10. 4. 2. 5.
පඨම අධම්ම සූත්‍රය
“මහණෙනි, අධර්‍මය හා අනර්ත්‍ථයද, ධර්‍මය හා අධර්‍මයද, දත යුතුය. අධර්‍මය හා අනර්ත්‍ථය දැන, ධර්‍මය හා අර්ත්‍ථය දැන, ධර්‍මය පරිද්දෙන් පිළිපැදිය යුතුය.”
“මහණෙනි, අධර්‍මය හා අනර්ත්‍ථය කවරේද?”
“සතුන් මැරීම, නුදුන් දෙය ගැනීම, කාමයන්හි වැරදි හැසිරීම, බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම, විෂම ලෝභය, ක්‍රෝධය, වැරදි දැකීමද වෙත්. මහණෙනි, මෙය අධර්‍මය හා අනර්ත්‍ථයයයි කියනු ලැබේ.”
“මහණෙනි, ධර්‍මය හා අර්ත්‍ථය කවරේද?”
“සතුන් මැරීමෙන් වෙන්වීම, නුදුන් දෙය ගැනීමෙන් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරු කීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, පරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, විෂම ලෝභය නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමද වෙත්. මහණෙනි, මෙය ධර්‍මය හා අර්ත්‍ථයයයි කියනු ලැබේ.”
“මහණෙනි, අධර්‍මයද දතයුතුය. අනර්ත්‍ථයද, ධර්‍මයද දත යුතුය. අර්ත්‍ථයද, ධර්‍මයද දැන, අර්ත්‍ථය යම් සේද, ධර්‍මය යම්සේද, එසේ පිළිපැදිය යුතුය, යන යමක් වදාළෝද, මෙයම නිසා වදාරණ ලද්දේය.”
10. 4. 2. 6.
6. අධම්මා ධම්ම සූත්‍රය
172. “මහණෙනි, අධර්මයද දතයුතුය. ධර්මයද, අනර්ත්‍ථයද දතයුතුය. අර්ත්‍ථයද, අධර්මයද දැන, ධර්මයද, අනර්ත්‍ථයද දැන, අර්ත්‍ථය දැන, අර්ත්‍ථය යම්සේද, ධර්මය යම්සේද, එසේ පිළිපැදිය යුතුය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා, හුනස්නෙන් නැගිට වෙහෙරට වැඩි සේක.
ඉක්බිති ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ වැඩ නොබෝ වේලාවකින් නික්ම ගිය භාග්‍යවතුන් වහන්සේ ගැන මෙබඳු සිතක් විය: “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට ‘මහණෙනි, අධර්මයද දතයුතුය, ධර්මයද දතයුතුය, අනර්ථයද, අර්ථයද දතයුතුය. අධර්මයද, ධර්මයද දැන, අනර්ථයද, අර්ථයද දැන, ධර්මය, අර්ථය යම්සේද, එසේ පිළිපැදිය යුතුය’ යි කොටින් වදාරා විස්තර වශයෙන් අර්ථය නොබෙදා, ආසනයෙන් නැගිට විහාරයට ඇතුළුවූ සේක.”
භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් වදාරණ ලද, විස්තර වශයෙන් නොබෙදන ලද, මෙහි අර්ථය කවරෙක් විස්තර වශයෙන් බෙදන්නේදැයි?
ඉක්බිති ඒ භික්ෂූන්ට මේ සිත විය:
“මේ ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ විසින්මද මනාව වර්ණනා කරන ලද්දේය. සම්භාවනා කරණ ලද්දේය. භාග්‍යවතුන් වහන්සේ විසින් විස්තර වශයෙන් අන්‍ර්‍ථය නොබෙදන ලද, කොටින් වදාරණ ලද ධර්‍මයෙහි විස්තර වශයෙන් නුවණැති සබ්‍රම්සරුන්ට අර්ථය බෙදා දක්වන්නට සුදුසුය. ඒකාන්තයෙන් අපි ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණෙන්නමු. පැමිණ, ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේගෙන් මේ කාරණය විචාරන්නෙමු නම් යෙහෙකැයි සිතූහ. අපට ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ යම්සේ ප්‍රකාශ කරන්නේද, එසේ අපි දරන්නෙමු’ යි කීවාහුය.
ඉක්බිති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවූවාහුය. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ, කථාව කොට නිමවා එකත්පසෙක සිටියාහුය. එකත්පසෙක සිටි ඒ භික්‍ෂූහු, ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේට මෙය කීහ: