6. දුතිය අස්සාජානි සූත්‍රය
98. “මහණෙනි, අඞ්ග තුනකින් යුත් යහපත්වූ රජහුගේ අජානීය අශ්ව තෙම රජු විසින් පරිභෝග කළ යුත්තේ, රජුට සුදුසුවූයේ වෙයි. රජහුගේ අඞ්ගයෙක යන සංඛ්‍යාවට පැමිණෙයි.
“කවර අඞ්ග තුනෙකින්ද?
මහණෙනි, මෙහි රජහුගේ යහපත්වූ අජානීය අශ්ව තෙම වර්‍ණයෙන් යුක්තවූයේ වෙයිද, බලයෙන් යුක්තවූයේ වෙයිද, ජවයෙන් යුක්තවූයේ වෙයිද, මහණෙනි, මේ අඞ්ග තුනෙන් යුත් රජහුගේ යහපත් අජානීය අශ්ව තෙම රජු විසින් පරිභෝග කළ යුත්තේ, රජුට සුදුසුවූයේ වෙයි.
“මහණෙනි, එසේම ධර්‍ම තුනකින් යුත් මහණ තෙමේ ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූයේ වෙයි. දුර සිට ගෙනෙන ලද ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූයේ වෙයි. ඇඳිලි බැඳ නමස්කාර කිරීමට සුදුසුවූයේ වෙයි. ලෝකයාගේ අනුත්තර පුන්‍ය ක්‍ෂෙත්‍රය වෙයි.
“කවර තුනකින්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම වර්‍ණයෙන් යුක්ත වූයේද වෙයි. බලයෙන් යුක්තවූයේද වෙයි. ජවයෙන් යුක්තවූයේද වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහණ තෙම වර්‍ණයෙන් යුක්තවූයේද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සිල්වත්වූයේ, ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවරවූයේ, ආචාර ගෝචර දෙකින් යුක්තව වාසය කරයිද, කුඩා වරදෙහිද භය දකිමින් ශික්‍ෂාපයන්හි දැඩි සමාදානයෙන් යුක්තව වාසය කරයිද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ වර්ණයෙන් යුක්තවූයේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහන තෙමේ බලයෙන් යුක්තවූයේ වෙයිද?
මහණෙනි, මේ ශාසනයෙහි මහන තෙමේ අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිසත්, කුශල ධර්‍මයන්ගේ වැඩීම පිණිසත්, පටන්ගන්නා ලද වීර්‍ය්‍යයෙන් යුක්තව, දැඩි වීර්‍ය්‍යයෙන් යුක්තව, දෘඪ පරාක්‍රමයෙන් යුක්තව, කුසල ධර්‍මයන්හි බහා නොතබන ලද බර ඇතිව වාසය කරයිද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ බලයෙන් යුක්ත වූයේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ ජවයෙන් යුක්ත වේද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ඔරම්භාගීය සංයෝජන පස ක්‍ෂය කිරීමෙන් ඒ ලෝකයෙන් නොඑන ස්වභාවය ඇත්තාවූ, එය පිරිනිවෙන්නාවූ, ඔපපාතික පුද්ගලයෙක් වෙයිද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ ජවයෙන් යුක්ත වූයේ වෙයි.
“මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුත් මහණ තෙමේ ආගන්තුකයන් උදෙසා පිළියෙළ කළ ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූයේ වෙයි. දුර සිට ගෙනෙන ලද ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූයේ වෙයි. ඇඳිලි බැඳ නමස්කාර කිරීමට සුදුසුවූයේ වෙයි. ලෝකයාගේ අනුත්තර පුන්‍ය ක්‍ෂෙත්‍රය වේය” යි වදාළ සේක.
3. 2. 5. 7. තතිය අස්සාජානි සූත්‍රය
99. “මහණෙනි, අඞ්ග තුනකින් යුත් යහපත්වූ රජහුගේ අජානීය අශ්ව තෙම රජු විසින් පරිභෝග කළ යුත්තේ, රජුට සුදුසුවූයේ වෙයි. රජහුගේ අඞ්ගයෙක යන සංඛ්‍යාවට පැමිණෙයි.
“කවර අඞ්ග තුනෙකින්ද?
මහණෙනි, මෙහි රජහුගේ යහපත්වූ අජානීය අශ්ව තෙම වර්‍ණයෙන් යුක්තවූයේ වෙයිද, බලයෙන් යුක්තවූයේ වෙයිද, ජවයෙන් යුක්තවූයේ වෙයිද, මහණෙනි, මේ අඞ්ග තුනෙන් යුත් රජහුගේ යහපත් අජානීය අශ්ව තෙම රජු විසින් පරිභෝග කළ යුත්තේ, රජුට සුදුසුවූයේ වෙයි. රජහුගේ අඞ්ගයෙක යන සංඛ්‍යාවට පැමිණෙයි.
“මහණෙනි, එසේම ධර්‍ම තුනකින් යුත් මහණ තෙමේ ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූයේ වෙයි. දුර සිට ගෙනෙන ලද ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූයේ වෙයි. ඇඳිලි බැඳ නමස්කාර කිරීමට සුදුසුවූයේ වෙයි. ලෝකයාගේ අනුත්තර පුන්‍ය ක්‍ෂෙත්‍රය වෙයි.
“කවර තුනකින්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම වර්‍ණයෙන් යුක්ත වූයේද වෙයි. බලයෙන් යුක්තවූයේද වෙයි. ජවයෙන් යුක්තවූයේද වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහණ තෙම වර්‍ණයෙන් යුක්තවූයේද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සිල්වත්වූයේ, ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවරවූයේ, ආචාර ගෝචර දෙකින් යුක්තව වාසය කරයිද, කුඩා වරදෙහිද භය දකිමින් ශික්‍ෂාපයන්හි දැඩි සමාදානයෙන් යුක්තව වාසය කරයිද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ වර්ණයෙන් යුක්තවූයේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහන තෙමේ බලයෙන් යුක්තවූයේ වෙයිද?
මහණෙනි, මේ ශාසනයෙහි මහන තෙමේ අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිසත්, කුශල ධර්‍මයන්ගේ වැඩීම පිණිසත්, පටන්ගන්නා ලද වීර්‍ය්‍යයෙන් යුක්තව, දැඩි වීර්‍ය්‍යයෙන් යුක්තව, දෘඪ පරාක්‍රමයෙන් යුක්තව, කුසල ධර්‍මයන්හි බහා නොතබන ලද බර ඇතිව වාසය කරයිද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ බලයෙන් යුක්ත වූයේ වෙයි.
“මහණෙනි, කෙසේනම් මහණ තෙම ජවයෙන් යුක්තවූයේ වෙයිද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ආශ්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ, අර්‍හත්ඵල සමාධියත්, අර්‍හත්ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහි තෙමේම විශේෂ ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට දැන, ඊට පැමිණ වාසය කරයි. මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම ජවයෙන් යුක්තවූයේ වෙයි.
“මහණෙනි, මේ අඞ්ග තුනෙන් යුත් මහණ තෙමේ ආගන්තුකයන් උදෙසා පිළියෙළ කළ ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසුවූයේ වෙයි. දුර සිට ගෙනෙන ලද ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූයේ වෙයි. ඇඳිලි බැඳ නමස්කාර කිරීමට සුදුසුවූයේ වෙයි. ලෝකයාගේ අනුත්තර පුන්‍ය ක්‍ෂෙත්‍රය වේය” යි වදාළ සේක.
3. 2. 5. 8. පොත්‍ථකූපම සූත්‍රය
100. “මහණෙනි, අලුත්වූ වැහැරි වස්ත්‍රයද දුර්‍වර්‍ණ වූයේද, කෲර ස්පර්‍ශය ඇත්තේද, නොවටින්නේද වෙයි. මහණෙනි, මධ්‍යම තරමේ කල් ගතවූ වැහැරි වස්ත්‍රයද, දුර්වර්ණ වූයේත්, කෲර ස්පර්‍ශය ඇත්තේත්, නොවටින්නේත් වෙයි. මහණෙනි, පරණවූ වැහැරි වස්ත්‍රයද, දුර්වර්ණ වූයේත්, කෲර ස්පර්‍ශය ඇත්තේත්, නොවටින්නේත් වෙයි.
“මහණෙනි, පරණවූ වැහැරි වස්ත්‍රය හැළිවලන් පිසින්නක් හෝ කරත්. කසළ ගොඩෙහි හෝ දමත්.