3. 1. 4. 8. සක්කභාසිත සූත්රය
38. “මහණෙනි, පෙර ශක්ර දේවේන්ද්ර තෙම තව්තිසා දෙවියන් අවබෝධ කරවමින් ඒ වේලාවෙහි මේ ගාථාව ප්රකාශ කෙළේය.
‘යම් මනුෂ්යයෙක් තෙම මා වැන්නෙක් වන්නේද, නොහොත් මා විසින් පැමිණෙන ලද සම්පත්තියට පැමිණෙනු කැමති වන්නේද, හෙතෙම තුදුස්වක් දිනයෙහිද, පසළොස්වක් දිනයෙහිද, පක්ෂයෙහි අටවක් දිනයෙහිද, ප්රාතිහාර්ය්ය පක්ෂයෙහිද, ගුණාඞ්ගයකින් යුක්තවූ උපොසථ සීලයෙහි උපවාසය කරන්නේය.’
“මහණෙනි, සක්දෙව්රජ විසින් ඒ මේ ගාථා තොමෝ වනාහි නපුරුකොට ගායනා කරණ ලද්දීය. යහපත්කොට ගායනා නොකරණ ලද්දීය. අයහපත්කොට ප්රකාශ කරණ ලද්දීය. යහපත්කොට ප්රකාශ නොකරණ ලද්දීය. ඊට හේතු කවරේද? මහණෙනි, දේවේන්ද්රවූ ශක්රතෙම වනාහි පහනොවූ රාග ඇත්තේය. පහනොවූ ද්වේෂ ඇත්තේය. පහනොවූ මෝහ ඇත්තේය. “මහණෙනි, ක්ෂය කරණ ලද කාමාදී ආශ්රව ඇත්තාවූ, බඹසර වැස නිම කළාවූ, කොට නිමවන ලද සිව්මහ කටයුතු ඇත්තාවූ, බහා තබන ලද ස්කන්ධාදී බර ඇත්තාවූ, පිළිවෙලින් පැමිණියාවූ අර්හත්වය ඇති, ක්ෂය කරණ ලද භව බන්ධන ඇත්තාවූ, මනාකොට දැන කෙලෙසුන් කෙරෙන් මිදුනාවූ යම් ඒ මහණෙක් වේද, ඒ භික්ෂුවම වනාහි කීමට සුදුසු වන්නේය :
‘යම් මනුෂ්යයෙක් තෙම මා වැනි ක්ෂීණාශ්රව කෙණෙක් වන්නේද? හෙතෙම තුදුස්වක් දිනයෙහිද, පසළොස්වක් දිනයෙහිද, පක්ෂයෙහි අටවක් දිනයෙහිද, ප්රාතිහාර්ය්ය පක්ෂයෙහිද, ගුණාඞ්ගයකින් යුක්තවූ උපොසථ සීලයෙහි උපවාසය කරන්නේය.’
“ඊට හේතු කවරේද? මහණෙනි, ඒ මහණතෙම වනාහි, පහවූ රාග ඇත්තේ වේද, පහවූ ද්වේෂ ඇත්තේ වේද, පහවූ මෝහ ඇත්තේ වේද, එහෙයිනි.
“මහණෙනි, පෙර ශක්ර දේවේන්ද්ර තෙම තව්තිසා දෙවියන් අවබෝධ කරවමින් ඒ වේලාවෙහි මේ ගාථාව ප්රකාශ කෙළේය.
‘යම් මනුෂ්යයෙක් තෙම මා වැන්නෙක් වන්නේද, නොහොත් මා විසින් පැමිණෙන ලද සම්පත්තියට පැමිණෙනු කැමති වන්නේද, හෙතෙම තුදුස්වක් දිනයෙහිද, පසළොස්වක් දිනයෙහිද, පක්ෂයෙහි අටවක් දිනයෙහිද, ප්රාතිහාර්ය්ය පක්ෂයෙහිද, ගුණාඞ්ගයකින් යුක්තවූ උපොසථ සීලයෙහි උපවාසය කරන්නේය.’
“මහණෙනි, බොහෝ පෙර සක්දෙව්රද විසින් මේ ගාථා තොමෝ වනාහි නපුරුකොට ගායනා කරණ ලද්දීය. යහපත්කොට ගායනා නොකරණ ලද්දීය. අයහපත්කොට ප්රකාශ කරණ ලද්දීය. යහපත්කොට ප්රකාශ නොකරණ ලද්දීය. ඊට හේතු කවරේද? දේවේන්ද්රවූ ශක්රතෙම වනාහි උත්පත්තියෙන්ද, ජරා මරණ දෙකින්ද, ශෝකවලින්ද, වැළපීම්වලින්ද, කායික දුක්වලින්ද, චෛතසික දුක්වලින්ද, දැඩි ආයාසවලින්ද නොමිදුනේය. සියලු සංසාර දුකින් නොමිදුනේයයි කියමි.
“මහණෙනි, අර්හත්වූ, ක්ෂය කරණ ලද කාමාදී ආශ්රව ඇත්තාවූ, බඹසර වැස නිම කළාවූ, කොට නිමවන ලද සිව්මහ කටයුතු ඇත්තාවූ, බහා තබන ලද ස්කන්ධාදී බර ඇත්තාවූ, පිළිවෙලින් පැමිණියාවූ අර්හත්වය ඇති, ක්ෂය කරණ ලද භව බන්ධන ඇත්තාවූ, මනාකොට දැන කෙලෙසුන් කෙරෙන් මිදුනාවූ යම් ඒ මහණෙක් වේද, ඒ භික්ෂුවම වනාහි මෙසේ කීමට සුදුසු වන්නේය:
‘යම් මනුෂ්යයෙක් තෙම මා වැනි ක්ෂීණාශ්රව කෙණෙක් වන්නේද? හෙතෙම තුදුස්වක් දිනයෙහිද, පසළොස්වක් දිනයෙහිද, පක්ෂයෙහි අටවක් දිනයෙහිද, ප්රාතිහාර්ය්ය පක්ෂයෙහිද, ගුණාඞ්ගයකින් යුක්තවූ උපොසථ සීලයෙහි උපවාසය කරන්නේය.’ කියායි.
“මහණෙනි, ඒ මහණතෙම ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසවලින් මිදුනේය. සියලු සසර දුකින් මිදුනේයයි කියමි’ යි වදාළ සේක.
3. 1. 4. 9. සුඛුමාල සූත්රය
39. “මහණෙනි, මම සිව්මැලි වෙමි. අතිශයින් සිව්මැලි වෙමි. මහණෙනි, මට වනාහි ඒ මාගේ පියාගේ නිවේසනයෙහි පොකුණු කරවන ලද්දාහු වෙත්. මගේ ප්රයෝජනය පිණිසම එක පොකුණෙක්හි නිලුපුල් පිපෙයි. එක් පොකුණෙක්හි හෙල පියුම් පිපෙයි. එක් පොකුණෙක්හි රත් පියුම් පිපෙයි. මහණෙනි, මම කසීරට නූපන්නාවූ සඳුනක් නොම දරමි. මහණෙනි, මේ මගේ හිස්වෙලුම කසී සලුවක් වෙයි. සැට්ටය කසී සලුවක් වෙයි. අඳනය කසී සලුවක් වෙයි. උතුරුසලුව කසී සලුවක් වෙයි. මහණෙනි, රෑ දාවල් දෙක්හිම මට ශීතලයක් හෝ උෂ්ණයක් හෝ රජස් හෝ තෘණ හෝ පිණි හෝ ස්පර්ශ නොකෙරේවායි ස්වෙත ඡත්රයක් දරනු ලබයි.
මහණෙනි, ඒ මට ප්රාසාද තුණක් වූහ. එක් ප්රාසාදයක් ශීත ඎතුවට සුදුසු වෙයි. එක් ප්රාසාදයක් ග්රීෂම ඎතුවට වෙයි. එක් ප්රාසාදයක් වර්ෂා ඎතුවට සුදුසු වෙයි. මහණෙනි, ඒ මම වනාහි වර්ෂා ඎතුවට සුදුසු ප්රාසාදයෙහි වැසි සාර මසෙහි, පුරුෂයන් රහිතවූ තූර්ය්යයන්ගෙන් විනෝදය ලබමින්, ප්රාසාදයෙන් පහළට නොබසිමි. මහණෙනි, සෙස්සන්ගේ ගෘහයන්හි දැසි කම්කරු පුරුෂයන්ට ඇඹුල් හොදි සමග නිවුඩු සාලේ බත් යම්සේ දෙනු ලැබේද, මහණෙනි, එසේ මාගේ පියාගේ ගෘහයෙහි දැසි කම්කරු පුරුෂයන්ට මස් ව්යංජන සහිත ඇල් සාලේ බත් දෙනු ලැබේ.
මහණෙනි, මෙවැනි සමෘධියකින්ද, මෙවැනි සිව්මැලි බවකින්ද යුත් මට මෙසේ අදහස්විය: “ඇසූ පිරූ තැන් නැත්තාවූ පෘථග්ජනතෙම වනාහි, තමා ජරාව ස්වභාවකොට ඇත්තේම, ජරාව නොඉක්මවූයේම, ජරාවට ගිය අනිකෙකු දැක, තමා ඉක්මවා හැකිළෙයි. අප්රිය කරයි. පිළිකුල් කරයි. ‘මම වනාහි ජරාව ස්වභාවකොට ඇත්තේ වෙමි. ජරාව නොනික්මවූයේ වෙමි. ජරාව ස්වභාවකොට ඇත්තාවූ, ජරාව නොනික්මවූ මම ජරාවට ගියාවූ අනිකෙකු දැක, තමා ප්රමාණය ඉක්මවා හැකිලෙන්නෙම් නම් අප්රිය කරන්නෙම් නම්, පිළිකුල් කරන්නෙම් නම්, එය මට සුදුසු නොවේය’ කියායි. මහණෙනි, මෙසේ සිතන්නාවූ ඒ මට යම් තරුණ මදයක් වූයේද, එය නැතිවිය.
“ඇසූ පිරූ තැන් නැත්තාවූ පෘථග්ජනතෙම වනාහි, තමා ව්යාධිය ස්වභාවකොට ඇත්තේම, ව්යාධිය නොඉක්මවූයේම, ව්යාධියට ගිය අනිකෙකු දැක, තමා ඉක්මවා හැකිළෙයි. අප්රිය කරයි. පිළිකුල් කරයි. ‘මම වනාහි ව්යාධිය ස්වභාවකොට ඇත්තේ වෙමි. ව්යාධිය නොනික්මවූයේ වෙමි. ව්යාධිය ස්වභාවකොට ඇත්තාවූ, ව්යාධිය නොනික්මවූ මම ව්යාධියට ගියාවූ අනිකෙකු දැක, තමා ප්රමාණය ඉක්මවා හැකිලෙන්නෙම් නම් අප්රිය කරන්නෙම් නම්, පිළිකුල් කරන්නෙම් නම්, එය මට සුදුසු නොවේය’ කියායි. මහණෙනි, මෙසේ සිතන්නාවූ ඒ මට යම් නීරෝගී මදයක් වූයේද, එය නැතිවිය.