2. 1. 5. 8.
49. “මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, විසමවූ (පැකිලීම් ඇති) පිරිසද, සමවූ (නොපැකිලෙන) පිරිසද (යන දෙක) වෙත්.
“මහණෙනි, විසම පිරිස කවරීද? “මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි අධර්ම කර්මයෝ පවතිත්ද, ධර්ම කර්මයෝ නොපවතිත්ද, විනයට විරුද්ධ කර්මයෝ පවතිත්ද, විනය කර්මයෝ නොපවතිත්ද, අධර්ම කර්මයෝ බබලත්ද, ධර්ම කර්මයෝ නොබබලත්ද, විනයට විරුද්ධවූ කර්මයෝ දීප්තියට පැමිණෙත්ද, විනය කර්මයෝ දීප්තියට නොපැමිණෙත්ද, මහණෙනි,මේ විෂමවූ පිරිසයයි කියනු ලැබේ. මහණෙනි, මේ පිරිස විෂම බැවින් අධර්ම කර්මයෝ පවතිත්. ධර්ම කර්මයෝ නොපවතිත්. විනයට විරුද්ධ කර්මයෝ පවතිත්. විනය කර්මයෝ නොපවතිත්. අධර්ම කර්මයෝ දීප්තියට පැමිනෙත්. ධර්ම කර්මයෝ නොබැබලෙත්. විනය විරුද්ධ කර්මයෝ දීප්තියට පැමිණෙත්. විනය කර්මයෝ දීප්තියට නොපැමිනෙත්.
“මහණෙනි, සමවූ පිරිස කවරීද? “මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි ධර්ම කර්මයෝ පවතිත්ද, අධර්ම කර්මයෝ නොපවතිත්ද, විනය කර්මයෝ පවතිත්ද, අවිනය කර්මයෝ නොපවතිත්ද, ධර්ම කර්මයෝ බැබලෙත්ද, අධර්ම කර්මයෝ නොබැබලෙත්ද, විනය කර්මයෝ බැබලෙත්ද, විනය විරුද්ධ කර්මයෝ නොබැබලෙත්ද, මහණෙනි, මේ සම පිරිසයයි කියනු ලැබේ. මහණෙනි, පිරිස සම බැවින් ධර්ම කර්මයෝ පවතිත්. අධර්ම කර්මයෝ නොපවතිත්. විනය කර්මයෝ පවතිත්. අවිනය කර්මයෝ නොපවතිත්. ධර්ම කර්මයෝ බැබලෙත්. අධර්ම කර්මයෝ නොබැබලෙත්. විනය කර්මයෝ බැබලෙත්. විනය විරුද්ධ කර්මයෝ නොබැබලෙත්. “මහණෙනි, මේ වනාහි පිරිස් දෙකකි. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් මේ සමවූ පිරිසක් වේද, එය අග්රයි.”
2. 1. 5. 9.
50. “මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්. අධාර්මික පිරිසද, ධාර්මික පිරිසද (යන දෙක) වෙත්. “මහණෙනි, අධාර්මික පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි අධර්ම කර්මයෝ පවතිත්ද, ධර්ම කර්මයෝ නොපවතිත්ද, විනයට විරුද්ධ කර්මයෝ පවතිත්ද, විනය කර්මයෝ නොපවතිත්ද, අධර්ම කර්මයෝ බබලත්ද, ධර්ම කර්මයෝ නොබබලත්ද, විනයට විරුද්ධවූ කර්මයෝ දීප්තියට පැමිණෙත්ද, විනය කර්මයෝ දීප්තියට නොපැමිණෙත්ද, මහණෙනි,මේ විෂමවූ පිරිසයයි කියනු ලැබේ. මහණෙනි, මේ පිරිස විෂම බැවින් අධර්ම කර්මයෝ පවතිත්. ධර්ම කර්මයෝ නොපවතිත්. විනයට විරුද්ධ කර්මයෝ පවතිත්. විනය කර්මයෝ නොපවතිත්. අධර්ම කර්මයෝ දීප්තියට පැමිනෙත්. ධර්ම කර්මයෝ නොබැබලෙත්. විනය විරුද්ධ කර්මයෝ දීප්තියට පැමිණෙත්. විනය කර්මයෝ දීප්තියට නොපැමිනෙත්. “මහණෙනි, ධාර්මික පිරිස කවරීද? මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි ධර්ම කර්මයෝ පවතිත්ද, අධර්ම කර්මයෝ නොපවතිත්ද, විනය කර්මයෝ පවතිත්ද, අවිනය කර්මයෝ නොපවතිත්ද, ධර්ම කර්මයෝ බැබලෙත්ද, අධර්ම කර්මයෝ නොබැබලෙත්ද, විනය කර්මයෝ බැබලෙත්ද, විනය විරුද්ධ කර්මයෝ නොබැබලෙත්ද, මහණෙනි, මේ සම පිරිසයයි කියනු ලැබේ. මහණෙනි, පිරිස සම බැවින් ධර්ම කර්මයෝ පවතිත්. අධර්ම කර්මයෝ නොපවතිත්. විනය කර්මයෝ පවතිත්. අවිනය කර්මයෝ නොපවතිත්. ධර්ම කර්මයෝ බැබලෙත්. අධර්ම කර්මයෝ නොබැබලෙත්. විනය කර්මයෝ බැබලෙත්. විනය විරුද්ධ කර්මයෝ නොබැබලෙත්. “මහණෙනි, මේ පිරිස් දෙකක්වේ. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් මේ ධාර්මික පිරිසක් වේද, මෙය අග්රවේ”
2. 1. 5. 10.
51. “මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්. මහණෙනි, අධර්මවාදී පිරිසද, ධර්මවාදී පිරිසද (යන දෙක) වෙත්.
“මහණෙනි, අධර්මවාදී පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්ෂූහු ධාර්මිකවූ හෝ අධාර්මිකවූ හෝ විවාද ආදී විනිශ්චය කළ යුතු කරුණක් ගනිත්ද, ඔවුහු ඒ අධිකරණය ගෙණ එකිනෙකාට ඒ බව නොමදන්වත්ද, දැන්වීම සඳහා රැස් නොවෙත්ද, නොදක්වත්ද, දැක්වීමට නොඑළඹෙත්ද, ඔවුහු තුමූ අසඤ්ඤත්තිය (නොදැන්වීම) බලය කොට ගත්තාහු, නොදැක්වීම බලය කොට ගත්තාහු, විවාදය අත්හැරීමට අදහස් නැත්තාහු, ඒ අධිකරණයම ශක්තියෙන් අල්වාගෙන, ඒ දෘෂ්ටිය සිතෙහි ඇතුල්කොට (මෙසේ) ප්රකාශ කෙරෙත්ද, ‘මේ (අපගේ වචනය)ම සත්යය, මෙයින් අන්යවූ වචන තුච්ඡය’ යි කියායි. මහණෙනි, මෙබඳුවූ පිරිස අධර්මවාදී පිරිසයයි කියනු ලැබේ.
“මහණෙනි, ධර්මවාදී පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්ෂූහු ධාර්මිකවූ හෝ අධාර්මිකවූ හෝ (විවාද ආදී) අධිකරණයක් ගනිත්ද, ඔවුහු තුමූ මේ අධිකරණය ගෙණ එකිනෙකාට මේ ගැණ දන්වත්ද, දැන්වීම පිණිස රැස්වෙත්ද, දක්වත්ද, දැක්වීම පිණිස පැමිණෙත්ද, ඔවුහු තුමූ දැන්වීම් බලය කොට ඇත්තාහු, දැක්වීම බලය කොට ඇත්තාහු, බැහැරලීමෙහි අදහස් ඇත්තාහු, ඒ අධිකරණයම ශක්තියෙන් අල්වාගෙන, ඒ හැඟීම් (සිතෙහි) ඇතුල්කොට මෙසේ ප්රකාශ නොකෙරෙත්ද, (කෙසේද?) ‘මේ අපගේ වචනයම සත්යය, අන්යයන්ගේ වචන තුච්ඡය’ යි කියායි. මහණෙනි, මෙබඳු පිරිස ධර්මවාදී පිරිසයයි කියනු ලැබේ. “මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් මේ ධර්මවාදී පිරිසක් වේද, මේ පිරිස අග්රය”
පස්වෙනි වර්ගය නිමි.
එහි උද්දානය:
උත්තාන, වග්ග, අග්ගවතී, අරිය, පස්වැනි කසට ද, ඔක්කාචිත, ආමිස, විසම, අධම්මික හා ධම්මවාදිනී යයි (මේ වගෙහි සූත්ර දසයයි).
පළමුවෙනි පණස නිමි.
දෙවන පනස.
(6) 1. පුද්ගල වර්ගය
2. 2. 6. 1.
සැවැත් නුවර නිදානයි.
1. “මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙනෙක් ලෝකයෙහි උපදින්නාහු, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ ජනයාට වැඩ පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස උපදිත්.
කවර දෙදෙනෙක්ද යත්. අර්හත්වූ, සම්යක් සම්බුද්ධවූ, තථාගතයන් වහන්සේද, සක්විති රජ තෙමේද (යන දෙදෙන) වෙත්. මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙන වනාහි ලොව උපදින්නාහු, බොහෝ දෙනාට හිත පිණිස, බොයෝ දෙනාට සැප පිණිස, බොහෝ ජනයාට වැඩ පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස උපදිත්.”