3. 1. 4. 7.
37. “මහණෙනි, පක්ෂයෙහි අටවෙනි දිනයෙහි සිව්වරම් මහරජ දරුවන්ගේ පිරිසෙහිවූ ඇමතියෝ, මේ ලෝකයෙහි හැසිරෙත්. කිමෙක්ද? ‘මිනිසුන් අතරෙහි මව් කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, පියා කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, ශ්රමණයන් කෙරෙහි යහපත්සේ පිළිපදින්නාවූ, බ්රාහ්මණයන් කෙරහි මොනවට පිළිපදින්නාවූ, කුලදෙටුවන් පුදන්නාවූ, උපොසථ සිල් රකින්නාවූ, පෙර ගමන් පසුගමන් වශයෙන් උපොසථ සිල් රකින්නාවූ, කරන්නාවූ මිනිසුන් බොහෝ වෙත්ද, කියායි.’
“මහණෙනි, පක්ෂයෙහි තුදුස්වක් දිනයෙහි සිව් වරම් මහරජ දරුවන්ගේ පුත්රයෝ මේ ලෝකයෙහි හැසිරෙත්. කිමෙක්ද? ‘මිනිසුන් අතරෙහි මව් කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, පියා කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, ශ්රමණයන් කෙරෙහි යහපත්සේ පිළිපදින්නාවූ, බ්රාහ්මණයන් කෙරහි මොනවට පිළිපදින්නාවූ, කුලදෙටුවන් පුදන්නාවූ, උපොසථ සිල් රකින්නාවූ, පෙර ගමන් පසුගමන් වශයෙන් උපොසථ සිල් රකින්නාවූ, කරන්නාවූ මිනිසුන් බොහෝ වෙත්ද, කියායි.’ මහණෙනි, එදවස් පැමිණියාවූ, පසළොස්වක් පොහෝ දිනයෙහි සිව් වරම් රජවරු තුමූම මේ ලෝකයෙහි හැසිරෙත්. කිමෙක්ද? ‘මිනිසුන් අතරෙහි මව් කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, පියා කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, ශ්රමණයන් කෙරෙහි යහපත්සේ පිළිපදින්නාවූ, බ්රාහ්මණයන් කෙරහි මොනවට පිළිපදින්නාවූ, කුලදෙටුවන් පුදන්නාවූ, උපොසථ සිල් රකින්නාවූ, පෙර ගමන් පසුගමන් වශයෙන් උපොසථ සිල් රකින්නාවූ, කරන්නාවූ මිනිසුන් බොහෝ වෙත්ද, කියායි.’
“මහණෙනි, ඉදින් වනාහි මිනිසුන් අතරෙහි මව් කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, පියා කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, ශ්රමණයන් කෙරෙහි යහපත්සේ පිළිපදින්නාවූ, බ්රාහ්මණයන් කෙරහි මොනවට පිළිපදින්නාවූ, කුලදෙටුවන් පුදන්නාවූ, උපොසථ සිල් රකින්නාවූ, පෙර ගමන් පසුගමන් වශයෙන් උපොසථ සිල් රකින්නාවූ, කරන්නාවූ මිනිසුන් ස්වල්ප වෙත්ද, මහණෙනි, ඒ මේ කරුණු සිව්වරම් මහරජවරු සුධර්මා නම්වූ සභාවෙහි රැස්වූ තව්තිසා දෙවියන්ට ප්රකාශ කෙරෙත්. (කෙසේද) ‘නිදුකාණෙනි, මණුෂ්යයන් අතුරෙහි මව කෙරෙහි යහපත්සේ පිළිපන්නාවූ, පියා කෙරෙහි යහපත්සේ පිළිපන්නාවූ, ශ්රමණයන් කෙරෙහි යහපත්සේ පිළිපන්නාවූ, බ්රාහ්මණයන් කෙරහි යහපත්සේ පිළිපන්නාවූ, කුලදෙටුවන් පුදන්නාවූ, උපොසථ සිල් රකින්නාවූ, පෙර ගමන් පසුගමන් වශයෙන් උපොසථ සිල් රකින්නාවූ, කරන්නාවූ මිනිසුන් ස්වල්ප වෙත්මය’ කියායි. මහණෙනි, ඒ වචනයෙන් තව්තිසා දෙවියෝ නොසතුටු සිත් ඇත්තෝ වෙත්. ‘පින්වත්නි, ඒකාන්තයෙන් දිව්ය නිකායයෝ පිරිහෙන්නාහුය. අසුර නිකායයෝ සම්පූර්ණ වන්නාහුය’ යි කියායි.
“මහණෙනි, ඉදින් වනාහි මිනිසුන් අතුරෙහි මව් කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, පියා කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, ශ්රමණයන් කෙරෙහි යහපත්සේ පිළිපදින්නාවූ, බ්රාහ්මණයන් කෙරහි මොනවට පිළිපදින්නාවූ, කුලදෙටුවන් පුදන්නාවූ, උපොසථ සිල් රකින්නාවූ, පෙර ගමන් පසුගමන් වශයෙන් උපොසථ සිල් රකින්නාවූ, කරන්නාවූ මිනිසුන් බොහෝ වෙත්ද, මහණෙනි, ඒ මේ කරුණු සිව්වරම් මහරජවරු සුධර්මා නම්වූ සභාවෙහි රැස්වූ තව්තිසා දෙවියන්ට ප්රකාශ කෙරෙත්. (කෙසේද) ‘නිදුකාණෙනි, මණුෂ්යයන් අතුරෙහි මව කෙරෙහි යහපත්සේ පිළිපන්නාවූ, පියා කෙරෙහි යහපත්සේ පිළිපන්නාවූ, ශ්රමණයන් කෙරෙහි යහපත්සේ පිළිපදින්නාවූ, බ්රාහ්මණයන් කෙරහි යහපත්සේ පිළිපදින්නාවූ, කුලදෙටුවන් පුදන්නාවූ, උපොසථ සිල් රකින්නාවූ, පෙර ගමන් පසුගමන් වශයෙන් උපොසථ සිල් රකින්නාවූ, කරන්නාවූ මිනිසුන් බොහෝ වෙත්මය’ කියායි. මහණෙනි, ඒ වචනයෙන් තව්තිසා දෙවියෝ සතුටු සිත් ඇත්තෝ වෙත්. ‘පින්වත්නි, ඒකාන්තයෙන් දිව්ය නිකායයෝ සම්පූර්ණ වන්නාහුය, අසුර නිකායයෝ පිරිහෙන්නාහුය.’ යි කියායි.
3. 1. 4. 8. සක්කභාසිත සූත්රය
38. “මහණෙනි, පෙර ශක්ර දේවේන්ද්ර තෙම තව්තිසා දෙවියන් අවබෝධ කරවමින් ඒ වේලාවෙහි මේ ගාථාව ප්රකාශ කෙළේය.
‘යම් මනුෂ්යයෙක් තෙම මා වැන්නෙක් වන්නේද, නොහොත් මා විසින් පැමිණෙන ලද සම්පත්තියට පැමිණෙනු කැමති වන්නේද, හෙතෙම තුදුස්වක් දිනයෙහිද, පසළොස්වක් දිනයෙහිද, පක්ෂයෙහි අටවක් දිනයෙහිද, ප්රාතිහාර්ය්ය පක්ෂයෙහිද, ගුණාඞ්ගයකින් යුක්තවූ උපොසථ සීලයෙහි උපවාසය කරන්නේය.’
“මහණෙනි, සක්දෙව්රජ විසින් ඒ මේ ගාථා තොමෝ වනාහි නපුරුකොට ගායනා කරණ ලද්දීය. යහපත්කොට ගායනා නොකරණ ලද්දීය. අයහපත්කොට ප්රකාශ කරණ ලද්දීය. යහපත්කොට ප්රකාශ නොකරණ ලද්දීය. ඊට හේතු කවරේද? මහණෙනි, දේවේන්ද්රවූ ශක්රතෙම වනාහි පහනොවූ රාග ඇත්තේය. පහනොවූ ද්වේෂ ඇත්තේය. පහනොවූ මෝහ ඇත්තේය. “මහණෙනි, ක්ෂය කරණ ලද කාමාදී ආශ්රව ඇත්තාවූ, බඹසර වැස නිම කළාවූ, කොට නිමවන ලද සිව්මහ කටයුතු ඇත්තාවූ, බහා තබන ලද ස්කන්ධාදී බර ඇත්තාවූ, පිළිවෙලින් පැමිණියාවූ අර්හත්වය ඇති, ක්ෂය කරණ ලද භව බන්ධන ඇත්තාවූ, මනාකොට දැන කෙලෙසුන් කෙරෙන් මිදුනාවූ යම් ඒ මහණෙක් වේද, ඒ භික්ෂුවම වනාහි කීමට සුදුසු වන්නේය :
‘යම් මනුෂ්යයෙක් තෙම මා වැනි ක්ෂීණාශ්රව කෙණෙක් වන්නේද? හෙතෙම තුදුස්වක් දිනයෙහිද, පසළොස්වක් දිනයෙහිද, පක්ෂයෙහි අටවක් දිනයෙහිද, ප්රාතිහාර්ය්ය පක්ෂයෙහිද, ගුණාඞ්ගයකින් යුක්තවූ උපොසථ සීලයෙහි උපවාසය කරන්නේය.’
“ඊට හේතු කවරේද? මහණෙනි, ඒ මහණතෙම වනාහි, පහවූ රාග ඇත්තේ වේද, පහවූ ද්වේෂ ඇත්තේ වේද, පහවූ මෝහ ඇත්තේ වේද, එහෙයිනි.
“මහණෙනි, පෙර ශක්ර දේවේන්ද්ර තෙම තව්තිසා දෙවියන් අවබෝධ කරවමින් ඒ වේලාවෙහි මේ ගාථාව ප්රකාශ කෙළේය.
‘යම් මනුෂ්යයෙක් තෙම මා වැන්නෙක් වන්නේද, නොහොත් මා විසින් පැමිණෙන ලද සම්පත්තියට පැමිණෙනු කැමති වන්නේද, හෙතෙම තුදුස්වක් දිනයෙහිද, පසළොස්වක් දිනයෙහිද, පක්ෂයෙහි අටවක් දිනයෙහිද, ප්රාතිහාර්ය්ය පක්ෂයෙහිද, ගුණාඞ්ගයකින් යුක්තවූ උපොසථ සීලයෙහි උපවාසය කරන්නේය.’
“මහණෙනි, බොහෝ පෙර සක්දෙව්රද විසින් මේ ගාථා තොමෝ වනාහි නපුරුකොට ගායනා කරණ ලද්දීය. යහපත්කොට ගායනා නොකරණ ලද්දීය. අයහපත්කොට ප්රකාශ කරණ ලද්දීය. යහපත්කොට ප්රකාශ නොකරණ ලද්දීය. ඊට හේතු කවරේද? දේවේන්ද්රවූ ශක්රතෙම වනාහි උත්පත්තියෙන්ද, ජරා මරණ දෙකින්ද, ශෝකවලින්ද, වැළපීම්වලින්ද, කායික දුක්වලින්ද, චෛතසික දුක්වලින්ද, දැඩි ආයාසවලින්ද නොමිදුනේය. සියලු සංසාර දුකින් නොමිදුනේයයි කියමි.
“මහණෙනි, අර්හත්වූ, ක්ෂය කරණ ලද කාමාදී ආශ්රව ඇත්තාවූ, බඹසර වැස නිම කළාවූ, කොට නිමවන ලද සිව්මහ කටයුතු ඇත්තාවූ, බහා තබන ලද ස්කන්ධාදී බර ඇත්තාවූ, පිළිවෙලින් පැමිණියාවූ අර්හත්වය ඇති, ක්ෂය කරණ ලද භව බන්ධන ඇත්තාවූ, මනාකොට දැන කෙලෙසුන් කෙරෙන් මිදුනාවූ යම් ඒ මහණෙක් වේද, ඒ භික්ෂුවම වනාහි මෙසේ කීමට සුදුසු වන්නේය:
‘යම් මනුෂ්යයෙක් තෙම මා වැනි ක්ෂීණාශ්රව කෙණෙක් වන්නේද? හෙතෙම තුදුස්වක් දිනයෙහිද, පසළොස්වක් දිනයෙහිද, පක්ෂයෙහි අටවක් දිනයෙහිද, ප්රාතිහාර්ය්ය පක්ෂයෙහිද, ගුණාඞ්ගයකින් යුක්තවූ උපොසථ සීලයෙහි උපවාසය කරන්නේය.’ කියායි.
“මහණෙනි, ඒ මහණතෙම ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසවලින් මිදුනේය. සියලු සසර දුකින් මිදුනේයයි කියමි’ යි වදාළ සේක.