6. 1. 2. 8.
[මච්ඡඛන්ධ සූත්‍රය]
18. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්ෂු සංඝයා සමග කොසොල් රට චාරිකා වෙහි හැසිරෙන සේක. දුර මගට පිළිපන් භාග්‍යවතුන් වහන්සේ එක්තරා ප්‍රදේශයක මසුන් මර මරා විකුණනු ලබන මසුන් අල්ලන්නෙකු දැකි සේක්මය. දැක මගින් ඉවත්ව එක්තරා රුක් මුලක පැනවූ අස්නෙහි වැඩ සිටි සේක. වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.
“මහණෙනි, අර මසුන් මර මරා විකුණනු ලබන මසුන් මරන්නා යුෂ්මත්හු දැක්කහුද ?”
“එසේය, ස්වාමීනි.”
“මහණෙනි, එය කුමකැයි සිතන්නහුද ? මසුන් මර මරා විකුණනු ලබන මසුන් මරන්නෙක් ඒ කර්මයෙන් ඒ ජීවත්වීමෙන් ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ යුෂ්මතුන් විසින් දැක තිබේද, අසා තිබේද ?”
“ස්වාමීනි, එය දැක නැත. අසා නැත.”
“මහණෙනි, යහපති. මසුන් මර මරා විකුණනු ලබන මසුන් මරන්නෙක් ඒ කර්මයෙන් ඒ ජීවත්වීමෙන් ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ මා විසිනුදු නොදක්නා ලදී. නොඅසන ලදී.
එයට හේතු කවරේද ?
මහණෙනි, හෙතෙම මසුන් මරණ කල්හි මැරීමට ගන්නාවූ මසුන් දෙස පාපිවු සිතින් බලයි. එහෙයින් හෙතෙම ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ නොවේ.
“මහණෙනි, එය කුමකැයි සිතන්නහුද ? මහණෙනි, ගවයන් මර මරා විකුණනු ලබන ගොඝාතකයෙක් ඒ කර්මයෙන් ඒ ජීවත්වීමෙන් ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ යුෂ්මතුන් විසින් දැක තිබේද, අසා තිබේද ?”
“ස්වාමීනි, එය දැක නැත. අසා නැත.”
“මහණෙනි, යහපති, ගවයන් මර මරා විකුණනු ලබන ගොඝාතකයෙක් ඒ කර්මයෙන් ජීවත්වීමෙන් ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ මා විසිනුදු නොදක්නා ලදී.
එයට හේතු කවරේද?
මහණෙනි, හෙතෙම ගවයන් මරණ කල්හි මැරීමට ඉදිරිපත් කරණ ගවයන් කෙරෙහි පාපීවූ සිතින් බලයි. එහෙයින් හෙතෙම ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ නොවන්නේය.
මහණෙනි, ඒ කුමක් යැයි සිතන්නහු ද? “බැටළුවන් මරන්නෙක් -පෙ- ඌරන් මරන්නෙක් -පෙ- කුරුල්ලන් මරන්නෙක් -පෙ- මුවන් මරමරා විකුණන මුවවැද්දෙක් ඒ කර්මයෙන්, ඒ ජීවිකාවෙන් ඇතුන් පිට යන්නෙක් හෝ අසුන් පිට යන්නෙක් හෝ රථයෙන් යන්නෙක් හෝ යානයෙන් යන්නෙක් හෝ භෝග අනුභව කරන්නෙක් හෝ මහත් ධනස්කන්ධයක් ලබා වාසය කරන්නෙක් හෝ වූ බව” මහණෙනි, තොප විසින් දක්නා ලද හෝ අසන ලද හෝ තිබේ ද?”
“ස්වාමීනි, එය දැක නැත. අසා නැත.”
“මහණෙනි, යහපති, මුවන් මරා විකුණනු ලබන මෘගවිකයෙක් ඒ කර්මයෙන් ජීවත්වීමෙන් ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ මා විසිනුදු නොදක්නා ලදී.
එයට හේතු කවරේද?
මහණෙනි, හෙතෙම මුවන් මරණ කල්හි මැරීමට ඉදිරිපත් කරණ මුවන් කෙරෙහි පාපීවූ සිතින් බලයි. එහෙයින් හෙතෙම ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ නොවන්නේය.
“යම් මනෂ්යවූවකු මැරීමේදී මරණයට ඉදිරිපත් කරන්නා දෙස පාපීවූ සිතින් බලාද, (එයින් ඇතිවන විපාකය) කියනුම කවරේද ? මහණෙනි, එය වනාහි ඔහුට බොහෝ කලක් අහිත පිණිස, දුක් පිණිස වෙයි. කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් තොරවූ, අයහපත් ගති ඇති, නපුරු සේ වැටෙන නරකයෙහි උපදනේය.”
6. 1. 2. 9.
[පඨම මරණසති සූත්‍රය]
19. “එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාදිකගම්හි ගිඤ්ජකාවසථයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ඇමතූ සේක.
“මහණෙනි, මරණසතිය වඩන ලද්දේ, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ මහත්පල ඇත්තේ වෙයි. මහානිශංස ඇත්තේ වෙයි. නිවණට බැසගත්තේ, නිවණ කෙළවරකොට ඇත්තේ වෙයි. “මහණෙනි, යුෂ්මත්හු මරණ සතිය වඩව්.”