10. 3. 5. 7.
7. භාවෙතබ්බ සූත්‍රය
151. “මහණෙනි, තොපට වැඩිය යුතු වූද, නොවැඩිය යුතු වූද ධර්මයද දෙසන්නෙමි. (එය හොඳට අසවු, මෙනෙහි කරව්.) මහණෙනි, නොවැඩිය යුතු ධර්මය කෙසේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය නොවැඩිය යුතු ධර්මයයි කියනු ලැබේ. මහණෙනි, වැඩිය යුතු ධර්මය කෙසේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය වැඩිය යුතු ධර්මයයි කියනු ලැබේ.”
10. 3. 5. 8.
8. බහුලීකාතබ්බ සූත්‍රය
152. “මහණෙනි, තොපට බහුල කළ යුතු ධර්‍මයද, බහුල නොකළ යුතු ධර්‍මයද දෙසන්නෙමි. (එය හොඳට අසවු, මෙනෙහි කරව්.) මහණෙනි, බහුල නොකළ යුතු ධර්මය කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය බහුල නොකළ යුතු ධර්මයයි කියනු ලැබේ. “මහණෙනි, බහුල කළ යුතු ධර්මය කෙසේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය බහුල කළ යුතු ධර්මයයි කියනු ලැබේ.”
10. 3. 5. 9.
9. අනුස්සරි තබ්බ සූත්‍රය
153. “මහණෙනි, තොපට සිහි කටයුතු ධර්මයද, සිහි නොකටයුතු ධර්මයද දෙසන්නෙමි. (එය හොඳට අසවු, මෙනෙහි කරව්.) මහණෙනි, සිහි නොකටයුතු ධර්මය කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය සිහි නොකටයුතු ධර්මයයි කියනු ලැබේ. “මහණෙනි, සිහි කටයුතු ධර්මය කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය සිහි කටයුතු ධර්මයයි කියනු ලැබේ.”
10. 3. 5. 10.
10. සච්ඡිකාතබ්බ සූත්‍රය
154. “මහණෙනි, තොපට අත් දැකිය යුතු ධර්මයද, අත් නොදැක්ක යුතු ධර්මයද දෙසන්නෙමි. (එය හොඳට අසවු, මෙනෙහි කරව්.) මහණෙනි, අත් නොදැක්ක යුතු ධර්මය කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය අත් නොදැක්ක යුතු ධර්මයයි කියනු ලැබේ. මහණෙනි, අත් දැකිය යුතු ධර්මය කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මේ අත් දැකිය යුතු ධර්මය කියමි.”
ආර්ය මාර්ග වර්‍ගය නිමි.
තුන්වන පණ්ණාසකය නිමි.