1. 16. 6. 62-72.
පෘථිවී කසිණය වඩාද, ආපොකසිණය වඩාද, තෙජොකසිණය වඩාද, වායොකසිණය වඩාද, නීලකසිණය වඩාද, පීත (රන්වන් පැහැති) කසිණය වඩාද, ලොහිත (ලෙහෙවන් පැහැති) කසිණය වඩාද, ඔදාත (සුදුපැහැති) කසිණය වඩාද, ආකාස කසිණය වඩාද, විඤ්ඤාණකසිණය වඩාද, ආලෝක කසිණය වඩාද,
1. 16. 6. 73-82.
අසුභ සංඥාව වඩාද, මරණසඤ්ඤාව වඩාද, ආහාරයෙහි පිළිකුල් සඤ්ඤාව වඩාද, නොඇලීම් සංඥාව (කලකිරීම) වඩාද, (පඤ්චස්කන්ධය) අනිත්‍යය යන සංඥාව වඩාද, අනිත්‍යවූ ස්කන්ධපඤ්චකයෙහි දුක යන සංඥාව වඩාද, දුක්වූ ස්කන්ධ පඤ්චකයෙහි අනාත්ම සංඥාව වඩාද, ප්‍රහාණ සංඥාව වඩාද, චිරාග සංඥාව වඩාද, නිර්වාණය අරමුණුකොට උපන් නිරෝධසඤ්ඤාව වඩාද,
1. 16. 6. 83-92.
අනිත්‍ය සංඥාව වඩාද, අනාත්මයක් නැතැයි යන සංඥාව වඩාද, මරණ සංඥාව වඩාද, ආහාරයෙහි පිළිකුල් සංඥාව වඩාද, සියලු ලෝකයෙහි කලකිරීම් සංඥාව වඩාද, (ශරීරය) ඇටසැකිල්ලෙක යන දෘෂ්ඨික සංඥාව වඩාද, (පණුවන් ගෙන් මිශ්‍රය යන) පුළවක සංඥාව වඩාද, (මළ පසු විශේෂයෙන් නිල්වගිය ශරීරය අරමුණුකොට උපන්) විනීලක සංඥාව වඩාද, (මළ පසු විශේෂයෙන් හටගත් සිදුරු ඇති සිරුර අරමුණුකොට උපන්) විච්ඡිද්‍රක සංඥාව වඩාද, (මළ පසු ඉදිමී ගිය ශරීරය අරමුණුකොට උපන්) උද්ධුමාතක සංඥාව වඩාද,
1. 16. 6. 93-102.
බුදුගුණ අරමුණු කොට උපන් සිහිය වඩාද, දහම් ගුණ අරමුණුකොට උපන් සිහිය වඩාද, සඟ ගුණ අරමුණු කොට උපන් සිහිය වඩාද, ශීල ගුණය අරමුණුකොට උපන් සිහිය වඩාද, ත්‍යාග ගුණය අරමුණුකොට උපන් සිහිය වඩාද, දෙවතාවන් සාක්ෂි ස්ථානයෙහි තබා තමන්ගේ ශ්‍රද්ධාදී ගුණයන් අරමුණු කොට උපන් සිහිය වඩාද, ආශ්වාස ප්‍රශ්වාසය අරමුණුකොට උපන් සිහිය වඩාද, මරණය අරමුණු කොට උපන් සිහිය වඩාද, කෙසාදී කාය කොට්ඨාශයන් අරමුණුකොට උපන් සිහිය වඩාද, කෙලෙසුන් සංසිඳීම අරමුණුකොට උපන් සිහිය වඩාද,
1. 16. 6. 103-142.
ප්‍රථමධ්‍යානය සමග පැවැත්තාවූ ශ්‍රද්ධෙන්ද්‍රිය වඩාද, වීය්‍යෙ_න්ද්‍රිය වඩාද, සතින්ද්‍රිය වඩාද, සමාධින්ද්‍රිය වඩාද, පඤ්ඤින්ද්‍රිය වඩාද, ශ්‍රද්ධාබලය වඩාද, වීර්‍ය්‍යබලය වඩාද, ස්මෘතිබලය වඩාද, සමාධිබලය වඩාද, ප්‍රඥාබලය වඩාද, ද්විතීය ධ්‍යානය සමග පැවැත්තාවූ ශ්‍රද්ධෙන්ද්‍රිය වඩාද, වීය්‍යෙ_න්ද්‍රිය වඩාද, සතින්ද්‍රිය වඩාද, සමාධින්ද්‍රිය වඩාද, පඤ්ඤින්ද්‍රිය වඩාද, ශ්‍රද්ධා බලය වඩාද, වීර්‍ය්‍ය බලය වඩාද, ස්මෘති බලය වඩාද, සමාධි බලය වඩාද, ප්‍රඥාබලය වඩාද, තෘතීය ධ්‍යානය සමග පැවැත්තාවූ ශ්‍රද්ධෙන්ද්‍රිය වඩාද, වීය්‍යෙ_න්ද්‍රිය වඩාද, සතින්ද්‍රිය වඩාද, සමාධින්ද්‍රිය වඩාද, පඤ්ඤින්ද්‍රිය වඩාද, ශ්‍රද්ධා බලය වඩාද, වීර්‍ය්‍ය බලය වඩාද, ස්මෘති බලය වඩාද, සමාධි බලය වඩාද, ප්‍රඥාබලය වඩාද, චතුර්ථධ්‍යානය සමග පැවැත්තාවූ ශ්‍රද්ධෙන්ද්‍රිය වඩාද, වීය්‍යෙ_න්ද්‍රිය වඩාද, සතින්ද්‍රිය වඩාද, සමාධින්ද්‍රිය වඩාද, පඤ්ඤින්ද්‍රිය වඩාද, ශ්‍රද්ධා බලය වඩාද, වීර්‍ය්‍ය බලය වඩාද, ස්මෘති බලය වඩාද, සමාධි බලය වඩාද, ප්‍රඥාබලය වඩාද,
1. 16. 6. 143-182.
මෛත්‍රිය සමග පැවැත්තාවූ ශ්‍රද්ධෙන්ද්‍රිය වඩාද, වීය්‍යෙ_න්ද්‍රිය වඩාද, සතින්ද්‍රිය වඩාද, සමාධින්ද්‍රිය වඩාද, පඤ්ඤින්ද්‍රිය වඩාද, ශ්‍රද්ධා බලය වඩාද, වීර්‍ය්‍ය බලය වඩාද, ස්මෘති බලය වඩාද, සමාධි බලය වඩාද, ප්‍රඥාබලය වඩාද, කරුණාව සමග පැවැත්තාවූ ශ්‍රද්ධෙන්ද්‍රිය වඩාද, වීය්‍යෙ_න්ද්‍රිය වඩාද, සතින්ද්‍රිය වඩාද, සමාධින්ද්‍රිය වඩාද, පඤ්ඤින්ද්‍රිය වඩාද, ශ්‍රද්ධා බලය වඩාද, වීර්‍ය්‍ය බලය වඩාද, ස්මෘති බලය වඩාද, සමාධි බලය වඩාද, ප්‍රඥාබලය වඩාද, මුදිතාව සමග පැවැත්තාවූ ශ්‍රද්ධෙන්ද්‍රිය වඩාද, වීය්‍යෙ_න්ද්‍රිය වඩාද, සතින්ද්‍රිය වඩාද, සමාධින්ද්‍රිය වඩාද, පඤ්ඤින්ද්‍රිය වඩාද, ශ්‍රද්ධා බලය වඩාද, වීර්‍ය්‍ය බලය වඩාද, ස්මෘති බලය වඩාද, සමාධි බලය වඩාද, ප්‍රඥාබලය වඩාද, උපෙක්ෂාව සමග පැවැත්තාවූ ශ්‍රද්ධෙන්ද්‍රිය වඩාද, වීය්‍යෙ_න්ද්‍රිය වඩාද, සතින්ද්‍රිය වඩාද, සමාධින්ද්‍රිය වඩාද, පඤ්ඤින්ද්‍රිය වඩාද, ශ්‍රද්ධා බලය වඩාද, වීර්‍ය්‍ය බලය වඩාද, ස්මෘති බලය වඩාද, සමාධි බලය වඩාද, ප්‍රඥාබලය වඩාද, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන පිණ්ඩ භෝජනය අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් කියනුම කවරේද?
6 වැනි වර්ගයයි
(අච්ඡරාසඞ්ඝාත වර්ගයෙහි පෙය්‍යාල මුඛයෙන් සූත්‍ර එකසිය අසූ දෙකක් දක්වන ලදි.)