4. 4. 3. 6.
6. ආයාචමාන සූත්රය
26. “මහණෙනි, ශ්රද්ධාවත් මහණ තෙම, ‘සැරියුත්, මුගලන් දෙනම යම්සේ නම් එබඳු වෙමි’ යි මෙසේ මනාකොට ආයාචනා කරණු ලබන්නේ, ආයාචනා කරන්නේය. මහණෙනි, යම් මේ සැරියුත්, මුගලන් දෙනමක් ඇද්ද, මාගේ ශ්රාවකවූ භික්ෂූන්ට මේ තුලනාවකි. මේ ප්රමාණයකි.
“මහණෙනි, ‘ඛෙමා භික්ෂුණියද, උප්පලවණ්ණාවද යම් බඳුද, එබඳු වෙමි’ යි ශ්රද්ධාවත් භික්ෂුණිය මෙසේ මනාකොට ආයාචනා කරණු ලබන්නේ, ආයාචනා කරන්නේය. මහණෙනි, යම් මේ ඛෙමා භික්ෂුණියද, උප්පලවණ්ණා භික්ෂුණියද යම්සේ නම් මාගේ ශ්රාවිකා භික්ෂූණීන්ට මෙය තුලනාවකි. මෙය ප්රමාණයකි.
“මහණෙනි, ‘චිත්ත ගෘහපතියා හා භාහත්ථවක ආලවක යම්සේද, එබඳු වෙමි’ යි ශ්රද්ධාවත් උපාසක තෙම මෙසේ මනාකොට ආයාචනා කරණු ලබන්නේ, ආයාචනා කරන්නේය. මහණෙනි, යම් මේ චිත්ත ගෘහපතියාද, හත්ථක ආලවකද යම් සේ නම් මාගේ ශ්රාවක උපාසකයන්ට මෙය තුලනාවකි. මෙය ප්රමාණයකි.
“මහණෙනි, ඛුජ්ජුත්තරා උපාසිකාවද, වෙළුකණ්ඨකී නන්ද මාතාවද යම් සේද, එබඳු වෙමි’ යි ශ්රද්ධාවත් උපාසිකා තොමෝ මෙසේ මනාකොට ආයාචනා කරණු ලබන්නී, ආයාචනා කරන්නීය. මහණෙනි, යම් මේ ඛුජ්ජුත්තරා උපාසිකාවද, වෙළුකණ්ඨකී නන්ද මාතාවද යම් සේ නම් මාගේ ශ්රාවක උපාසිකාවන්ට මෙය තුලනාවකි. මෙය ප්රමාණයකි.”
4. 4. 3. 7.
රාහුල සූත්රය
27. ඉක්බිති ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් වහන්සේ, භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් වහන්සේට, භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක :
“රාහුලය, යම් අධ්යාත්මික පෘථුවි ධාතුවක් ඇද්ද? යම් බාහිර පෘථුවි ධාතුවක් ඇද්ද? මෝ තොමෝ පෘථිවි ධාතුවමය. එය මගේ නොවේ. මේ තෙමේ මම නොවෙමි. මේ තෙමේ මාගේ ආත්මය නොවේ. මෙය මෙසේ තත්වූ පරිද්දෙන්, සම්යක් ප්රඥාවෙන් දැක්ක යුතුයි. මෙය මෙසේ සම්යක් ප්රඥාවෙන් තත්වූ පරිද්දෙන්, දැක පථුවි ධාතුවෙහි කලකිරෙයි. පෘථුවි ධාතුවෙහි සිත නොඅලවයි.
“රාහුලය, යම් අධ්යාත්මික ආපො ධාතුවක් ඇද්ද? යම් බාහිර ආපො ධාතුවක් ඇද්ද? මෝ තොමෝ ආපො ධාතුවමය. එය මගේ නොවේ. මේ තෙමේ මම නොවෙමි. මේ තෙමේ මාගේ ආත්මය නොවේ. මෙය මෙසේ තත්වූ පරිද්දෙන්, සම්යක් ප්රඥාවෙන් දැක්ක යුතුයි. මෙසේ එය සම්යක් ප්රඥාවෙන් දැක ආපො ධාතුවෙහි කලකිරෙයි. ආපො ධාතුවෙහි සිත නොඅලවයි.
“රාහුලය, යම් අධ්යාත්මික තෙජෝ ධාතුවක් ඇද්ද? යම් බාහිර තේජෝ ධාතුවක් ඇද්ද? මෝ තොමෝ තේජෝ ධාතුවමය. එය මගේ නොවේ. මේ තෙමේ මම නොවෙමි. මේ තෙමේ මාගේ ආත්මය නොවේ. මෙය මෙසේ තත්වූ පරිද්දෙන්, සම්යක් ප්රඥාවෙන් දැක්ක යුතුයි. මෙසේ එය සම්යක් ප්රඥාවෙන් දැක තේජෝ ධාතුවෙහි කලකිරෙයි. තේජෝ ධාතුවෙහි සිත නොඅලවයි.
“රාහුලය, යම් අධ්යාත්මික වායො ධාතුවක් ඇද්ද? යම් බාහිර වායො ධාතුවක් ඇද්ද? මෝ තොමෝ වායො ධාතුවමය. එය මගේ නොවේ. මේ තෙමේ මම නොවෙමි. මේ තෙමේ මාගේ ආත්මය නොවේ. මෙය මෙසේ තත්වූ පරිද්දෙන්, සම්යක් ප්රඥාවෙන් දැක්ක යුතුයි. මෙසේ එය සම්යක් ප්රඥාවෙන් දැක වායො ධාතුවෙහි කලකිරෙයි. වායො ධාතුවෙහි සිත නොඅලවයි.
“රාහුලය, යම් තැනෙක සිටි මහණ තෙම මේ සතර ධාතූන්හි තමා නොවේයයි තමා කෙරෙහි නොවේයයි මනාව දකීද, රාහුලය, මේ මහණ තෙම තෘෂ්ණාව සින්දේය. සංයෝජනය පෙරලා දැම්මේය. මනාකොට මානයාගේ ප්රහාණයෙන් දුක් කෙළවර කෙළේ යයි කියනු ලැබේ.”
4. 4. 3. 8.
ජම්බාලියොපම සූත්රය (චෙතොවිමුත්ති සූත්රය)
28. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්යමාන වෙත්. කවර සතර දෙනෙක්ද:
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා ශාන්ත චිත්ත විමුක්තියකට පැමිණ වාසය කෙර්ද, හෙතෙම සක්කාය නිරෝධය මෙනෙහි කරයි. සක්කාය නිරෝධය මෙනෙහි කරණ ඔහුට සක්කාය නිරෝධයෙහි සිත ලුහු නොබඳියිද, නොපහදියිද, නොසිටියිද, බැස නොගනියිද.