6. 1. 4. 5.
5. විජ්ජාභාගිය ධම්ම සූත්‍රය
[සැවැත් නිදානයි]
35. “මහණෙනි, විද්‍යාව භජනය කරණ මේ කරුණු සයකි.
“කිනම් සයක්ද යත් ? අනිත්‍ය හැඟීමය, අනිත්‍යයෙහි දුකය යන හැඟීමය. දුකෙහි අනාත්මය යන හැඟීමය. දුරු කරණ හැඟීමය. නොඇලෙන හැඟීමය. නිවණ යන හැඟීමය.
මහණෙනි, විද්‍යාව භජනය කරණ මේ කරුණු සයකි.
6. 1. 4. 6.
6. විවාද මූලක ධම්ම සූත්‍රය
[සැවැත් නිදානයි]
36. “මහණෙනි, මේ විවාදයට මුල් සයක් වෙත්. “කිනම් සයක්ද යත් ?
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ක්‍රොධ කරන්නේ වේද, බද්ධ වෛර ඇත්තේ වේද, මහණෙනි, යම් ඒ භික්ෂු නමක් ක්‍රොධ කරන්නේ වේද, බද්ධ වෛර ඇත්තේ වේද, හෙතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි. ධර්මයෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි. සංඝයා කෙරෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි. ශික්ෂාපද සම්පූර්ණකොට නොරකින්නෙක් වේ. “මහණෙනි, යම් ඒ භික්ෂු නමක් ක්‍රොධ කරන්නේ වේද, බද්ධ වෛර ඇත්තේ වේද, හෙතෙම)සස’ ශාස්තෲන් වහන්සේ කෙරෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි. ධර්මයෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි. සංඝයා කෙරෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයිද හෙතෙම යම් විවාදයක් බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්‍ත්‍ථය පිණිස, අහිත පිණිස, දෙවි මිනිසුන්ට දුක් පිණිස සංඝයා අතරෙහි විවාද උපදවයි. “මහණෙනි, තොප විසින් මෙබඳු විවාදයකට මුල් කරුණු ඇතුලත හෝ පිටත දක්නහුද, මහණෙනි, එහිදී තොප විසින් ඒ පවිටු විවාදයට මුල් කරුණු නැතිකිරීම පිණිස වෑයම් කරව්. මහණෙනි, ඉදින් තොප විසින් මෙබඳු විවාදයන්ට මුල්වූ කරුණු ඇතුළත හෝ පිටත හෝ නොදක්නහු නම්, මහණෙනි, තොප විසින් එහිදී ඒ ලාමක විවාදයට මුල මතු නොවීම පිණිස පිළිපදිව්. මෙසේ මේ ලාමක විවාදයට මුල ප්‍රහීණවීම වේ. මෙසේ මේ ලාමක විවාදයට මුල මතු නොවීම පිණිස වේ.
(2) තවද මහණෙනි, භික්ෂුව ගුණමකු වූයේ, යුගග්‍රාහී (අනුන් හා තමා සම කොට ගන්නා) වූයේ වෙයි -පෙ- (3) ඊර්ෂ්‍යා ඇත්තේ, මසුරු වූයේ වෙයි -පෙ- (4) කපටි වූයේ, මායාවී වූයේ වෙයි -පෙ- (5) පවිටු ආශා ඇත්තේ, මිසදිටු ඇත්තේ වෙයි -පෙ- (6) තම මතයම දැඩිව අල්වා ගන්නේ, තදින් ගන්නේ, ගත් මතය අත්හැරීමට අපහසු වූයේ වෙයි. මහණෙනි, යම් භික්ෂුවක් තම මතයම දැඩිව අල්වා ගන්නේ, තදින් ගන්නේ, ගත් මතය අත්හැරීමට අපහසු වූයේ වේ නම්, හෙතෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැතිව, යටහත් පැවතුම් නැතිව වාසය කරයි; ධර්මය කෙරෙහිද ගෞරව නැතිව, යටහත් පැවතුම් නැතිව වාසය කරයි; සංඝයා කෙරෙහිද ගෞරව නැතිව, යටහත් පැවතුම් නැතිව වාසය කරයි; ශික්ෂාවද සම්පූර්ණ කරන්නෙක් නොවෙයි. මහණෙනි, යම් භික්ෂුවක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැතිව, යටහත් පැවතුම් නැතිව වාසය කරයි නම්, ධර්මය කෙරෙහි ගෞරව නැතිව, යටහත් පැවතුම් නැතිව වාසය කරයි නම්, සංඝයා කෙරෙහි ගෞරව නැතිව, යටහත් පැවතුම් නැතිව වාසය කරයි නම්, ශික්ෂාව සම්පූර්ණ නොකරන්නේ නම්, හෙතෙම සංඝයා අතර විවාදයක් ඇති කරයි. ඒ විවාදය බොහෝ දෙනාට අහිතය පිණිස, බොහෝ දෙනාට අසුව පිණිස, බොහෝ ජනයාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිතය පිණිස, දුක පිණිස පවතියි. මහණෙනි, ඉදින් ඔබ මෙබඳු විවාද මූලයක් අභ්‍යන්තර පිරිසෙහි හෝ බාහිර පිරිසෙහි හෝ දකින්නහු නම්, මහණෙනි, එහිදී ඔබ ඒ පවිටු විවාද මූලයම නැති කිරීම පිණිස උත්සාහ කළ යුතුය. මහණෙනි, ඉදින් ඔබ මෙබඳු විවාද මූලයක් අභ්‍යන්තර පිරිසෙහි හෝ බාහිර පිරිසෙහි හෝ නොදකින්නහු නම්, මහණෙනි, එහිදී ඔබ ඒ පවිටු විවාද මූලයම මතු නූපදීම පිණිස පිළිපැදිය යුතුය. මෙසේ මේ පවිටු විවාද මූලය නැති වෙයි. මෙසේ මේ පවිටු විවාද මූලය මතු නූපදියි.
මහණෙනි, මේ වනාහි විවාදයට මුල් සයයි.