1. 16. 6. 73-82.
අසුභ සංඥාව වඩාද, මරණසඤ්ඤාව වඩාද, ආහාරයෙහි පිළිකුල් සඤ්ඤාව වඩාද, නොඇලීම් සංඥාව (කලකිරීම) වඩාද, (පඤ්චස්කන්ධය) අනිත්යය යන සංඥාව වඩාද, අනිත්යවූ ස්කන්ධපඤ්චකයෙහි දුක යන සංඥාව වඩාද, දුක්වූ ස්කන්ධ පඤ්චකයෙහි අනාත්ම සංඥාව වඩාද, ප්රහාණ සංඥාව වඩාද, චිරාග සංඥාව වඩාද, නිර්වාණය අරමුණුකොට උපන් නිරෝධසඤ්ඤාව වඩාද,
1. 16. 6. 83-92.
අනිත්ය සංඥාව වඩාද, අනාත්මයක් නැතැයි යන සංඥාව වඩාද, මරණ සංඥාව වඩාද, ආහාරයෙහි පිළිකුල් සංඥාව වඩාද, සියලු ලෝකයෙහි කලකිරීම් සංඥාව වඩාද, (ශරීරය) ඇටසැකිල්ලෙක යන දෘෂ්ඨික සංඥාව වඩාද, (පණුවන් ගෙන් මිශ්රය යන) පුළවක සංඥාව වඩාද, (මළ පසු විශේෂයෙන් නිල්වගිය ශරීරය අරමුණුකොට උපන්) විනීලක සංඥාව වඩාද, (මළ පසු විශේෂයෙන් හටගත් සිදුරු ඇති සිරුර අරමුණුකොට උපන්) විච්ඡිද්රක සංඥාව වඩාද, (මළ පසු ඉදිමී ගිය ශරීරය අරමුණුකොට උපන්) උද්ධුමාතක සංඥාව වඩාද,
1. 16. 6. 93-102.
බුදුගුණ අරමුණු කොට උපන් සිහිය වඩාද, දහම් ගුණ අරමුණුකොට උපන් සිහිය වඩාද, සඟ ගුණ අරමුණු කොට උපන් සිහිය වඩාද, ශීල ගුණය අරමුණුකොට උපන් සිහිය වඩාද, ත්යාග ගුණය අරමුණුකොට උපන් සිහිය වඩාද, දෙවතාවන් සාක්ෂි ස්ථානයෙහි තබා තමන්ගේ ශ්රද්ධාදී ගුණයන් අරමුණු කොට උපන් සිහිය වඩාද, ආශ්වාස ප්රශ්වාසය අරමුණුකොට උපන් සිහිය වඩාද, මරණය අරමුණු කොට උපන් සිහිය වඩාද, කෙසාදී කාය කොට්ඨාශයන් අරමුණුකොට උපන් සිහිය වඩාද, කෙලෙසුන් සංසිඳීම අරමුණුකොට උපන් සිහිය වඩාද,
1. 16. 6. 103-142.
ප්රථමධ්යානය සමග පැවැත්තාවූ ශ්රද්ධෙන්ද්රිය වඩාද, වීය්යෙ_න්ද්රිය වඩාද, සතින්ද්රිය වඩාද, සමාධින්ද්රිය වඩාද, පඤ්ඤින්ද්රිය වඩාද, ශ්රද්ධාබලය වඩාද, වීර්ය්යබලය වඩාද, ස්මෘතිබලය වඩාද, සමාධිබලය වඩාද, ප්රඥාබලය වඩාද, ද්විතීය ධ්යානය සමග පැවැත්තාවූ ශ්රද්ධෙන්ද්රිය වඩාද, වීය්යෙ_න්ද්රිය වඩාද, සතින්ද්රිය වඩාද, සමාධින්ද්රිය වඩාද, පඤ්ඤින්ද්රිය වඩාද, ශ්රද්ධා බලය වඩාද, වීර්ය්ය බලය වඩාද, ස්මෘති බලය වඩාද, සමාධි බලය වඩාද, ප්රඥාබලය වඩාද, තෘතීය ධ්යානය සමග පැවැත්තාවූ ශ්රද්ධෙන්ද්රිය වඩාද, වීය්යෙ_න්ද්රිය වඩාද, සතින්ද්රිය වඩාද, සමාධින්ද්රිය වඩාද, පඤ්ඤින්ද්රිය වඩාද, ශ්රද්ධා බලය වඩාද, වීර්ය්ය බලය වඩාද, ස්මෘති බලය වඩාද, සමාධි බලය වඩාද, ප්රඥාබලය වඩාද, චතුර්ථධ්යානය සමග පැවැත්තාවූ ශ්රද්ධෙන්ද්රිය වඩාද, වීය්යෙ_න්ද්රිය වඩාද, සතින්ද්රිය වඩාද, සමාධින්ද්රිය වඩාද, පඤ්ඤින්ද්රිය වඩාද, ශ්රද්ධා බලය වඩාද, වීර්ය්ය බලය වඩාද, ස්මෘති බලය වඩාද, සමාධි බලය වඩාද, ප්රඥාබලය වඩාද,
1. 16. 6. 143-182.
මෛත්රිය සමග පැවැත්තාවූ ශ්රද්ධෙන්ද්රිය වඩාද, වීය්යෙ_න්ද්රිය වඩාද, සතින්ද්රිය වඩාද, සමාධින්ද්රිය වඩාද, පඤ්ඤින්ද්රිය වඩාද, ශ්රද්ධා බලය වඩාද, වීර්ය්ය බලය වඩාද, ස්මෘති බලය වඩාද, සමාධි බලය වඩාද, ප්රඥාබලය වඩාද, කරුණාව සමග පැවැත්තාවූ ශ්රද්ධෙන්ද්රිය වඩාද, වීය්යෙ_න්ද්රිය වඩාද, සතින්ද්රිය වඩාද, සමාධින්ද්රිය වඩාද, පඤ්ඤින්ද්රිය වඩාද, ශ්රද්ධා බලය වඩාද, වීර්ය්ය බලය වඩාද, ස්මෘති බලය වඩාද, සමාධි බලය වඩාද, ප්රඥාබලය වඩාද, මුදිතාව සමග පැවැත්තාවූ ශ්රද්ධෙන්ද්රිය වඩාද, වීය්යෙ_න්ද්රිය වඩාද, සතින්ද්රිය වඩාද, සමාධින්ද්රිය වඩාද, පඤ්ඤින්ද්රිය වඩාද, ශ්රද්ධා බලය වඩාද, වීර්ය්ය බලය වඩාද, ස්මෘති බලය වඩාද, සමාධි බලය වඩාද, ප්රඥාබලය වඩාද, උපෙක්ෂාව සමග පැවැත්තාවූ ශ්රද්ධෙන්ද්රිය වඩාද, වීය්යෙ_න්ද්රිය වඩාද, සතින්ද්රිය වඩාද, සමාධින්ද්රිය වඩාද, පඤ්ඤින්ද්රිය වඩාද, ශ්රද්ධා බලය වඩාද, වීර්ය්ය බලය වඩාද, ස්මෘති බලය වඩාද, සමාධි බලය වඩාද, ප්රඥාබලය වඩාද, මේ මහණතෙම හිස් නොවූ ධ්යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන පිණ්ඩ භෝජනය අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් කියනුම කවරේද?
6 වැනි වර්ගයයි
(අච්ඡරාසඞ්ඝාත වර්ගයෙහි පෙය්යාල මුඛයෙන් සූත්ර එකසිය අසූ දෙකක් දක්වන ලදි.)
[7. කායගතාසතිවග්ගො]
563. සමුද්දන්තොගාධ සූත්රය
“මහණෙනි, යම්කිසිවෙකුගේ සිතින් මහා සමුද්රය තෙම ස්පර්ශකරණ ලද්දේ වේද ඔහුගේ සිතට සමුද්රය කරා ගලායන්නාවූ යම්කිසි කුඩා නදීහු වෙත්නම් ඔවුහු ඇතුළත් වෙතිද, මහණෙනි, එපරිද්දෙන්ම යම්කිසිවෙකු විසින් කායගතානුස්මෘතිය වඩන ලදද බහුල වශයෙන් කරණලදද ඔහුගේ ඒ භාවනාවට විද්යාව භජනය කරන්නාවූ (එහි කොටස්වූ) යම්කිසි කුශලධර්මයෝ වෙත් නම් ඔවුහුද ඇතුළත් වෙති”
564-570. මහා සංවෙග සූත්රය
“මහණෙනි, එක ධර්මයක් තෙම (භාවනා වශයෙන්) වඩන ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ මහත්වූ සංවෙගය (විදර්ශනාව) පිණිස පවතී, මහත්වූ අර්ථය (සතරමාර්ගඥානය) පිණිස පවතී, මහත්වූ යොගක්ෂෙමය (නිර්වාණය) පිණිස පවතී, ස්මෘතිය හා ඥානය (සිහිනුවණ) පිණිස පවතී, දිව්යචක්ෂුරභිඥාන ප්රතිලාභය පිණිස පවතී, මේ ආත්මභාවයෙහි සැප විහරණය පිණිස පවතී, විද්යාවිමුක්තීන්ගේ පල පසක් කිරීම (අර්හත්වය) පිණිස පවතී. ඒ කවර නම් එකධර්මයක්ද? කායගතානුස්මෘතියයි. මහණෙනි, මේ එකම ධර්මය වනාහි වැඩූ කල්හි බහුල වශයෙන් පුරුදු කළ කල්හි මහත්වූ සංවෙගය පිණිස පවතී, මහත්වූ අර්ථය පිණිස පවතී, මහත්වූ යොගක්ෂෙමය පිණිස පවතී, ස්මෘතිසම්ප්රජන්යය පිණිස පවතී, ඥානදර්ශන ප්රතිලාභය පිණිස පවතී, දිට්ඨධම්ම සුඛ විහරණය පිණිස පවතී, විද්යාවිමුක්තීන්ගේ පල පසක් කිරීම පිණිස පවතී.”
571. කායචිත්ත පස්සම්භන සූත්රය
“මහණෙනි, එක ධර්මයෙක් වැඩූ කල්හි බහුල වශයෙන් කළ කල්හි කයද සංසිඳේ, සිතද සංසිඳේ. විතර්ක විචාරයෝද සංසිඳෙත්. (විද්යාව හා සම්බන්ධවූ) විද්යාභාගීය සියලු ධර්මයෝ භාවනාවෙන් සම්පූර්ණ බවට පැමිණෙත්. කවර නම් එකම ධර්මයක්ද? කායගතානුස්මෘතියයි. මහණෙනි, මේ එකම ධර්මය වනාහි වැඩූ කල්හි බහුල වශයෙන් පුරුදු කළ කල්හි කයද සංසිඳෙයි. සිතද සංසිඳෙයි, විතර්ක විචාරයෝද සංසිඳෙත්. (අෂ්ට) විද්යාව භජනය කරන්නාවූ සියලුම ධර්මයෝ භාවනාවෙන් සම්පූර්ණ බවට පැමිණෙත්.”
572. අනුප්පන්නාකුසල සූත්රය
“මහණෙනි, එකම ධර්මයක් වඩන ලද කල්හි බහුල වශයෙන් පුරුදු කරණ ලද කල්හි නූපන්නාවූ අකුසල ධර්මයෝද නූපදිත්, උපන්නාවූ අකුසල ධර්මයෝද නැසෙත්. ‘කවර නම් එකම ධර්මයෙක්ද? කායගතා සතියයි. මහණෙනි, මේ එකම ධර්මය වනාහි වැඩූ කල්හි බහුලවශයෙන් පුරුදු කළ කල්හි නූපන්නාවූ අකුශල ධර්මයෝද නූපදිත්, උපන්නාවූ අකුශල ධර්මයෝද නැසෙත්.”
573. අනුප්පන්න කුසල සූත්රය
“මහණෙනි, එකම ධර්මයෙක් වඩන ලද කල්හි බහුල වශයෙන් පුරුදු කරණ ලද කල්හි නූපන්නාවූ කුශල ධර්මයෝද උපදිත්, උපන්නාවූ කුශල ධර්මයෝද බහුලභාවය පිණිස විපුලභාවය පිණිස පවතිත්. “කවර නම් එකම ධර්මයෙක්ද? කායගතාසතියයි. මහණෙනි, මේ එකම ධර්මය වනාහි වඩන ලද කල්හි බහුල වශයෙන් පුරුදු කරන ලද කල්හි නූපන්නාවූ කුසල ධර්මයෝත් උපදිත්, උපන්නාවූ කුසල ධර්මයෝද බහුල භාවයට විපුල භාවයට පැමිණෙත්.”