4. 4. 3. 5.
5. උපවාන (හෝ) විජ්ජායන්තර සූත්රය
25. ඉක්බිති ආයුෂ්මත් උපවාන ස්ථවිර තෙම, ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතුවූ, සිහි කටයුතුවූ කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය.
එකත්පසෙක සිටි ආයුෂ්මත් උපවාන ස්ථවිර තෙම, ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන්ට, “ඇවැත්නි, ශාරීපුත්රය, කිමෙක්ද, විද්යාවගේ කෙළවරට ගියේද?” “ඇවැත්නි, මෙය නොවේ.” “ඇවැත් ශාරීපුත්රය, කිමෙක්ද, මරණයෙන් කෙළවරට ගියේද?” “ඇවැත්නි, මෙය නොවේ.” “ඇවැත් ශාරීපුත්රය, කිමෙක්ද, විද්යා, වරණ දෙකින් කෙළවරට ගියේද?” “ඇවැත්නි, මෙය නැත.” “ඇවැත් ශාරීපුත්රය, කිමෙක්ද, විද්යා චරණයන් හැර කෙළවරට ගියේද?” “ඇවැත්නි, මෙය නැත.”
“ඇවැත්නි, ශාරීපුත්රය, කිමෙක්ද, ‘විද්යාවෙන් කෙළවරට ගියේදැ’ යි මෙසේ විචාරණ ලද්දේම, ‘ඇවැත්නි, මෙය නොවේය’ යි කීවෙහිය. ඇවැත්නි, ශාරීපුත්රය, කිමෙක්ද, ‘චරණයෙන් කෙළවරට ගියේදැ’ යි මෙසේ විචාරණ ලද්දේම, ‘ඇවැත්නි, මෙය නොවේය’ යි කීවෙහිය. “ඇවැති, ශාරීපුත්රය, කිමෙක්ද, ‘විද්යාවෙන් හා චරණයෙන් කෙළවරට ගියේදැ’ යි මෙසේ විචාරණ ලද්දේ, ‘ඇවැත්නි, මෙය නොවේය’ යි කීයෙහිය. ඇවැත්, ශාරීපුත්රය, කිමෙක්ද, ‘විද්යා චරණයන් හැර කෙළවරට ගියේදැ’ යි මෙසේ විචාරණ ලද්දේ, ‘ඇවැත්නි, මෙය නොවේය’ යි කීයෙහිය. ඇවැත්නි, යම් ඒ කෙසේ කෙළවරට ගියේදැ” යි ඇසීය.
“ඇවැත්නි, ඉදින් විද්යාවෙන් කෙළවරට ගියේ නම්, උපාදාන සහිතවම කෙළවරට ගියේ වේ. ඉදින් ඇවැත්නි, චරණයෙන් කෙළවරට ගියේ නම්, උපාදාන සහිතවම කෙළවරට ගියේ වන්නේය. ඉදින් ඇවැත්නි, විද්යා චරණයන් හැර කෙළවරට ගියේ නම් පෘතග්ජනයා නම් වේ. ඇවැත්නි, පෘතග්ජනයා වනාහි විද්යා චරණයන් හැර කෙළවරට පැමිණියේය. ඇවැත්ති, චරණයෙන් දුරුවූයේ තත්වූ පරිද්දෙන් නොදනී. නොදකී. චරණයෙන් යුක්තවූයේ, තත්වූ පරිද්දෙන් දනී, දකී, තත්වූ පරිද්දෙන් දන්නේ, දක්නේ, කෙළවරට ගියේ නම් වේ.”
4. 4. 3. 6.
6. ආයාචමාන සූත්රය
26. “මහණෙනි, ශ්රද්ධාවත් මහණ තෙම, ‘සැරියුත්, මුගලන් දෙනම යම්සේ නම් එබඳු වෙමි’ යි මෙසේ මනාකොට ආයාචනා කරණු ලබන්නේ, ආයාචනා කරන්නේය. මහණෙනි, යම් මේ සැරියුත්, මුගලන් දෙනමක් ඇද්ද, මාගේ ශ්රාවකවූ භික්ෂූන්ට මේ තුලනාවකි. මේ ප්රමාණයකි.
“මහණෙනි, ‘ඛෙමා භික්ෂුණියද, උප්පලවණ්ණාවද යම් බඳුද, එබඳු වෙමි’ යි ශ්රද්ධාවත් භික්ෂුණිය මෙසේ මනාකොට ආයාචනා කරණු ලබන්නේ, ආයාචනා කරන්නේය. මහණෙනි, යම් මේ ඛෙමා භික්ෂුණියද, උප්පලවණ්ණා භික්ෂුණියද යම්සේ නම් මාගේ ශ්රාවිකා භික්ෂූණීන්ට මෙය තුලනාවකි. මෙය ප්රමාණයකි.
“මහණෙනි, ‘චිත්ත ගෘහපතියා හා භාහත්ථවක ආලවක යම්සේද, එබඳු වෙමි’ යි ශ්රද්ධාවත් උපාසක තෙම මෙසේ මනාකොට ආයාචනා කරණු ලබන්නේ, ආයාචනා කරන්නේය. මහණෙනි, යම් මේ චිත්ත ගෘහපතියාද, හත්ථක ආලවකද යම් සේ නම් මාගේ ශ්රාවක උපාසකයන්ට මෙය තුලනාවකි. මෙය ප්රමාණයකි.
“මහණෙනි, ඛුජ්ජුත්තරා උපාසිකාවද, වෙළුකණ්ඨකී නන්ද මාතාවද යම් සේද, එබඳු වෙමි’ යි ශ්රද්ධාවත් උපාසිකා තොමෝ මෙසේ මනාකොට ආයාචනා කරණු ලබන්නී, ආයාචනා කරන්නීය. මහණෙනි, යම් මේ ඛුජ්ජුත්තරා උපාසිකාවද, වෙළුකණ්ඨකී නන්ද මාතාවද යම් සේ නම් මාගේ ශ්රාවක උපාසිකාවන්ට මෙය තුලනාවකි. මෙය ප්රමාණයකි.”
4. 4. 3. 7.
රාහුල සූත්රය
27. ඉක්බිති ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් වහන්සේ, භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් වහන්සේට, භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක :