5. අකුසල උපහතත්ත සූත්රය
151. “මහණෙනි, ධර්ම තුනකින් යුක්තවූ, අව්යක්තවූ, අසත්පුරුෂවූ බාල තෙමේ, ගුණ සාරා දමන ලද, විනාශ කරන ලද ආත්මයක් පරිහරණය කරයි. වරද සහිතයෙක්ද, නුවණැතියන් විසින් ගර්හා කළ යුත්තෙක්ව බොහෝ අකුසල්ද රැස් කරයි.
කවර තුනකින්ද?
අකුශල කාය කර්මයෙන්ද, අකුශල වාක් කර්මයෙන්ද, අකුශල මනො කර්මයෙන්ද වෙයි.
“මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත්, අව්යක්තවූ, අසත්පුරුෂවූ බාල තෙම, ගුණ සාරා දමන ලද, විනාශ කරන ලද ආත්මයක් පරිහරණය කරයි. වරද සහිතයෙක්ව, නුවණැතියන් විසින් ගර්හා කළ යුත්තෙක්ව බොහෝ අකුසල්ද රැස් කරයි.
“මහණෙනි, ධර්ම තුනකින් යුත්, ව්යක්තවූ, සත්පුරුෂවූ පණ්ඩිත පුරුෂ තෙමේ, ගුණ නොනසන ලද, විනාශ නොකරන ලද ආත්මය පරිහරණය කරයි. නිරවද්යවූයේ, නුවණැතියන් විසින් ගර්හා නොකළ යුත්තෙක් වෙයි.
කවර තුනකින්ද?
කුසල කාය කර්මයෙන්ද, කුසල වාක් කර්මයෙන්ද, කුසල මනො කර්මයෙන්ද, වෙයි.
“මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත්, ව්යක්තවූ, සත්පුරුෂවූ පණ්ඩිත පුරුෂ තෙමේ, ගුණ නොනසන ලද, විනාශ නොකරන ලද ආත්මය පරිහරණය කරයි. නිරවද්යවූයේ, නුවණැත්තන් විසින් ගර්හා නොකළ යුත්තෙක්ව බොහෝ පින්ද රැස් කරයි.
6. සාවජ්ජ උපහතත්ත සූත්රය
152. “මහණෙනි, ධර්ම තුනකින් යුක්තවූ... (පෙර පරිදි වේ)
වරද සහිත කාය කර්මයෙන්ද, වරද සහිත වාක් කර්මයෙන්ද, වරද සහිත මනො කර්මයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත්, අව්යක්තවූ, අසත්පුරුෂවූ බාල තෙම, ගුණ සාරා දමන ලද, විනාශ කරන ලද ආත්මයක් පරිහරණය කරයි. වරද සහිතයෙක්ව, නුවණැතියන් විසින් ගර්හා කළ යුත්තෙක්ව බොහෝ අකුසල්ද රැස් කරයි.
“මහණෙනි, ධර්ම තුනකින් යුත්... (පෙර පරිදි වේ)
වරද රහිත කාය කර්මයෙන්ද, වරද රහිත වාක් කර්මයෙන්ද, වරද සහිත මනො කර්මයෙන්ද, වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත්, ව්යක්තවූ, සත්පුරුෂවූ පණ්ඩිත පුරුෂ තෙමේ, ගුණ නොනසන ලද, විනාශ නොකරන ලද ආත්මය පරිහරණය කරයි. නිරවද්යවූයේ, නුවණැත්තන් විසින් ගර්හා නොකළ යුත්තෙක්ව බොහෝ පින්ද රැස් කරයි.
7. විසම උපහතත්ත සූත්රය
153. “මහණෙනි, ධර්ම තුනකින් යුක්තවූ... (පෙර පරිදි වේ)
විසම කාය කර්මයෙන්ද, විසම වාක් කර්මයෙන්ද, විසම මනො කර්මයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත්, අව්යක්තවූ, අසත්පුරුෂවූ බාල තෙම, ගුණ සාරා දමන ලද, විනාශ කරන ලද ආත්මයක් පරිහරණය කරයි. වරද සහිතයෙක්ව, නුවණැතියන් විසින් ගර්හා කළ යුත්තෙක්ව බොහෝ අකුසල්ද රැස් කරයි.
“මහණෙනි, ධර්ම තුනකින් යුත්... (පෙර පරිදි වේ)
සමවූ කාය කර්මයෙන්ද, සමවූ වාක් කර්මයෙන්ද, සමවූ මනො කර්මයෙන්ද, වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත්, ව්යක්තවූ, සත්පුරුෂවූ පණ්ඩිත පුරුෂ තෙමේ, ගුණ නොනසන ලද, විනාශ නොකරන ලද ආත්මය පරිහරණය කරයි. නිරවද්යවූයේ, නුවණැත්තන් විසින් ගර්හා නොකළ යුත්තෙක්ව බොහෝ පින්ද රැස් කරයි.
8. අසූචි උපහතත්ත සූත්රය
154. “මහණෙනි, ධර්ම තුනකින් යුක්තවූ... (පෙර පරිදි වේ)
අපිරිසිදුවූ කාය කර්මයෙන්ද, අපිරිසිදුවූ වාක් කර්මයෙන්ද, අපිරිසිදුවූ මනො කර්මයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත්, අව්යක්තවූ, අසත්පුරුෂවූ බාල තෙම, ගුණ සාරා දමන ලද, විනාශ කරන ලද ආත්මයක් පරිහරණය කරයි. වරද සහිතයෙක්ව, නුවණැතියන් විසින් ගර්හා කළ යුත්තෙක්ව බොහෝ අකුසල්ද රැස් කරයි.
“මහණෙනි, ධර්ම තුනකින් යුත්... (පෙර පරිදි වේ)
පිරිසිදුවූ කාය කර්මයෙන්ද, පිරිසිදුවූ වාක් කර්මයෙන්ද, පිරිසිදුවූ මනො කර්මයෙන්ද, වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත්, ව්යක්තවූ, සත්පුරුෂවූ පණ්ඩිත පුරුෂ තෙමේ... (පෙර පරිදි වේ)
මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත්, ව්යක්තවූ, සත්පුරුෂවූ පණ්ඩිත පුරුෂ තෙමේ, ගුණ නොනසන ලද, විනාශ නොකරන ලද ආත්මය පරිහරණය කරයි. නිරවද්යවූයේ, නුවණැත්තන් විසින් ගර්හා නොකළ යුත්තෙක්ව බොහෝ පින්ද රැස් කරයි.
9. වන්දනාත්තය සූත්රය
155. “මහණෙනි, මේ වැඳුම් තුනකි.
කවර තුනක්ද?
කයින් වැඳුමද, වචනයෙන් වැඳුමද, සිතින් වැඳුමද වෙයි.
මහණෙනි, මේ වනාහි වැඳුම් තුනය.”