2. 1. 2. 8.
18. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්යවත් බුදුරජ යම් තැනෙක්හිද, එහි එළඹියේය. එළඹ භාග්යවතුන් වහන්සේ මනාකොට වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට භාග්යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක.
“ආනන්දය, කාය දුශ්චරිතයද, වාග් දුශ්චරිතයද, මනො දුශ්චරිතයද, ඒකාන්තයෙන් නොකටයුතුයයි මම කියමි.”
[ආනන්ද තෙරණුවෝ:]
“ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ විසින් යම් මේ කාය දුශ්චරිතයද, වාග් දුශ්චරිතයද, මනො දුශ්චරිතයද, ඒකාන්තයෙන් නොකටයුතුයයි ප්රකාශ කරණ ලද්දේද, නොකටයුතුවූ ඒ කරණු ලබන කල්හි කිනම් දෝෂයක් අවශ්යයෙන් ඇති වන්නේද?”
[භාග්යවතුන් වහන්සේ:]
“ආනන්දය, මා විසින් යම් මේ කාය දුශ්චරිතයද, වාග් දුශ්චරිතයද, මනො දුශ්චරිතයද, ඒකාන්තයෙන් නොකටයුතුයයි ප්රකාශ කරණ ලද්දේද, නොකටයුතුවූ එය කරණු ලබන කල්හි මේ ආදීනවය අවශ්යයෙන් ඇතිවිය යුතුයි.
(කුමක්ද?) තෙමේද තමන්ට දෝෂ කියයි. දැන නින්දා කරත්. (තමන් පිළිබඳ) ලාමකවූ කීර්ති ශබ්දයක් වෙඍෙඍින් උඍ්ව පැනනගී. ඍිහිමුළාව මැරෙයි. ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි අපාය නම්වූ. දුර්ගති නම්වූ. විනිපාත නම් වූ නරකයෙහි උපදී.
ආනත්දය. මවිඍින් යම් මේ කායදුශ්චරිතයද වාග්දුශ්චරිතයද. මනොදුශ්චරිතයද. ඒකාන්තයෙන් නොකටයුතුය යි ප්රකාශ කරණ ලද්දේද, එය කරණු ලබන කල්හි මේ දෝෂය තෙම අවශ්යයෙන් විය යුතුයි.
“ආනන්දය, මම කායසුචරිතයද, වාග්සුචරිතයද, මනොසුචරිතයද, ඒකාන්තයෙන් කටයුතුයයි කියමි.”
[ආනන්ද තෙරණුවෝ:]
“ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ විසින් යම් මේ කාය සුචරිතයද, වාග් සුචරිතයද, මනො සුචරිතයද, ඒකාන්තයෙන් කටයුතුයයි ප්රකාශ කරණ ලද්දේද, කටයුතුවූ එය කරණු ලබන කල්හි කවර ආනිසංසයක් බලාපොරොත්තු විය යුතුද?”
[භාග්යවතුන් වහන්සේ:]
“ආනන්දය, මා විසින් යම් මේ කායසුචරිතයද, වාග්සු්චරිතයද, මනොසුචරිතයද, ඒකාන්තයෙන් කටයුතුයයි ප්රකාශ කරණ ලද්දේද, කටයුතුවූ එය කරණු ලබන කල්හි මේ ආනිසංසය බලාපොරොත්තු විය යුතුයි.
(කුමක්ද?) තෙමේද තමන්ට දොස් නොකියයි. නුවණැත්තෝ දැන ප්රශංසා කෙරත්. යහපත්වූ කීර්ති ශබ්දයක් වෙඍෙඍින් උඍ්ව පැනනඟී. ඍිහිමුළා බවක් නැතිව කළුරිය කෙරෙයි. ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදී.
ආනත්දය. මවිඍින් යම් මේ කායසුචරිතයද වාග්සුචරිතයද. මනොසුචරිතයද. ඒකාන්තයෙන් කටයුතුය යි ප්රකාශ කරණ ලද්දේද, එය කරණු ලබන කල්හි මේ ආනිසංසය බලාපොරොත්තු විය යුතුයි.”
2. 1. 2. 9.
19. “මහණෙනි, අකුසලය දුරුකරව්. මහණෙනි, අකුසලය දුරුකිරීමට හැක්කේය. මහණෙනි, ඉදින් අකුසලය දුරුකිරීමට නොහැකිවන්නේනම්, “මහණෙනි, අකුසලය දුරුකරව්.” යයි මම මෙසේ නොකියමි. මහණෙනි, යම්හෙයකින් වනාහි අකුසලය දුරුකරන්ට හැකි වන්නේද, එහෙයින්ම, “මහණෙනි, අකුසලය දුරුකරව්.” යයි මම මෙසේ කියමි. මහණෙනි, මේ අකුසලය දුරුකරණ ලද්දේ අහිත පිණිස, දුක් පිණිස පවත්නේ නම්, “මහණෙනි, අකුසලය දුරුකරව්.” යයි මම මෙසේ නොකියන්නෙමි. මහණෙනි, යම් හෙයකින් අකුසලය හිත පිණිස, සැප පිණිස පවතීද, එහෙයින්ම, “මහණෙනි, අකුසලය දුරුකරව්.” යයි මම මෙසේ කියමි.”