‍ධ කොට වෙසෙත්ද, මම මෙය නොදනිමි. මම් මෙය නොදකිමි’ කියා යමෙක් මෙසේ කියන්නේ නම් (ඔහුට) මෙසේ කියයුතු වන්නේය. (කෙසේද?) ‘ඇවැත්නි, මේ ශාසනයෙහි මහණෙක් තෙමේ රූප සංඥාවන්ගෙන් වෙන්වම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, නානාආත්මයක හැගීම් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි. නානාආත්මයක හැගීම් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසේද, මෙහි රූප සංඥාවෝ නිරුද්‍ධ වෙත්.