3. දුද්දදමිත්ත සූත්රය
136. “මහණෙනි, මේ අඞඟ තුනකින් සමන්විතවූ මිත්ර තෙම සේවනය කළ යුතුය.
කවර තුනකින්ද යත්?
දීමට දුෂ්කර දෙය දෙන්නේද, කිරීමට දුෂ්කර දේ කරන්නේද, ඉවසීමට දුෂ්කර දේ ඉවසන්නේද,
මහණෙනි, මේ අඞඟ තුනෙන් යුත් මිත්ර තෙම සේවනය කළ යුත්තේය.”
4. ධම්මනියාමතා සූත්රය
137. “මහණෙනි, තථාගතයන් උපන් කල හෝ නුපන් කල හෝ සියලු සංස්කාරයෝ අනිත්යය යන ධර්මස්වභාවය, ධර්මනියාමය ඇත්තේමය. “ඒ ස්වභාවය තථාගත තෙම අවබෝධ කරයි, ප්රතිවේධ කරයි. අවබෝධකොට, ප්රතිවේධකොට සියලු සංස්කාර ධර්මයෝ අනිත්යයයි ප්රකාශ කරයි, දේශනා කරයි, පනවයි, පිහිටුවයි, විවරණය කරයි, විභජනය කරයි, ප්රකට කරයි.
“මහණෙනි, තථාගතයන් වහන්සේලා උපන් කල හෝ නූපන් කල හෝ සියලු සංස්කාරයෝ දුකය යන මේ ධර්ම ස්වභාවය, ධර්ම නියාමය ඇත්තේය. “ඒ ස්වභාවය තථාගත තෙම අවබෝධ කරයි, ප්රතිවේධ කරයි. අවබෝධකොට, ප්රතිවේධකොට සියලු සංස්කාර ධර්මයෝ දුකයයි ප්රකාශ කරයි, දේශනා කරයි, පනවයි, පිහිටුවයි, විවරණය කරයි, විභජනය කරයි, ප්රකට කරයි.
“මහණෙනි, තථාගතයන් වහන්සේලා උපන් කල හෝ නූපන් කල හෝ සියලු සංස්කාරයෝ අනාත්මය යන මේ ධර්ම ස්වභාවය, ධර්ම නියාමය ඇත්තේමය. “ඒ ස්වභාවය තථාගත තෙම අවබෝධ කරයි, ප්රතිවේධ කරයි. අවබෝධකොට, ප්රතිවේධකොට සියලු සංස්කාර ධර්මයෝ අනාත්මයයි ප්රකාශ කරයි, දේශනා කරයි, පනවයි, පිහිටුවයි, විවරණය කරයි, විභජනය කරයි, ප්රකට කරයි.
5. කෙසකම්බලූපම සූත්රය
138. “මහණෙනි, නූල්වලින් වියන ලද යම් වස්ත්ර වෙද්ද, ඒ පොරෝනයන් අතුරෙන් හිසකෙස්වලින් වියන ලද කම්බලය ඉතා පහත්යයි කියනු ලැබේද, මහණෙනි, කෙශකම්බලය, ශීත කාලයෙහි සීතලය, උෂ්ණ කාලයෙහි උෂ්ණය. දුර්වර්ණය, දුර්ගන්ධය. මහණෙනි, එසේම බොහෝවූ ශ්රමණ වාදයන් අතුරෙන්, මක්ඛලී වාදය ඉතා පහත්යයි කියනු ලැබේ.
“මහණෙනි, මක්ඛලී හිස් පුරුෂ තෙමේ මෙබඳු වාද ඇත්තේ, මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. “නත්ථි කම්මං, නත්ථි කිරියං, නත්ථි විරිය”න්ති.
“මහණෙනි, අතීත කාලයෙහි යම් ඒ අර්හත්වූ සම්යක් සම්බුදුවරයෝ වූවාහුද, ඒ භාග්යවතුන් වහන්සේලාද කර්මවාදීහු, ක්රියාවාදීහු, විරියවාදීහු වූවාහුය. “මහණෙනි, මක්ඛලී හිස් පුරුෂ තෙමේ මෙබඳු වාද ඇත්තේ, මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. කර්මයක් නැත, ක්රියාවක් නැත, වීර්ය්යයක් නැත කියායි.
“මහණෙනි, අනාගත කාලයෙහි අර්හත්වූ යම් සම්යක් සම්බුදුවරයෝ වන්නාහුද, මක්ඛලී හිස් පුරුෂ තෙමේ, ඒ භාග්යවතුන් වහන්සේලාද කර්මයක් නැත, ක්රියාවක් නැත, විර්ය්යයක් නැතැයි ප්රතික්ෂෙප කරයි.
“මහණෙනි, මේ කාලයෙහි අර්හත් සම්යක් සම්බුද්ධවූ මමද කර්මවාදී වෙමි, ක්රියාවාදී වෙමි, වීර්ය්යවාදී වෙමි. මහණෙනි, මක්ඛලී හිස් පුරුෂ තෙම කර්මයක් නැත, ක්රියාවක් නැත, වීර්ය්යයක් නැතැයි මාද ප්රතික්ෂෙප කරයි.
“මහණෙනි, යම්සේ ගංගා දොරටුවෙහි කෙමිනක් දමන්නේ නම්, බොහෝ මත්ස්යයන්ගේ අහිත පිණිස, දුක් පිණිස, හානිය පිණිස, විනාශය පිණිස පවත්නේද, මහණෙනි, එපරිද්දෙන්ම, මක්ඛලී හිස් පුරුෂ තෙම බොහෝ සත්ත්වයන්ගේ අහිත පිණිස, දුක් පිණිස, හානිය පිණිස, විනාශය පිණිස ලෝකයෙහි උපන් මිනිස් කෙමිනකැයි හඟිමි.”
6. තිසම්පදා සූත්රය
139. “මහණෙනි, මේ සම්පත් තුනෙකි.
කවර තුනෙක්ද? ශ්රද්ධා සම්පත්තියද, සීල සම්පත්තියද, ප්රඥා සම්පත්තියද වෙත්.
මහණෙනි, මේ ත්රිවිධ සම්පත්තීහුය.”