7. වුද්‍ධිත්තය සූත්‍රය
140. “මහණෙනි, මේ අභිවෘද්ධි තුනෙකි.
කවර තුනක්ද? ශ්‍රද්ධා අභිවෘද්ධියද, ශීල අභිවෘද්ධියද, ප්‍රඥා අභිවෘද්ධියද, වෙයි.
මහණෙනි, මේ අභිවෘද්ධි තුනයි.
8. ඛලුඞ්ක සූත්‍රය
141. “මහණෙනි, අශ්ව පෝතකයන් තිදෙනෙකුත්, පුරුෂ පෝතකයන් තිදෙනෙකුත් දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි.” “එසේය, ස්වාමීනි,” යි කියා ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක.
“මහණෙනි, අශ්ව පොතකයන් තිදෙනා නම් කවරහුද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් අශ්ව පෝතකයෙක් ජවයෙන් යුක්ත වෙයි. වර්‍ණයෙන් යුක්ත නොවෙයි. උස මහතින් යුක්ත නොවෙයි. මහණෙනි, ලෝකයෙහි ඇතැම් අශ්ව පෝතකයෙක් ජවයෙන් යුක්තවූයේද වෙයි. වර්‍ණයෙන් යුක්තවූයේද වෙයි. උස මහතින් යුක්තවූයේ නොවෙයි. මහණෙනි, ලෝකයෙහි ඇතැම් අශ්ව පොතකයෙක් ජවයෙන් යුක්තවූයේද වෙයි. වර්‍ණයෙන් යුක්තවූයේද වෙයි. උස මහතින් යුක්තවූයේද වෙයි. මහණෙනි, මේ අශ්ව පෝතකයෝ තිදෙන වෙත්.
“මහණෙනි, පුරුෂ පෝතකයෝ තිදෙන කවරහුද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුරුෂ පෝතකයෙක් ජවයෙන් යුක්ත වූයේ වෙයි. වර්‍ණයෙන් යුක්ත වූයේ නොවෙයි. උස මහතින් යුක්ත වූයේ නොවෙයි. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුරුෂ පෝතකයෙක් ජවයෙන් යුක්තවූයේද වෙයි. වර්‍ණයෙන් යුක්තවූයේද වෙයි. උස මහතින් යුක්තවූයේ නොවෙයි. මහණෙනි, ලෝකයෙහි ඇතැම් පුරුෂ පොතකයෙක් ජවයෙන් යුක්තවූයේද වෙයි. වර්‍ණයෙන් යුක්තවූයේද වෙයි. උස මහතින් යුක්තවූයේද වෙයි.
“මහණෙනි, කෙසේ නම් පුරුෂ පෝතක තෙම ජවයෙන් යුක්ත වෙයිද, වර්‍ණයෙන් යුක්ත නොවෙයිද, උස මහතින් යුක්ත නොවෙයිද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම මෙය දුකයයි තත්ත්‍වාකාරයෙන් දනීද, මේ දුකට හේතුවයයි තත්ත්‍වාකාර යෙන් දනීද, මේ දුක නිරුද්‍ධ කිරීමයයි තත්ත්‍වාකායෙන් දනීද, මේ දුක නිරුද්ධකිරීමේ මාර්‍ගයයයි තත්ත්‍වාකාරයෙන් දනීද, මෙය ඔහුගේ ජවයයි කියමි. “අභිධර්‍මයෙහි හෝ අභිවිනයෙහි ප්‍රශ්නයක් අසන ලද්දේ පැකිලෙයිද, නොවිසඳයිද, මෙය ඔහුගේ වර්‍ණයෙන් යුක්ත නොවීමයයි කියමි. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්පව්වය, භෙසජ්ජ පරික්ඛාරයන්ගේ ලාභියෙක් නොවේද, මෙය ඔහුගේ උස මහතින් යුක්ත නොවීමයයි කියමි. මහණෙනි, මෙසේ වනාහි පුරුෂ පොතක තෙම ජවයෙන් යුක්තවූයේ වෙයි. වර්‍ණයෙන් යුක්ත නොවූයේද වෙයි. උස මහතින් යුක්ත නොවූයේද වෙයි.
මහණෙනි, කෙසේ නම් පුරුෂ පොතක තෙම ජවයෙන් යුක්තවූයේ වේද, වර්‍ණයෙන් යුක්තවූයේ වේද, උස මහතින් යුක්තවූයේ නොවේද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම මෙය දුකයයි තත්ත්‍වාකාරයෙන් දනීද, මේ දුකට හේතුවයයි තත්ත්‍වාකාරයෙන් දනීද, මේ දුක නිරුද්‍ධ කිරීමයයි තත්ත්‍වාකායෙන් දනීද, මේ දුක නිරුද්ධකිරීමේ මාර්‍ගයයයි තත්ත්‍වාකාරයෙන් දනීද, මෙය ඔහුගේ ජවයයි කියමි. “අභිධර්‍මයෙහි හෝ අභිවිනයෙහි ප්‍රශ්නයක් අසන ලද්දේ විසඳයිද නොපැකිලෙයිද, මෙය ඔහුගේ වර්‍ණයයි කියමි. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්පව්වය, භෙසජ්ජ පරික්ඛාරයන් නොලබන්නේවේද, මෙය ඔහුගේ උස මහතින් යුක්ත නොවීමයයි කියමි. මහණෙනි, මෙසේ වනාහි පුරුෂ පොතක තෙම ජවයෙන් යුක්තවූයේද වෙයි. වර්‍ණයෙන් යුක්ත වූයේද වෙයි. උස මහතින් යුක්ත නොවූයේද වෙයි.
“මහණෙනි, කෙසේ නම් පුරුෂ පොතක තෙම ජවයෙන් යුක්තවූයේත් වෙයිද, වර්‍ණයෙන් යුක්තවූයේත් වෙයිද, උස මහතින් යුක්තවූයේත් වෙයිද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම මෙය දුකයයි තත්ත්‍වාකාරයෙන් දනීද, මේ දුකට හේතුවයයි තත්ත්‍වාකාරයෙන් දනීද, මේ දුක නිරුද්‍ධ කිරීමයයි තත්ත්‍වාකායෙන් දනීද, මේ දුක නිරුද්ධකිරීමේ මාර්‍ගයයයි තත්ත්‍වාකාරයෙන් දනීද, මෙය ඔහුගේ ජවයයි කියමි. “අභිධර්‍මයෙහි හෝ අභිවිනයෙහි හෝ ප්‍රශ්නයක් අසන ලද්දේ විසඳයිද නොපැකිලෙයිද, මෙය ඔහුගේ වර්‍ණයෙන් යුක්තවීමයයි කියමි. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්පව්වය, භෙසජ්ජ පරික්ඛාරයන් ලබන්නේ වෙයිද, මෙය ඔහුගේ උස මහතින් යුක්ත වීමයයි කියමි. “මහණෙනි, මෙසේ වනාහි පුරුෂ පොතක තෙම ජවයෙන් යුක්තවූයේද වර්‍ණයෙන් යුක්ත වූයේද උස මහතින් යුක්ත වූයේද වෙයි.”
මහණෙනි, මේ පුරුෂ ඛලුංකයෝ තිදෙනා වෙති.
9. අස්සසදස්ස සූත්‍රය
142. “මහණෙනි, දැමුණු අශ්වයන් තිදෙනෙකුත්, දැමුණු අශ්වයන් බඳු පුරුෂයන් තිදෙනෙකුත් දේශනා කරමි. එය අසව්. “මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි.” “එසේය, ස්වාමීනි,” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක
“මහණෙනි, දැමුණු අශ්වයන් තිදෙන නම් කවරහුද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් දැමුණු අශ්වයෙක් ජවයෙන් යුක්තවූයේ වෙයි, වර්‍ණයෙන් යුක්ත නොවූයේ වෙයි, උස මහතින් යුක්ත නොවූයේ වෙයි. මහණෙනි, ඇතැම් දැමුණු අශ්වයෙක් ජවයෙන් යුක්තවුයේ වෙයි, වර්‍ණයෙන් යුක්තවූයේ වෙයි, උස මහතින් යුක්තවූයේ නොවෙයි. “මහණෙනි, ඇතැම් දැමුණු අශ්වයෙක් ජවයෙන් යුක්තවූයේද වෙයි, වර්‍ණයෙන් යුක්තවූයේද වෙයි. උස මහතින් යුක්තවූයේද වෙයි. මහණෙනි, මේ දැමුණු අශ්වයෝ තිදෙන වෙති.
“මහණෙනි, දැමුණු අශ්වයා බඳු පුරුෂයන් තිදෙන කවරහුද?
මහණෙනි, මෙහි ඇතැම් දැමුණු අශ්වයාට බඳු පුරුෂයෙක් ජවයෙන් යුක්තවූයේ වෙයි, වර්‍ණයෙන් යුක්ත නොවූයේ වෙයි. උස මහතින් යුක්ත නොවූයේ වෙයි. මහණෙනි, මෙහි ඇතැම් දැමුණු අශ්වයාට බඳු පුරුෂයෙක් ජවයෙන් යුක්තවූයේ වෙයි, වර්‍ණයෙන් යුක්තවූයේද වෙයි, උස මහතින් යුක්ත නොවූයේ වෙයි. මහණෙනි, මෙහි ඇතැම් දැමුණු අශ්වයාට බඳු පුරුෂයෙක් ජවයෙන් යුක්තවූයේද වෙයි, වර්‍ණයෙන් යුක්තවූයේද වෙයි, උස මහතින් යුක්තවූයේද වෙයි.