2. සාමඤ්ඤ වර්ගය.
6. 2. 1.
1. කායානුපස්සී විහරණ සූත්රය
[සැවැත් නිදානයි]
1. “මහණෙනි, ධර්ම සයක් දුරු නොකර ශරීරයෙහි ශරීරය අනුව බලන්නට නුසුදුසුය. කිනම් සයක්ද යත්:
කර්මාන්තයෙහි ඇලුන බව, කථාවෙහි ඇලුන බව, නිදීමෙහි ඇලුන බව, පිරිසෙහි ඇලුන බව, ඉන්ද්රියයන්හි නොවසන ලද දොරටු ඇති බව, බොජුනෙහි ප්රමාණ නොදන්නා බව යන සයයි.
මහණෙනි, මේ ධර්ම සය අත් නොහැර ශරීරයේ ශරීරය අනුව බැලීම බලමින් වසන්නට නුසුදුසුය.
මහණෙනි, ධර්ම සයක් අත්හැර ශරීරයෙහි ශරීරය අනුව බලන්නට සුදුසුය. කිනම් සයක්ද යත්:
කර්මාන්තයෙහි ඇලුන බව, කථාවෙහි ඇලුන බව, නිදීමෙහි ඇලුන බව, පිරිසෙහි ඇලුන බව, ඉන්ද්රියයන්හි නොවසන ලද දොරටු ඇති බව, බොජුනෙහි ප්රමාණ නොදන්නා බව යන සයයි.
මහණෙනි, මේ ධර්ම සය අත් හැර ශරීරයේ ශරීරය අනුව බැලීම බලමින් වසන්නට සුදුසුය.
6. 2. 2-15.
[අජ්ඣත්තකායානුපස්සී ආදී සූත්ර පහළොස]
[සැවැත් නිදානයි]
2-15. මහණෙනි, ධර්ම සයක් දුරු නොකර අධ්යාත්මික කයෙහි (කායානුපස්සීව විහරණය කිරීමට) -පෙ- බාහිර කයෙහි -පෙ- අධ්යාත්මික බාහිර කයෙහි -පෙ- වේදනාවන්හි -පෙ- අධ්යාත්මික වේදනාවන්හි -පෙ- බාහිර වේදනාවන්හි -පෙ- අධ්යාත්මික බාහිර වේදනාවන්හි -පෙ- සිතෙහි -පෙ- අධ්යාත්මික සිතෙහි -පෙ- බාහිර සිතෙහි -පෙ- අධ්යාත්මික බාහිර සිතෙහි -පෙ- ධර්මයන්හි -පෙ- අධ්යාත්මික ධර්මයන්හි -පෙ- බාහිර ධර්මයන්හි -පෙ- අධ්යාත්මික බාහිර ධර්මයන්හි ධර්මානුපස්සීව විහරණය කිරීමට නුසුදුසුය. කවර සයක්ද යත්:
කර්මාන්තයෙහි ඇලුන බව, කථාවෙහි ඇලුන බව, නිදීමෙහි ඇලුන බව, පිරිසෙහි ඇලුන බව, ඉන්ද්රියයන්හි නොවසන ලද දොරටු ඇති බව, බොජුනෙහි ප්රමාණ නොදන්නා බව යන සයයි.
මහණෙනි, මේ ධර්ම සය අත් හැර අජ්ඣත්තබහිද්ධා ධර්මයන්හි ධර්මානුපස්සීව විහරණය කිරීමට සුදුසු වේ.
6. 2. 16.
3. තපුස්ස සූත්රය
[සැවැත් නිදානයි]
16. “මහණෙනි, ධර්ම සයකින් යුක්තවූ තපස්සු නම් ගෘහපතිතෙමේ තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදීමට ගියේ, අමෘතය දක්නේ, අමෘතය ප්රත්යක්ෂකොට ජීවත්වෙයි. කිනම් සයකින්ද යත්:
බුදුන් කෙරෙහි අචල ශ්රද්ධාවෙන් යුක්තවේද, ධර්මයෙහි අචල ශ්රද්ධාවෙන් යුක්ත වූයේ වේද, සංඝයා කෙරෙහි අචල ශ්රද්ධාවෙන් යුක්තවූයේ වේද, ආර්ය්ය ශීලයෙන් යුක්තවූයේ වේද, ආර්ය්ය ඤාණයෙන් යුක්තවූයේ වේද, ආර්ය්යවූ කෙලෙසුන්ගෙන් මිදීමෙන් යුක්තවූයේ වේද.
මහණෙනි, ධර්ම සයකින් යුක්තවූ තපස්සු නම් ගෘහපතිතෙමේ තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදීමට ගියේ, අමෘතය දක්නේ, අමෘතය ප්රත්යක්ෂකොට ජීවත්වෙයි.
6. 2. 17-36.
[භල්ලිකාදි විසි සූත්ර]
[සැවැත් නිදානයි]
17-36. මහණෙනි, ධර්ම සයකින් යුක්තවූ භල්ලික ගෘහපති ... සුදත්ත අනේපිඬු ගෘහපති ... මච්ඡිකාසණ්ඩික චිත්ත ගෘහපති ... හත්ථක ආළවක ... මහානාම ශාක්ය ... විශාලා මහනුවර උග්ග ගෘහපති ... උග්ගත ගෘහපති ... සූර අම්බට්ඨ ... ජීවක කොමාරභච්ච ... නකුලපිතා ගෘහපති ... තවකණ්ණික ගෘහපති ... පූරණ ගෘහපති ... ඉසිදත්ත ගෘහපති ... සන්ධාන ගෘහපති ... විජය ගෘහපති ... වජ්ජියමහිත ගෘහපති ... මෙණ්ඩක ගෘහපති ... වාසෙට්ඨ උපාසක ... අරිට්ඨ උපාසක ... සාරග්ග උපාසක තෙමේ තථාගතයන් කෙරෙහි නිශ්චයට ගියේ අමෘතය දක්නේ අමෘතය සාක්ෂාත් කොට වෙසෙයි. කවර සයකින්ද යත්:
බුදුන් කෙරෙහි අචල ශ්රද්ධාවෙන්, ධර්මයෙහි අචල ශ්රද්ධාවෙන්, සංඝයා කෙරෙහි අචල ශ්රද්ධාවෙන්, ආර්ය්ය ශීලයෙන්, ආර්ය්ය ඤාණයෙන්. ආර්ය්ය විමුක්තියෙන් (යුක්ත වූයේ වේ).
මහණෙනි, මේ ධර්ම සයකින් යුක්තවූ සාරග්ග උපාසක තෙමේ තථාගතයන් කෙරෙහි නිශ්චයට ගියේ අමෘතය දක්නේ අමෘතය සාක්ෂාත් කොට වෙසෙයි.
සාමඤ්ඤ වර්ගය.