6. 1. 4. 4.
4. තිස්සබ්රහ්ම සූත්රය
34. “එක් කාලයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු මහ සිටුහු විසින් කරවා පූජා කරණ ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති විවේකයට ගිය හුදකලාව වෙසෙන ආයුෂ්මත් මහ මුගලන් තෙරුන්ගේ සිතට මෙසේ සිතිවිල්ලක් පහළවිය.
“කිනම් දෙවි කෙනෙකුන්ට, ‘අපායට නොවැටෙන ස්වභාවය ඇති, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුය’ යි මෙබඳු ඤාණයක් වේද” කියායි. ඒ කාලයෙහි තිස්ස නම් බ්රහ්මතෙම කළුරියකොට අලුතවූයේ, එක්තරා බ්රහ්ම ලෝකයක උපන්නේ විය. එහිදීද, ඔහු මහත් ඎද්ධි ඇති, මහත් ආනුභාව ඇති, තිස්ස බ්රහ්මයායයි මෙසේ දනිත්.
ඉක්බිති ආයුෂ්මත් මහ මුගලන් ස්ථවිර තෙමේ, යම්සේ බලවත් පුරුෂයෙක් හකුළුවන ලද අත දික් කරන්නේද, දික් කරණ ලද අත හකුළුවන්නේද, එසේ ජේතවනයෙහි අතුරුදහන්වූයේ, ඒ බ්රහ්මලෝකයෙහි පහළවිය. තිස්ස බ්රහ්ම තෙමේ, දුර සිටම එන ආයුෂ්මත් මහ මුගලන් තෙරුන් දැක්කේය. දැක ආයුෂ්මත් මහ මුගලන් තෙරුන්ට, ‘නිදුකාණනි, මුගලන් ස්ථවිරයෙනි, වඩින්න, නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, යහපත් පැමිණීමක් වේවා. නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, බොහෝ කලකින් ඉර්ධියෙන් ඒම සංඛ්යාත මේ ක්රමය කෙළේය. නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, මේ අස්නක් පැණවීමිය’ යි කීයේය.
ආයුෂ්මත් මහ මුගලන් ස්ථවිර තෙමේ පැනවූ අස්නෙහි හිඳගත්තේය.
තිස්ස බ්රහ්ම තෙමේද ආයුෂ්මත් මහ මුගලන් තෙරෙුන්ට වැඳ එකත්පසෙක සිටියේය.
එකත්පසෙක සිටි තිස්ස බ්රහ්මයාට ආයුෂ්මත් මහ මුගලන් ස්ථවිර තෙම. “තිස්සය, කවර දෙවි කෙනෙකුන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙබඳු ඤාණයක් වේද?
“නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, චාතුර්මහාරාජික දෙවියන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙබඳු ඤාණයක් වේද?
“තිස්සය, ඒ සියලු චාතුර්මහාරාජික දෙවියන්ටම අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙබඳු ඤාණයෙක් විය.
“නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, සියලු චාතුර්මහාරාජික දෙවියන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙසේ නුවණක් නොවේ. ‘නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, යම් ඒ චාතුර්මහාරාජික දෙවි කෙනෙක් බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, ධර්මයෙහි නොසෙල්වෙන ශ්රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, ආර්ය්යයන්ට සුදුසු ශීලයෙන් යුක්ත නොවූවාහුද, ඔවුන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි මෙබඳු නුවණක් නොවේ. ‘නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, යම් ඒ චාතුර්මහාරාජික දෙවි කෙනෙක් බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, ධර්මයෙහි නොසෙල්වෙන ශ්රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, ආර්ය්යයන්ට සුදුසු ශීලයෙන් යුක්ත නොවූවාහුද, ඔවුන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි මෙබඳු නුවණක් ඇතිවේ.