(15) 5. අරිය වර්‍ගය
10. 3. 5. 1.
1. අරියානරිය මග්ග සූත්‍රය
145. “මහණෙනි, තොපට ආර්ය ධර්මයද, අනාර්ය ධර්මයද දෙසන්නෙමි. (එය හොඳට අසවු, මෙනෙහි කරව්.) මහණෙනි, අනාර්ය මාර්ගය කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය අනාර්ය මාර්ගයයි. “මහණෙනි, ආර්ය මාර්ගය කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය ආර්ය මාර්ගයයි කියනු ලැබේ.”
10. 3. 5. 2.
2. කණ්හසුක්ක මග්ග සූත්‍රය
146. “මහණෙනි, තොපට සුදුවූ කුසල් මගද, කළුවූ අකුසල් මගද දෙසන්නෙමි. (එය හොඳට අසවු, මෙනෙහි කරව්.) මහණෙනි, කළුවූ අකුසල් මග කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය කළුවූ අකුසල් මගයයි කියනු ලැබේ. “මහණෙනි, සුදුවූ කුසල් මග කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය සුදුවූ කුසල් මගයයි කියනු ලැබේ.”
10. 3. 5. 3.
3. සද්‍ධම්මාසද්‍ධම්ම සූත්‍රය
147. “මහණෙනි, තොපට සද්ධර්මයද, අසද්ධර්මයද දෙසන්නෙමි. (එය හොඳට අසවු, මෙනෙහි කරව්.) මහණෙනි, කළුවූ අසද්ධර්මය කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය අසද්ධර්මයයි කියනු ලැබේ. “මහණෙනි, සද්ධර්මය කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය සද්ධර්මයයි කියනු ලැබේ.”
10. 3. 5. 4.
4. සප්පුරිස ද්‍ධම්ම සූත්‍රය
148. “මහණෙනි, තොපට සත්පුරුෂ ධර්මයද, අසත්පුරුෂ ධර්මයද දෙසන්නෙමි. (එය හොඳට අසවු, මෙනෙහි කරව්.) මහණෙනි, අසත්පුරුෂ ධර්මය කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය අසත්පුරුෂ ධර්මයයි කියනු ලැබේ. “මහණෙනි, සත්පුරුෂ ධර්මය කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය සත්පුරුෂ ධර්මයයි කියනු ලැබේ.”
10. 3. 5. 5.
5. උප්පාදෙතබ්බ සූත්‍රය
149. “මහණෙනි, තොපට ඉපදවිය යුතු ධර්මයද, නොඉපදවිය යුතු ධර්මයද දෙසන්නෙමි. (එය හොඳට අසවු, මෙනෙහි කරව්.) මහණෙනි, නොඉපදවිය යුතු ධර්මය කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය නොඉපදවිය යුතු ධර්මයයි කියනු ලැබේ. මහණෙනි, ඉපදවිය යුතු ධර්මය කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය ඉපදවිය යුතු ධර්මයයි කියනු ලැබේ.”
10. 3. 5. 6.
6. ආසෙවිතබ්බ සූත්‍රය
150. “මහණෙනි, තොපට පුරුදු කළ යුතු ධර්මයද, පුරුදු නොකළ යුතු ධර්මයද දෙසන්නෙමි. (එය හොඳට අසවු, මෙනෙහි කරව්.) මහණෙනි, පුරුදු නොකළ යුතු ධර්මය කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය පුරුදු නොකළ යුතු ධර්මයයි කියනු ලැබේ. මහණෙනි, පුරුදු කළ යුතු ධර්මය කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය පුරුදු කළ යුතු ධර්මයයි කියනු ලැබේ.”
10. 3. 5. 7.
7. භාවෙතබ්බ සූත්‍රය
151. “මහණෙනි, තොපට වැඩිය යුතු වූද, නොවැඩිය යුතු වූද ධර්මයද දෙසන්නෙමි. (එය හොඳට අසවු, මෙනෙහි කරව්.) මහණෙනි, නොවැඩිය යුතු ධර්මය කෙසේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය නොවැඩිය යුතු ධර්මයයි කියනු ලැබේ. මහණෙනි, වැඩිය යුතු ධර්මය කෙසේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය වැඩිය යුතු ධර්මයයි කියනු ලැබේ.”