6. 1. 1. 2.
2. ඡලභිඤ්ඤාහුණෙය්ය සූත්‍රය
[සැවැත් නිදානය]
2. “මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ. කවර සයකින්ද යත් ?
(1) මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නොයෙක් අයුරින් ඉර්ධි විධි අනුභව කරයි: එකෙක්වද බොහෝ දෙනෙක් වේ, බොහෝ දෙනෙක්වද එකෙක් වේ, ආවරණය නොවූවෙක්ව අහසෙහි මෙන් බිත්තිය හරහාද පවුර හරහාද පර්වතය හරහාද යයි. දියෙහි මෙන් පොළොවෙහිද ගිලීම් මතුවීම් කරයි. පොළොවෙහි මෙන් දියෙහිද නොබිඳෙන දියෙහි යයි. පියාපත් ඇති ලිහිණියෙකු මෙන් අහසෙහිද පරියංකයෙන් යයි. මහත් ඉර්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳහිරු දෙදෙනාද අතින් අතගායි, පිරිමදියි. බ්‍රහ්මලෝකය දක්වාද කයින් වසඟය පවත්වයි.
(2) පිරිසිදුවූ මිනිස් බව ඉක්මවූ දිව්‍යවූ ශ්‍රෝත ධාතුවෙන් දුරවූද ළඟවූද දිව්‍යවූද මානුෂිකවූද උභය ශබ්දයන් අසයි.
(3) අන්‍ය සත්ත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත (තම) සිතින් පිරිසිඳ දනී: සරාග සිත හෝ සරාග සිත යැයි දනී, වීතරාග සිත හෝ වීතරාග සිත යැයි දනී, සදෝස සිත හෝ ... වීතදෝස සිත හෝ ... සමෝහ සිත හෝ ... වීතමෝහ සිත හෝ ... සංඛිත්ත සිත හෝ ... වික්ඛිත්ත සිත හෝ ... මහග්ගත සිත හෝ ... අමහග්ගත සිත හෝ ... සඋත්තර සිත හෝ ... අනුත්තර සිත හෝ ... සමාහිත සිත හෝ ... අසමාහිත සිත හෝ ... විමුක්ත සිත විමුක්ත සිත යැයි දනී, අවිමුක්ත සිත අවිමුක්ත සිත යැයි දනී.
(4) අනෙකවිධ පෙර විසීම් සිහි කරයි. එනම්: එක් ජාතියක්ද ජාති දෙකක්ද ජාති තුනක්ද ජාති හතරක්ද ජාති පහක්ද ජාති දහයක්ද ජාති විස්සක්ද ජාති තිහක්ද ජාති හතළිහක්ද ජාති පණහක්ද ජාති සියයක්ද ජාති දහසක්ද ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත කල්පද නොයෙක් විවර්ත කල්පද නොයෙක් සංවර්ත විවර්ත කල්පද: 'අසුවල් තැන වීමි, එහි මෙනම් ඇත්තෙම්, මෙනම් ගොත් ඇත්තෙම්, මෙබඳු වර්ණ ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සුවදුක් විඳින්නෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එතැනින් චුතව අසුවල් තැන උපන්නෙමි. එහිද මෙනම් ඇත්තෙම්... ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එතැනින් චුතව මෙහි උපන්නෙමි'යි මෙසේ ආකාර සහිතව උද්දේස සහිතව අනෙකවිධ පෙර විසීම් සිහි කරයි.
(5) පිරිසිදුවූ මිනිස් බව ඉක්මවූ දිවැසින් චුතවන උපදින හීනවූ ප්‍රණීතවූ සුවර්ණවූ දුර්වර්ණවූ සුගතියට ගියාවූ දුර්ගතියට ගියාවූ කම් වූ පරිදි පැමිණි සත්ත්වයන් දකියි: 'මේ පින්වත් සත්ත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තය, වාග් දුශ්චරිතයෙන් යුක්තය, මනෝ දුශ්චරිතයෙන් යුක්තය, ආර්යයන්ට උපවාද කළෝය, මිථ්‍යාදෘෂ්ටිකය, මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන් වූවෝය. ඔවුහු කාබුන් මරණින් මතු සැප නැති දුගති නම් වූ නිරයෙහි උපන්නාහුය. මේ පින්වත් සත්ත්වයෝ කාය සුචරිතයෙන් යුක්තය... සම්මාදෘෂ්ටි කර්ම සමාදන් වූවෝය. ඔවුහු කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්ග ලෝකයෙහි උපන්නාහුය'යි මෙසේ පිරිසිදුවූ මිනිස් බව ඉක්මවූ දිවැසින් ... යථාකර්මෝපග සත්ත්වයන් දනියි.
(6) කෙලෙසුන් ක්ෂයවීමෙන් කෙලෙසුන් නැති අර්හත් ඵල සමාධියටද, අර්හත් ඵල ප්‍රඥාවටද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්රත්යක්ෂකොට පැමිණ වාසය කරයි.
“මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.
6. 1. 1. 3.
3. ආහුණෙය්යින්ද්රිය සූත්‍රය
[සැවැත් නිදානය]
3. “මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ... ලෝකයාගේ උතුම් පින් කෙත වේ. කිනම් කරුණු සයකින්ද යත් ?
අධිපති ශ්‍රද්ධාවෙන්ද, අධිපති වීර්‍ය්‍යයෙන්, අධිපති සිහියෙන්, අධිපති සමාධියෙන්, අධිපති ප්‍රඥාවෙන්, කෙලෙසුන් ක්ෂය වීමෙන්, කෙලෙස් නැති අර්හත් ඵල සමාධියද, අර්හත් ඵල ප්‍රඥාවද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට පැමිණ වාසය කරයි.”
“මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.”
6. 1. 1. 4.
4. ආහුණෙය්‍ය බල සූත්‍රය
[සැවැත් නිදානය]
4. “මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ... ලෝකයාගේ උතුම් පින් කෙත වේ. කිනම් සයකින්ද යත් ?
බලවත් ශ්‍රද්ධාවෙන්, බලවත් වීර්‍ය්‍යයෙන්, බලවත් සිහියෙන්, බලවත් සමාධියෙන්, බලවත් ප්‍රඥාවෙන්, කෙලෙස් ක්ෂය කිරීමෙන්, කෙලෙස් නැති අර්හත් ඵල සමාධියද, අර්හත් ඵල ප්‍රඥාවද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට පැමිණ වාසය කරයි.”
“මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.”