9. 1. 2. 3.
කොට්ඨිත - ශාරීපුත්ත සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
ඉක්බිති ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් ශාරීපුත්ත ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණි සේක. පැමිණ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවීය. සතුටුවියයුතු කථාවද, සිහි කටයුතු කථාද කොට නිමවා එකත්පසෙක උන් සේක. එකත්පසෙක උන්නාවූ ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මේ කාරණය කී සේක.
“ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක්ද? යම් කර්‍මයක් දිට්ඨධම්මවෙදනීය (මේ ආත්මයෙහි විඳිය යුතු) වේ ද, ඒ කර්‍මය මට සම්පරායවෙදනීය (පරලෙව්හිදී විඳිය යුතු) වේවායි මේ පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරාද?” “ඇවැත්නි, මෙය නොවේමැයි.”
“ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක්ද? යම් කර්‍මයක් සම්පරායවෙදනීය (පරලොවදී විඳිය යුතු) වේද, ඒ කර්‍මය මට දිට්ඨධම්මවෙදනීය (මේ ආත්මයෙහි විඳිය යුතු) වේවායි මේ පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරාද?” - “ඇවැත්නි, ඒ කාරණය නොවේමැයි.”
“ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක්ද? යම් කර්‍මයක් සැප විඳුවාද, ඒ කර්‍මය මට සැප විඳුවන්නක් වේවායි මේ පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරාද?” - “ඇවැත්නි, මේ කාරණය නොවේමැයි.”
“ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක්ද? යම් කර්‍මයක් දුක විඳුවාද, ඒ කර්‍මය මට සැප විඳුවන්නක් වේවායි මේ පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරාද?” - “ඇවැත්නි, මේ කාරණය නොවේමැයි.”
“ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක්ද? යම් කර්‍මයක් පැසී විඳුවාද, ඒ කර්‍මය මට නො පැසී විඳුවන්නක් වේවායි මේ පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරාද?” - “ඇවැත්නි, මේ කාරණය නොවේමැයි.”
“ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක්ද? යම් කර්‍මයක් නො පැසී විඳුවාද, ඒ කර්‍මය මට පැසී විඳුවන්නක් වේවායි මේ පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරාද?” - “ඇවැත්නි, මේ කාරණය නොවේමැයි.”
“ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක්ද? යම් කර්‍මයක් බොහෝ විඳිය යුතුද, ඒ කර්‍මය මට ටිකක් විඳුවන්නක් වේවායි මේ පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරාද?” - “ඇවැත්නි, මේ කාරණය නොවේමැයි.”
“ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක්ද? යම් කර්‍මයක් ටිකක් විඳුවන්නක් වේද, ඒ කර්‍මය මට බොහෝ විඳුවන්නක් වේවායි මේ පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරාද?” - “ඇවැත්නි, මේ කාරණය නොවේමැයි.”
“ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක්ද? යම් කර්‍මයක් විඳිය යුතුද, ඒ කර්‍මය මට නොවිඳිය යුත්තක් වේවායි මේ පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරාද?” - “ඇවැත්නි, මේ කාරණය නොවේමැයි.”
“ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක්ද? යම් කර්‍මයක් නොවිඳින්නක් වේද, ඒ කර්‍මය මට විඳින්නක් වේවායි මේ පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරාද?” - “ඇවැත්නි, මේ කාරණය නොවේමැයි.”
“ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක්ද? යම් කර්‍මයක් දිට්ඨධම්මවෙදනීය (මේ ආත්මයෙහිම විඳිය යුතු) වේ ද, ඒ කර්‍මය මට සම්පරායවෙදනීය (පරලෙව්හිදී විඳිය යුතු) වේවායි මේ පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරාද?” මෙසේ විචාරනු ලබන්නේ, ‘ඇවැත්නි, මේ කාරණය නොවේ’ යයි කියන්නෙහිය.
“ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක්ද? යම් කර්‍මයක් සම්පරායවෙදනීය (පරලොවදී විඳිය යුතු) වේද, ඒ කර්‍මය මට දිට්ඨධම්මවෙදනීය (මේ ආත්මයෙහි විඳිය යුතු) වේවායි මේ කාරණය පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරාදැ?” යි විචාරණු ලබන්නේම “ඇවැත්නි, ඒ කාරණය නොවේය” යි කියන්නෙහිය.
“ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක්ද? යම් කර්‍මයක් සැප විඳුවාද, ඒ කර්‍මය මට සැප විඳුවන්නක් වේවායි මේ පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරාද?” යි මෙසේ විචාරණු ලබන්නේම “ඇවැත්නි, ඒ කාරණය නොවේය” යි කියන්නෙහිය.
“ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක්ද? යම් කර්‍මයක් දුක විඳුවාද, ඒ කර්‍මය මට සැප විඳුවන්නක් වේවායි මේ පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරාද?” යි මෙසේ විචාරණු ලබන්නේම “ඇවැත්නි, ඒ කාරණය නොවේය” යි කියන්නෙහිය.
“ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක්ද? යම් කර්‍මයක් පැසී විඳුවාද, ඒ කර්‍මය මට නො පැසී විඳුවන්නක් වේවායි මේ පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරාද?” යි මෙසේ විචාරණු ලබන්නේම “ඇවැත්නි, ඒ කාරණය නොවේය” යි කියන්නෙහිය.
“ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක්ද? යම් කර්‍මයක් නො පැසී විඳුවාද, ඒ කර්‍මය මට පැසී විඳුවන්නක් වේවායි මේ පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරාද?” යි මෙසේ විචාරණු ලබන්නේම “ඇවැත්නි, ඒ කාරණය නොවේය” යි කියන්නෙහිය.