5. සමාදපෙත්තබ්බ සූත්රය
[සාවත්ථි නිදානයයි]
76. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාගයවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හිඳගත්තේය. එක්පසෙක හිඳගත් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
“ආනන්දය, සත්ත්වයෙකුට අනුකම්පා කරන්නහුද, මිත්රයන් හෝ, යහළුවන් හෝ, නෑයන් හෝ, ලේ නෑයන් හෝ, යම් කෙනෙකුන් ඇසියයුත්තන් කොට හඟින්නාහුද, ආනන්දය, ඔවුහු කරුණු තුනෙක්හි සමාදන් කරවිය යුත්තාහ. ඇතුලත් කරවිය යුත්තාහ. පිහිටුවිය යුත්තාහ.
“කිනම් කරුණු තුනෙක්හිද : ඒ භාග්යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්යහ. සම්යක් සම්බුද්ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, අනුත්තර පුරිසදම්ම සාරථිය, දෙවි මිනිසුන්ට ශාස්තෘය, බුද්ධය, භාග්යවත්යයි බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්රද්ධාවෙහි සමාදන් කරවිය යුත්තාහ. ඇතුල් කරවිය යුත්තාහ. පිහිටුවිය යුත්තාහ.
“භාග්යවතුන් වහන්සේ විසින් ධර්මය මනාව දේශනා කරණ ලදී. සණදිට්ඨිකය, අකාලිකය, එහිඵස්සිකය, ඔපනයිකය, නුවණැත්තන් විසින් වෙන වෙනම දතයුත්තේයයි ධර්මය ෙකෙරෙහි නොසෙල්වෙන නොසෙල්වෙන ශ්රද්ධාවෙහි සමාදන් කරවිය යුත්තාහ. ඇතුල් කරවිය යුත්තාහ. පිහිටුවිය යුත්තාහ.
“භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝ තෙම මනාව පිළිපන්නේය. සුපටිපන්නය. භාග්යවත්හුගේ ශ්රාවක සංඝ තෙම උජුපටිපන්නය. භාග්යවත්හුගේ ශ්රාවක සංඝ තෙම ඤායපටිපන්නය. භාග්යවත්හුගේ ශ්රාවක සංඝ තෙම සාමීචිපටිපන්නය. යම් ඒ පුරිස යුග සතරක්ද, පුරුෂ පුද්ගලයෝ අට දෙනෙක්ද ඇත්තාහුද, භාග්යවත්හුගේ ඒ ශ්රාවක සංඝ තෙම ආහුණෙය්ය වෙයි. පාහුෙනය්ය වෙයි. දක්ඛිණෙය්ය වෙයි. අඤ්ජලි කරණීය වෙයි. ලෝකයාගේ අනුත්තර පුන්ය ක්ෂෙත්රය වන්නේයයි සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්රද්ධාවෙහි සමාදන් කරවිය යුත්තාහ. ඇතුල් කරවිය යුත්තාහ. පිහිටුවිය යුත්තාහ.
“ආනන්දය, පඨවි ධාතු, ආපෝ ධාතු, තෙජෝ ධාතු, වායෝ ධාතු යන සතර මහා භූතයන්ගේ පෙරලීමක් වූවත් බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්රද්ධාවෙන් යුත් ඒ ආර්ය්ය ශ්රාවකයාගේ පෙරලීමක් නොවන්නේය. එනම් ආනන්දය, බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්රද්ධාවෙන් යුත් ඒ ආර්ය්ය ශ්රාවක තෙමේ නිරයෙහි හෝ, තිරිසන් යෝනියෙහි හෝ, ප්රෙත විෂයෙහි හෝ උපදින්නේය යන මීට හේතු නැත්තේය.
“ආනන්දය, පඨවි ධාතු, ආපෝ ධාතු, තෙජෝ ධාතු, වායෝ ධාතු යන සතර මහා භූතයන්ගේ පෙරලීමක් වූවත් ධර්මයෙහි නොසෙල්වෙන ශ්රද්ධාවෙන් යුක්තවූ ආර්ය්ය ශ්රාවකයාගේ පෙරලීමක් නොවන්නේය. එනම් ධර්මයෙහි නොසෙල්වෙන ශ්රද්ධාවෙන් යුත් ඒ ආර්ය්ය ශ්රාවක තෙම නිරයෙහි හෝ, තිරිසන් යෝනියෙහි හෝ, ප්රෙත විෂයෙහි හෝ උපදින්නේය යන මීට හේතු නැත්තේය. “ආනන්දය, පඨවි ධාතු, ආපෝ ධාතු, තෙජෝ ධාතු, වායෝ ධාතු යන සතර මහා භූතයන්ගේ පෙරලීමක් වූවත් සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්රද්ධාවෙන් යුත් ආර්ය්ය ශ්රාවකයාගේ පෙරලීමක් නොවන්නේය. එනම් සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්රද්ධාවෙන් යුත් ඒ ආර්ය්ය ශ්රාවකයා නිරයෙහි හෝ, තිරිසන් යෝනියෙහි හෝ, ප්රෙත විෂයෙහි හෝ උපදින්නේය යන මීට හේතු නැත්තේය.
“ආනන්දය, යමෙකුට අනුකම්පා කරන්නාහුද? මිත්රයන් හෝ, යාලුවන් හෝ, නෑයන් හෝ, ලේ නෑයන් හෝ ඇසිය යුත්තන් කොට හඟින්නාහුද, ආනන්දය, ඔවුහු තොප විසින් මේ කරුණු තුනෙහි සමාදන් කරවිය යුත්තාහ. ඇතුල් කරවිය යුත්තාහ. පිහිටුවිය යුත්තාහ” යයි වදාළ සේක.
6. භව පඤ්හ සූත්රය
77. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට මෙසේ සැළ කෙළේය. “ස්වාමීනි, භවය, භවය යයි කියනු ලැබේ. ස්වාමීනි, කෙතෙක් කරුණකින් භවය වේද?” යනුයි.
“ආනන්දය, කාම ධාතුයයි කියනලද කාම ලෝකයෙහි පැසෙන්නාවූ - විපාක බවට පැමිණෙන්නාවූ කර්මයක් නැත්නම් කාම භවයක් පෙනේද?”
“ස්වාමීනි, එසේ නොවේමය.”
“ආනන්දය, මෙසේ වනාහි කර්මය ක්ෂෙත්රය වෙයි. විඤ්ඤාණය බීජය වෙයි. තණ්හාව ස්නෙහය - ජලය - වෙයි. අවිද්යාවෙන් වැසුණාවූ, තෘෂ්ණාවෙන් බැඳුණාවූ සත්ත්වයන්ගේ විඤ්ඤාණය හීන ධාතුයයි කියනලද කාම ලෝකයෙහි පිහිටියේ වෙයිද, මෙසේ මතු පුනර්භවයාගේ පහළවීම වෙයි.