ෂට්ක නිපාතයෙහි රාගාදී පෙය්යාල සූත්ර.
[සැවැත් නිදානයි]
1. “මහණෙනි, රාගය විශිෂ්ටඥානයෙන් අවබෝධකිරීම පිණිස ධර්ම සයක් වැඩිය යුතුය. කිනම් සයක්ද යත්:
ශ්රේෂ්ඨ දැකීම, ශ්රේෂ්ඨ ඇසීම, ශ්රේෂ්ඨ ලාභය, ශ්රේෂ්ඨ හික්මීම, ශ්රේෂ්ඨ උපස්ථානය, ශ්රේෂ්ඨ සිහිකිරීම යන සයයි.
මහණෙනි, රාගය විශිෂ්ටඥානයෙන් අවබෝධකිරීම පිණිස මේ ධර්ම සය වැඩිය යුතුය.
[සැවැත් නිදානයි]
2. “මහණෙනි, රාගය විශිෂ්ටඥානයෙන් අවබෝධකිරීම පිණිස ධර්ම සයක් වැඩිය යුත්තාහ. කිනම් සයක්ද යත්:
බුදුන් අරමුණු කොට ඇති සිහිය, ධර්මය අරමුණු කොට ඇති සිහිය, සංඝයා අරමුණු කොට ඇති සිහිය, ශීලය අරමුණු කොට ඇති සිහිය, ත්යාගය අරමුණු කොට ඇති සිහිය, දෙවියන් අරමුණු කොට ඇති සිහිය, යන සයයි.
මහණෙනි, රාගය විශිෂ්ටඥානයෙන් අවබෝධකිරීම පිණිස මේ ධර්ම සය වැඩිය යුත්තාහ.
[සැවැත් නිදානයි]
3. “මහණෙනි, රාගය විශිෂ්ටඥානයෙන් අවබෝධකිරීම පිණිස ධර්ම සයක් වැඩිය යුත්තාහ. කිනම් සයක්ද යත්:
අනිත්යය යන හැඟීම, අනිත්යයෙහි දුක්ය යන හැඟීම, දුකෙහි අනාත්මය යන හැඟීම, ප්රහාණ සංඥාව (දුරුකරණ හැඟීම), විරාග සංඥාව (නොඇලෙන හැඟීම), නිරෝධ සංඥාව (නිවණ යන හැඟීම), යන සයයි.
මහණෙනි, රාගය විශිෂ්ටඥානයෙන් අවබෝධකිරීම පිණිස මේ ධර්ම සය වැඩිය යුත්තාහ.
[සැවැත් නිදානයි]
4-30. මහණෙනි, රාගය පිරිසිඳ දැනගැනීම පිණිස [ධර්ම සයක් වැඩිය යුතුයි ... මහණෙනි, රාගය] ක්ෂය කිරීම පිණිස ... ප්රහීණ කිරීම පිණිස ... ක්ෂයවීම පිණිස ... වැනසීම පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්යාගය පිණිස ... අත්හැරීම පිණිස මේ ධර්ම සය වැඩිය යුතුයි.
31-60. මහණෙනි, ද්වේෂය [විශිෂ්ට ඥානයෙන් දැනගැනීම පිණිස ධර්ම සයක් වැඩිය යුතුයි ... මහණෙනි, ද්වේෂය] පිරිසිඳ දැනගැනීම පිණිස ... ක්ෂය කිරීම පිණිස ... ප්රහීණ කිරීම පිණිස ... ක්ෂයවීම පිණිස ... වැනසීම පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්යාගය පිණිස ... අත්හැරීම පිණිස මේ ධර්ම සය වැඩිය යුතුයි.
61-90. මහණෙනි, මෝහය -පෙ-
91-120. මහණෙනි, ක්රෝධය -පෙ-
121-150. මහණෙනි, උපනාහය (බද්ධ වෛරය) -පෙ-
151-180. මහණෙනි, මක්ඛය (ගුණමකු බව) -පෙ-
181-210. මහණෙනි, පලාසය (යුගග්රාහය) -පෙ-
211-240. මහණෙනි, ඊර්ෂ්යාව -පෙ-
241-270. මහණෙනි, මසුරුකම -පෙ-
271-300. මහණෙනි, මායාව -පෙ-
301-330. මහණෙනි, සාඨෙය්ය (කෛරාටිකකම) -පෙ-
331-360. මහණෙනි, ථම්භය (තද ගතිය) -පෙ-
361-390. මහණෙනි, සාරම්භය (එකට එක කිරීම) -පෙ-
391-420. මහණෙනි, මාන්නය -පෙ-
421-450. මහණෙනි, අතිමාන්නය -පෙ-
451-480. මහණෙනි, මදය (මත්වීම) -පෙ-
481-510. මහණෙනි, ප්රමාදය විශිෂ්ට ඥානයෙන් දැනගැනීම පිණිස ... පිරිසිඳ දැනගැනීම පිණිස ... ක්ෂය කිරීම පිණිස ... ප්රහීණ කිරීම පිණිස ... ක්ෂයවීම පිණිස ... වැනසීම පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්යාගය පිණිස ... පටිනිස්සග්ගය පිණිස ධර්ම සයක් වැඩිය යුතුයි. කවර සයක්ද යත්: දස්සනානුත්තරිය ... අනුස්සති ... බුද්ධානුස්සති ... අනිච්ච සඤ්ඤා ... මහණෙනි, ප්රමාදය අභිඥාව පිණිස ... පටිනිස්සග්ගය පිණිස මේ ධර්ම සය වැඩිය යුතුයි.
භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක. පැහැදුනු සිතැති ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුවූහ.
රාගාදි පෙය්යාලය නිමි.
සයවන නිපාතය නිමි.