5. 5. 2. 4.
4. බහුභාණ්යාදීනව සූත්රය
සැවැත්නුවර නිදාන යි.
14. “මහණෙනි, බොහෝකොට කථාකරන්නාවූ පුද්ගලයා කෙරෙහි මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්:
බොරු කියයි. කේලාම් කියයි. ඵරුෂ වචන කියයි. හිස් වචන කියයි. ශරීරය බිඳීමෙන් මරණින් මතු සැප නැති, දුකට පිහිටවූ, නපුරු සේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි.
“මහණෙනි, බොහෝකොට කථාකරන්නාවූ පුද්ගලයා කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, පමණ දැන කථා කරණ පුද්ගලයා කෙරෙහි මේ අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්:
බොරු නොකියයි. කේලාම් නොකියයි. ඵරුෂ වචන නොකියයි. හිස් වචන නොකියයි. ශරීරය බිඳීමෙන් මරණින් මතු සුගති නම් දිව්ය ලෝකයෙහි උපදියි. “මහණෙනි, පමණ දැන කථා කරණ පුද්ගලයා කෙරෙහි මේ අනුසස් පසක් වෙත්.
5. 5. 2. 5.
5. පඨම අක්ඛන්තාදීනව සූත්රය
සැවැත්නුවර නිදාන යි.
15. “මහණෙනි, නොඉවසීමෙහි මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්:
බොහෝ දෙනාට අප්රියවූ, අමනාපවූවෙක් වේ. වෛර බහුලකොට ඇත්තේද වේ. ඉතා මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, දුකට පිහිටවූ, නපුරු සේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි.
“මහණෙනි, නොඉවසීමෙහි මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, ඉවසීමෙහි මේ අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්:
බොහෝ දෙනාට ප්රියවූවෙක්, මන වඩන්නෙක් වේ, වෛර බහුලකොට ඇත්තෙක් නොවේ. වරද බහුලකොට ඇත්තෙක් නොවේ. මුළා නොවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම් දිව්ය ලෝකයෙහි උපදියි.
“මහණෙනි, ඉවසීමෙහි මේ අනුසස් පසක් වෙත්.
5. 5. 2. 6.
6. දුතිය අක්ඛන්තාදීනව සූත්රය
සැවැත්නුවර නිදාන යි.
16. “මහණෙනි, නොඉවසීමෙහි මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්:
බොහෝ දෙනාට අප්රියවූවෙක්, අමනාපවූවෙක් වේ. රෞද්ර වූවෙක්ද වේ. විපිලිසර ඇත්තෙක්ද වේ. ඉතා මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, දුකට පිහිටවූ, නපුරු සේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි.
“මහණෙනි, නොඉවසීමෙහි මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, ඉවසීමෙහි මේ අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්:
බොහෝ දෙනාට ප්රියවූවෙක්, මන වඩන්නෙක් වේ, රෞද්ර නොවූවෙක්ද වේ. විපිළිසර නැත්තෙක්ද වේ. මුළා නොවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම් දිව්ය ලෝකයෙහි උපදියි.
“මහණෙනි, ඉවසීමෙහි මේ අනුසස් පසක් වෙත්.