3. 2. 5. 8. පොත්ථකූපම සූත්රය
100. “මහණෙනි, අලුත්වූ වැහැරි වස්ත්රයද දුර්වර්ණ වූයේද, කෲර ස්පර්ශය ඇත්තේද, නොවටින්නේද වෙයි. මහණෙනි, මධ්යම තරමේ කල් ගතවූ වැහැරි වස්ත්රයද, දුර්වර්ණ වූයේත්, කෲර ස්පර්ශය ඇත්තේත්, නොවටින්නේත් වෙයි. මහණෙනි, පරණවූ වැහැරි වස්ත්රයද, දුර්වර්ණ වූයේත්, කෲර ස්පර්ශය ඇත්තේත්, නොවටින්නේත් වෙයි.
“මහණෙනි, පරණවූ වැහැරි වස්ත්රය හැළිවලන් පිසින්නක් හෝ කරත්. කසළ ගොඩෙහි හෝ දමත්.
“මහණෙනි, එසේම නවක භික්ෂු තෙමේද, දුශ්ශිලවූයේ, ලාමක ස්වභාවය ඇත්තේ වෙයිද, මෙය ඔහුගේ දුර්වර්ණ තාවයයි කියමි. මහණෙනි, ඒ වැහැරි වස්ත්රය යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයාද ඊට උපමා කොට කියමි. මහණෙනි, යම් කෙනෙක් ඔහු සේවනය කරද්ද, භජනය කරද්ද, පයුරුපාසනය කරද්ද, අනුගමනය කරද්ද, ඔවුන්ට එය බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස පවතියි. මෙය ඔහුගේ කෲර ස්පර්ශයයි කියමි. මහණෙනි, යම්සේ වැහැරි වස්ත්රය කෲර ස්පර්ශ ඇත්තේද, මහණෙනි, මම මේ පුද්ගලයාද ඊට උපමා කොට කියමි. යමෙකුන්ගේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්රත්යය බෙහෙත් පිරිකර පිළිගනියි නම් ඔවුන්ට එය මහත්ඵල ඇත්තේත් නොවෙයි. මහත් ආනිසංස ඇත්තේත් නොවෙයි. මෙය ඔහුගේ නොවටිනා බවයයි කියමි. මහණෙනි, යම්සේ ඒ වැහැරි වස්ත්රය නොවටින්නේ වේද, මහණෙනි, මම මේ පුද්ගලයාද ඊට උපමාකොට කියමි.
“මහණෙනි, මධ්යම භික්ෂු තෙමේද දුශ්ශිලවූයේ, ලාමක ස්වභාවය ඇත්තේ වෙයිද, මෙය ඔහුගේ දුර්වර්ණ තාවයයි කියමි. මහණෙනි, ඒ වැහැරි වස්ත්රය යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයාද ඊට උපමා කොට කියමි. මහණෙනි, යම් කෙනෙක් ඔහු සේවනය කරද්ද, භජනය කරද්ද, පයුරුපාසනය කරද්ද, අනුගමනය කරද්ද, ඔවුන්ට එය බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස පවතියි. මෙය ඔහුගේ කෲර ස්පර්ශයයි කියමි. මහණෙනි, යම්සේ වැහැරි වස්ත්රය කෲර ස්පර්ශ ඇත්තේද, මහණෙනි, මම මේ පුද්ගලයාද ඊට උපමා කොට කියමි. යමෙකුන්ගේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්රත්යය බෙහෙත් පිරිකර පිළිගනියි නම් ඔවුන්ට එය මහත්ඵල ඇත්තේත් නොවෙයි. මහත් ආනිසංස ඇත්තේත් නොවෙයි. මෙය ඔහුගේ නොවටිනා බවයයි කියමි. මහණෙනි, යම්සේ ඒ වැහැරි වස්ත්රය නොවටින්නේ වේද, මහණෙනි, මම මේ පුද්ගලයාද ඊට උපමාකොට කියමි. මහණෙනි, ස්ථවිර භික්ෂු තෙමේද, දුශ්ශිලවූයේ, ලාමක ස්වභාවය ඇත්තේ වෙයිද, මෙය ඔහුගේ දුර්වර්ණ තාවයයි කියමි. මහණෙනි, ඒ වැහැරි වස්ත්රය යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයාද ඊට උපමා කොට කියමි. මහණෙනි, යම් කෙනෙක් ඔහු සේවනය කරද්ද, භජනය කරද්ද, පයුරුපාසනය කරද්ද, අනුගමනය කරද්ද, ඔවුන්ට එය බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස පවතියි. මෙය ඔහුගේ කෲර ස්පර්ශයයි කියමි. මහණෙනි, යම්සේ වැහැරි වස්ත්රය කෲර ස්පර්ශ ඇත්තේද, මහණෙනි, මම මේ පුද්ගලයාද ඊට උපමා කොට කියමි. යමෙකුන්ගේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්රත්යය බෙහෙත් පිරිකර පිළිගනියි නම් ඔවුන්ට එය මහත්ඵල ඇත්තේත් නොවෙයි. මහත් ආනිසංස ඇත්තේත් නොවෙයි. මෙය ඔහුගේ නොවටිනා බවයයි කියමි. මහණෙනි, යම්සේ ඒ වැහැරි වස්ත්රය නොවටින්නේ වේද, මහණෙනි, මම මේ පුද්ගලයාද ඊට උපමාකොට කියමි.
“මහණෙනි, මෙබඳුවූ ස්ථවිර භික්ෂුතෙම සංඝයා මධ්යයෙහි කථාකරයිද, ඔහුට භික්ෂූහු ‘බාලවූ, අව්යක්තවූ ඔබගේ කීමෙන් කිනම් අර්ථයෙක්ද? ඔබත් කියයුත්තෙකු කොට හඟින්නෙහිදැ’ යි කියන්නාහුය. කිපුණාවූ, නොසතුටුවූ සිත් ඇත්තාවූ හෙතෙම යම් වචනයකින් සඞඝතෙම වැහැරි වස්ත්රය කසල ගොඩට දමන්නාක් මෙන් ඔහු බැහැර කරන්නේද එබඳු වචනයක් කියයි.
මහණෙනි, අලුත්වූද කසී වස්ත්රය වර්ණයෙන් යුක්තවූයේද, සැප ස්පර්ශයෙන් යුක්ත වූයේද, බොහෝ වටින්නේද වෙයි. මහණෙනි, මධ්යමවූ කසී වස්ත්රයද වර්ණයෙන් යුක්තවූයේද, සැප ස්පර්ශයෙන් යුක්තවූයේද, බොහෝ වටින්නේද වෙයි. මහණෙනි, පරණවූ කසී වස්ත්රයද වර්ණයෙන් යුක්තවූයේද, සැප ස්පර්ශයෙන් යුක්තවූයේද, බොහෝ වටින්නේද වෙයි. මහණෙනි, පරණවූ ද කසී සලුව රත්න වේලන්නක හෝ කරත්. සුවඳ කරඬුවෙහි හෝ තැනපත් කරත්.