6. 2. 17-36.
[භල්ලිකාදි විසි සූත්ර]
[සැවැත් නිදානයි]
17-36. මහණෙනි, ධර්ම සයකින් යුක්තවූ භල්ලික ගෘහපති ... සුදත්ත අනේපිඬු ගෘහපති ... මච්ඡිකාසණ්ඩික චිත්ත ගෘහපති ... හත්ථක ආළවක ... මහානාම ශාක්ය ... විශාලා මහනුවර උග්ග ගෘහපති ... උග්ගත ගෘහපති ... සූර අම්බට්ඨ ... ජීවක කොමාරභච්ච ... නකුලපිතා ගෘහපති ... තවකණ්ණික ගෘහපති ... පූරණ ගෘහපති ... ඉසිදත්ත ගෘහපති ... සන්ධාන ගෘහපති ... විජය ගෘහපති ... වජ්ජියමහිත ගෘහපති ... මෙණ්ඩක ගෘහපති ... වාසෙට්ඨ උපාසක ... අරිට්ඨ උපාසක ... සාරග්ග උපාසක තෙමේ තථාගතයන් කෙරෙහි නිශ්චයට ගියේ අමෘතය දක්නේ අමෘතය සාක්ෂාත් කොට වෙසෙයි. කවර සයකින්ද යත්:
බුදුන් කෙරෙහි අචල ශ්රද්ධාවෙන්, ධර්මයෙහි අචල ශ්රද්ධාවෙන්, සංඝයා කෙරෙහි අචල ශ්රද්ධාවෙන්, ආර්ය්ය ශීලයෙන්, ආර්ය්ය ඤාණයෙන්. ආර්ය්ය විමුක්තියෙන් (යුක්ත වූයේ වේ).
මහණෙනි, මේ ධර්ම සයකින් යුක්තවූ සාරග්ග උපාසක තෙමේ තථාගතයන් කෙරෙහි නිශ්චයට ගියේ අමෘතය දක්නේ අමෘතය සාක්ෂාත් කොට වෙසෙයි.
සාමඤ්ඤ වර්ගය.
ෂට්ක නිපාතයෙහි රාගාදී පෙය්යාල සූත්ර.
[සැවැත් නිදානයි]
1. “මහණෙනි, රාගය විශිෂ්ටඥානයෙන් අවබෝධකිරීම පිණිස ධර්ම සයක් වැඩිය යුතුය. කිනම් සයක්ද යත්:
ශ්රේෂ්ඨ දැකීම, ශ්රේෂ්ඨ ඇසීම, ශ්රේෂ්ඨ ලාභය, ශ්රේෂ්ඨ හික්මීම, ශ්රේෂ්ඨ උපස්ථානය, ශ්රේෂ්ඨ සිහිකිරීම යන සයයි.
මහණෙනි, රාගය විශිෂ්ටඥානයෙන් අවබෝධකිරීම පිණිස මේ ධර්ම සය වැඩිය යුතුය.
[සැවැත් නිදානයි]
2. “මහණෙනි, රාගය විශිෂ්ටඥානයෙන් අවබෝධකිරීම පිණිස ධර්ම සයක් වැඩිය යුත්තාහ. කිනම් සයක්ද යත්:
බුදුන් අරමුණු කොට ඇති සිහිය, ධර්මය අරමුණු කොට ඇති සිහිය, සංඝයා අරමුණු කොට ඇති සිහිය, ශීලය අරමුණු කොට ඇති සිහිය, ත්යාගය අරමුණු කොට ඇති සිහිය, දෙවියන් අරමුණු කොට ඇති සිහිය, යන සයයි.
මහණෙනි, රාගය විශිෂ්ටඥානයෙන් අවබෝධකිරීම පිණිස මේ ධර්ම සය වැඩිය යුත්තාහ.
[සැවැත් නිදානයි]
3. “මහණෙනි, රාගය විශිෂ්ටඥානයෙන් අවබෝධකිරීම පිණිස ධර්ම සයක් වැඩිය යුත්තාහ. කිනම් සයක්ද යත්:
අනිත්යය යන හැඟීම, අනිත්යයෙහි දුක්ය යන හැඟීම, දුකෙහි අනාත්මය යන හැඟීම, ප්රහාණ සංඥාව (දුරුකරණ හැඟීම), විරාග සංඥාව (නොඇලෙන හැඟීම), නිරෝධ සංඥාව (නිවණ යන හැඟීම), යන සයයි.
මහණෙනි, රාගය විශිෂ්ටඥානයෙන් අවබෝධකිරීම පිණිස මේ ධර්ම සය වැඩිය යුත්තාහ.
[සැවැත් නිදානයි]
4-30. මහණෙනි, රාගය පිරිසිඳ දැනගැනීම පිණිස [ධර්ම සයක් වැඩිය යුතුයි ... මහණෙනි, රාගය] ක්ෂය කිරීම පිණිස ... ප්රහීණ කිරීම පිණිස ... ක්ෂයවීම පිණිස ... වැනසීම පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්යාගය පිණිස ... අත්හැරීම පිණිස මේ ධර්ම සය වැඩිය යුතුයි.
31-60. මහණෙනි, ද්වේෂය [විශිෂ්ට ඥානයෙන් දැනගැනීම පිණිස ධර්ම සයක් වැඩිය යුතුයි ... මහණෙනි, ද්වේෂය] පිරිසිඳ දැනගැනීම පිණිස ... ක්ෂය කිරීම පිණිස ... ප්රහීණ කිරීම පිණිස ... ක්ෂයවීම පිණිස ... වැනසීම පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්යාගය පිණිස ... අත්හැරීම පිණිස මේ ධර්ම සය වැඩිය යුතුයි.
61-90. මහණෙනි, මෝහය -පෙ-
91-120. මහණෙනි, ක්රෝධය -පෙ-
121-150. මහණෙනි, උපනාහය (බද්ධ වෛරය) -පෙ-
151-180. මහණෙනි, මක්ඛය (ගුණමකු බව) -පෙ-