10. 3. 1. 11.
දස අසෙක්ඛ ධම්ම සූත්රය
111. ඉක්බිති එක්තරා භික්ෂුවක් භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ මහණතෙම භාග්යවතුන් වහන්සේට මෙසේ පැවසීය.
“ස්වාමීනි, අශෙඛය, අශෙඛයයි කියයි. ස්වාමීනි, කොපමණකින් අශෙඛවේදැ” යි.
“මහණ, මේ ශාසනයෙහි මහණතෙම අශෛක්ෂ (ශික්ෂාව අවසන්කළ) සම්යක් දෘෂ්ටියෙන් යුක්තවූයේ වේද, අශෛක්ෂ සම්යක් සංකල්පනාවෙන් යුක්තවූයේ වේද, අශෛක්ෂ සම්යක් වචනයෙන් යුක්තවූයේ වේද, අශෛක්ෂ සම්යක් කර්මාන්තයෙන් යුක්තවූයේ වේද, අශෛක්ෂ සම්යක් ජීවිකාවෙන් යුක්තවූයේ වේද, අශෛක්ෂ සම්යක් වෑයමින් යුක්තවූයේ වේද, අශෛක්ෂ සම්යක් සමාධියෙන් යුක්තවූයේ වේද, අශෛක්ෂ සම්යක් ඤාණයෙන් යුක්තවූයේ වේද, අශෛක්ෂ සම්යක් මිදීමෙන් යුක්තවූයේ වේ. මහණෙනි, මෙසේ වනාහි මහණතෙම අශෛක්ෂ වේය’ යි වදාළ සේක.
10. 3. 1. 12.
දස අසේඛිය ධම්ම සූත්රය
112. “මහණෙනි, මේ අශෛක්ෂ ධර්ම දහයෙකි. කවර දසයක්ද යත්?
අශෛක්ෂ සම්යක් දෘෂ්ටිය, අශෛක්ෂ සම්යක් සංකල්පනාවය, අශෛක්ෂ සම්යක් වචනය, අශෛක්ෂ සම්යක් කර්මාන්තය, අශෛක්ෂ සම්යක් ආජීවය, අශෛක්ෂ සම්යක් වීර්ය්යය, අශෛක්ෂ සම්යක් සමාධිය, අශෛක්ෂ සම්යක් ඤාණය, අශෛක්ෂ මිදීමය යන මේ දශය මහණෙනි, අශෛක්ෂ ධර්මයෝයි.”
පළමුවෙනි සංඥා වර්ගය නිමි.
[එහි උද්දානය:]
සඤ්ඤා, බොජ්ඣඞ්ග, මිච්ඡත්ත, බීජ, විජ්ජා, නිජ්ජරා, ධොවන, තිකිච්ඡා, නිද්ධමන සහ අසෙඛ යැයි සූත්ර දහයකි.